Wednesday, August 20, 2014

14 වසරකට පසු යකඩ ගැහැණිය නිදහස් කරයි


මනිපුරයේ ඉරෝම් ශර්මිලා ව ඉන්දිය පොලීසිය අත්අඩංගුවට ගත්තේ 2000 වසරේදීය. ඒ අැය විසින් ආරම්භ කළ උපවාසය නිසාය. මනිපුර්යේ බස් නැවතුම් පොලකට ඉන්දීය හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාර වලින් ළමුන් දෙදෙනෙකු ඇතු`ථ දස දෙනෙක් මරුමුවට පත්විය.
ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදි වැළක්වීමේ පතනට නෑකම් කියන ඉන්දීය හමුදාව සඳහාවු විශේෂ බලතල පනත ක්‍රියාත්මක වන මනිපුරයේ සිදුකළ මෙම ඝාතනයට වගකිව යුතු හමුදා නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරිම නිසා ඉරෝම් ශර්මිලා උපවාසය ආරම්භ කළෙය.
ඉන්දීය නීතිය යටතේ සිය දිවි හානිකර ගැනීමට තැත් කිරිම වරදකි. උපවාස කිරිම සියදිවි හානි කර ගැනීමට තැත් කිරිමක් ලෙසට සලකා අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර  බලහත් කාරයෙන් නල මගින් ආහාර දීමට පියවර ගත්තේය.
දවසට කිහිප වරක් නල මගින් ආහාර ශරිර ගත කරමින් වසර 14 ක් ඇයව බන්ධනාගාර රොහලේ  තබාගෙන සිටි ඇයව නිදහස් කරන ලෙසට අධිකරණය නියෝග කළේය.  නිදහස්වු ඇය හමුදා වල මිනිමැරිම් දුෂණ වලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනා යුතු බව හා හමුදාවල මිනිස් ඝාතන ඇතුලූ නීති විරෝධි ක්‍රියාවන් ට ඉඩ සලසා ඇති හමුදාවලට විශෙෂ බලතල දෙන පනත අහෝසි කරන තුරු උපවාසය අත්නොහරින ඇතැයි විශිවාස කෙරේ.

හමුÞව සිදුකරන අපරාධ වලට දුවම් නොලබා සිටිමට වරම් ලබාදී තිඛෙන මෙම පනත ඉවත් කළ යුතු බව මානව හිමිකම් ක්‍රියා කාරින්ගේ හා නිදහස් මතධාරින් ගේ අදහසයි.

No comments:

Post a Comment