Saturday, August 30, 2014

මළවුන් නැගිටීම - මළගිය ඇත්තෝ මිනී කාමරය තුල දඟලති.


54 හැවිරිදි බ්‍රසීලියානු ජාතික ඔලිවරියා මිය ගිය බවට තීරණය කළ වෛද්‍යවරු මෘත දේහය මිනී කාමාරයට බාර දී ඥාතීන්ට දැනුම් දුන්නේය.
පැය දෙකකට පමණ පසුව මෘත දේහයට ඇදුම් ඇන්දවීමට මිනී කාමරය තුළට ගිය ඥාතියාට දැක ගන්නට හැකි වූයේ මෘත දේහය බහා තිබූ බෑගය දඟලන බවයි.
වහා අන් අයවද කැඳවා, පරීක්ෂා කළ විට, දුටුෙව් දෙපා එක්කර බැඳ නාස් පුඩු වලට හා කන් වලට පුළුන් ගසා තිබූ තම ඥාතියා අපහසුවෙන් හුස්ම ගන්නා බවයි.

මළ බවට තීරණය කොට, මෘත ශරීරාගාර වලට දමනු ලැබූ රෝගීන් මියගොස් නැති බවට සොයාගත් අවස්ථා ගණනාවක් වාර්තා වී තිබේ.

මෙම වසර ජනවාරි මස, වස පානය කරන ලද මිය ගිය බවට තීරණය කරන ලද කෙන්යානු ජාතිකයෙකු පසුදින නැගිටීම නිසා රෝහලම විශ්මිත වූ බව වාර්තා විය.

කැලිපෝනියාවේ රෝහලක මිය ගිය බවට ප්‍රකාශ වූ 80 හැවිරිදි, මරියා මිය ගියේ මෘත ශරීරාගාරයේ ශීතකරණය තුළ බව, ප්‍රකාශ කරන ඇගේ පවුලේ උදවිය, රෝහලින් වන්දි ලබා ගැනීම ට පවරන ලද නඩුව තවමත් පවතී. මෙම සිද්ධිය 2010 දී සිදු වූවකි.






No comments:

Post a Comment