Saturday, August 30, 2014

පොලීසියත් ප්‍රාෙද්ශිය ෙල්කම් වරයාත් චීවරධාරියා බළල් අතක් කරගනී.


2014. 12.26  සුනාමියෙන් අවතැන් වූවන් වසර 10 ක් ගෙවීමට ආසන්නව තිබිය දීත් අවතැන් වූවන්ට සුනාමිය ඉවර වී නැත.

බේරුවල සුනාමියෙන් අවතැන් වූවන්ට ආධාර ලබාගෙන, නිවාස හදා දී මහත් ප්‍රසිද්ධියක් ලබා දී ඒවායේ පදිංචිකරුවන්, පලවා හැරීමට පන්සල් පල්ලි දරන උත්සාහයන් පිළිබඳව වාර්තා වේ.

පයාගල මලේගොඩ, පන්සල් වත්තේ, නන්දනායක නැමති චීවරධාරියා විසින් සුනාම් ආධාර යටතේ නිවාස ඉදිකර, සුනාමියෙන් අවතැන් වූ බෞද්ධයින්ට එම නිවාස බෙදාදෙන බව ප්‍රසිද්ධ කර, සුනාමියෙන් අවතැන් වූ පවුල් කිහිපයකට ලබා දී ඉතිරිවා වෙනත් අයට පවරා ඇත.

මෙම නිවාස වලින්, එම පවුල් පලවා හැරීමට, මෙම චීවරධාරියා බළල් අතක් කරගන්නට උත්සාහ ගන්නේ පයාගල පොලීසිය හා බේරුවල ප්‍රාෙද්ශිය ලේකම්වය.

තමන්ට නීත්‍යානුකූලව හිමි වූ නිවාස වලින් පන්නා දැමීමට පොලීසියට හෝ ප්‍රාෙද්ශිය ලේකම්වරයාට හැකියාවක් නැත.

ඒ පිළිබඳව මෙම පිරිස මානව හිමිකම් කොම්ෂමට පැමිණිලි  කර තිබේ.




No comments:

Post a Comment