Tuesday, August 19, 2014

මළ කතුන් 100ක් දුෂණය කළා.


මළමිනී දුෂණය කල මෝචරි සේවකයාව සේවයේ යෙදවූ, ඔහියෝ ප්‍රන්තයේ ප්‍රාදේශීය සභාවට එරෙහිව, වන්දි ඉල්ලා නඩු පැවරීමට, මියගිය අයගේ ඥතීන් පියවර ගෙන තිබේ.
ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ මිනී කාමර සේවකයකු ට, මිය ගිය ස්ත්‍රින් දුෂණය කිරීමට ඉඩ හැරීමට ප්‍රාදේශීය සභාව වගකිවයුතු බව පවසන, මියගිය කතුන්ගේ ඥතීන්, සිය ගණනක් මළ කතුන් දුෂණය කරන තෙක් ප්‍රාදේශීය සභාව සුපරික්ෂාකාරී නොවීම මගින් සිය වගකීම් පැහැර හැර ඇති බවට චෝදනා කරයි.
කෙනෙත් ඩග්ලස් නම් වූ මෙම මිනී කාමර සේවකයා, තමා 100කට අධික කාන්තා මළ සිරුරු සමග ලිංගිකව හැසිරී ඇති බව අධිකරණය හමුවේ පිළිගෙන තිබේ.
මොහුගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, මොහුව අත්අඩංගුවට ගත් එරට පොලිසිය, මරා දමන ලද 17 හැවිරිදි තරුණියකගේ සිරුරේ තැන්පත්ව තිබූ ශුක්‍රාණු ඞී.එනඒ.පරීක්ෂණ මගින් මොහුගේ බවට අනාවරණය කරගෙන තිබේ.මෙම තරුණිය ඝාතනය කළ තර්ණයා මිනි මැරිමේ චොදනාව පිළිගත් නමුත් දුෂණය කිරිමේ චොදනාව ප්‍රතික්ෂේප කර තිබින. මෙම සොයා ගැනීම නිසා මෙම තරුණිය දුෂණ කොට මරා දමන ලද බවට චෝදනාවෙන්, දුෂණය කිරීමේ චෝදනාවෙන් නිදහස් වීමට මිනීමරුවාට හැකි විය.
මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන තමා, රාත්‍රි  වැඩ මුරයේදී, ශීතකරණවල බහා තිබෙන ස්ත්‍රි මළ සිරුරු එළියට ගෙන, තම ලිංගික ආශාවන් මුදුන් පමුණුවා ගන්නා බව ඔහු අධිකරණයේදී පවසා තිබේ. කෙනෙත් ඩග්ලස් මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවෙක් හා අසාමන්‍ය හැසිරිම් ගැන පැමිණිලි ලැබී තිබුන ද ප්‍රාදේශිය සභාව ඔහු හා අදාල පියවර නොගැනීමේ චොදනාවට ලක්ව තිබේ.
වගකීම, වගවීම, නීතිය කුමක්ද යන්න පැහැදිලි කෙරෙන තවත් උදාහරණයකි මේ.


No comments:

Post a Comment