Tuesday, August 19, 2014

පකිස්ථානයේ හින්දුන් ව බලත්කාරයෙන් මුස්ලිම් කරයි

.
පකිස්ථානයේ හින්දු භක්තිකයින් බලයෙන් මුස්ලිම් ආගමට හැරවීමේ ක්‍රියාදාමය හමුවේ එරට ආණ්ඩුව මුනිවත රකින බවට චෝදනා කරන, සු`ඵතරයක් වූ හින්දු භක්තිකයන්, විරුද්ධවන්නන් මරා දමන බවට තර්ජණය කරන බවද කියා සිටී.
මේ වසරේ 1000ක ට ආසන්න හින්දු තරුණියන් බලහත්කාරයෙන් මුස්ලිම්වරුන්ට කසාද බන්දවා දී තිබේ. මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ මෙම සංඛ්යාව ඊට බෙහෙවින් වැඩිවිය හැකි බවයි.
පකිස්ථානයේ සින්දි ප්‍රාන්තයේ වෙසෙන මිලියන දෙකක් පමණවූ හින්දු භකිත්කයින්, අඩු කුලවලට අයත් බවත්, බහුතරය දුගීන් බවත් ප්‍රකාශ වේ.
මෙම හින්දු වැසියන්ගේ දුවරුන් පැහැරගෙන යෑම සිදුකරන අතර, බලහත්කාරයෙන් මුස්ලිම්වරුන්ට බන්දවා දීමට ක්‍රියා කරන්නේ, හින්දු භක්තිකයින් පකිස්ථානයෙන් තුරන්  කිරීමේ අරමුණින්ය.
තම දියණියව විවාහ කර දෙන ලෙසට, රිවෝල්වරයක් ඔලූවට තබා, ව්‍යාපාරිකයකුවූ ජමිල් සෝලන්ජි ගේ ක්‍රියාවට විරුද්ධව, එරට පොලිසිය නිහඬ බව - දම්මෝ සෝබි ප්‍රකාශ කරයි.

ලොව පුරාම අන්‍ය ආගමිකයින් ඝාතනය කර දැමීම, බලහත්හත්කාරයෙන් මුස්ලිම් ආගමට හැරවීම මැද පෙරදිග, ඇෆ්ගනිස්ථානය, ඉරානය හා පකිස්ථානයෙන් සිදුවන අතර, අන් රටවල අන්‍යාගමික තරුණියන් විවාහ කර ගැනීම මගින්, මුස්ලිම් කරණය සිදු කරයි.

No comments:

Post a Comment