Friday, August 15, 2014

පොලීස් ඝාතකයින්ට එරෙහිව ඇමෙරිකානුවෝ පාරට බසිති.




ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසොරි ජනයා, පොලිස් මෘග ක්‍රියාවන්ට හා ඝාතන වලට එරෙහි, විරෝධය පළ කිරීම සහා නිව්යෝර්ක් ටෛයිම්ස් චතුරස්‍රයට එක්විය.

පොලිස් වෙඩි පහර වලින් මෘග ක්‍රියා වලින් මිය ගිය හා හිංසනයට පත් වූවන්ට සහයෝගීත්වය දැක්වීම සහා එක්වූ පිරිස්, පසුව විරෝධතාවයන් පළ කිරීම නිසා ඔවුන් විසුරුවා හැරීමට කුලු ගෑස් හා බල්ලන් උපයෝගී කර ගත්තේය.

ප්‍රාන්තය පුරා පැතිර යන විරෝධතා මැඩලීමට ප්‍රාන්ත පොලීසිය ඉවත් කර, මධ්‍යම පොලීසිය යොදවා ඇති අතර, සන්සුන්වන්න යයි ජනාධිපති බැරක් ඔබාමා ජනතාවගෙන් ඉල්ලා තිබේ.

මෙම සිද්ධීන් පිළිබව අදහස් දක්වන, එරට ඩිමොක්‍රටීක් නියෝජිත වරයා, මේ වන විට පොලීසිය හමුදාකරණය වී ඇතැයිද, එම නිසා ස්වයංක්‍රීය ගිණි අවි ඇතුළු අනෙකුත් ගිණි අවි භාවිතය සීමා කිරීමට පියවර ගත යුතු බව කියා තිබේ.

නගරයේ වීථි තිබිය යුත්තේ ජනයාට තම දෛනික කටයුතු කරන්නට මිස, යුද්ධ ටැංකි හා ස්වයංක්‍රීය ගිණි අවි (ඵම්16) සහා නොවේ යැයි ද, ඔහු පවසා තිබේ.

පොලීසිය, හමුදාකරණයෙන් ඉවත් කිරීමට තමා, යෝජනා කරන බවද, ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ පොලිස් අපරාධ දිනෙන් දින වර්ධනය වන අතර, එම අපරාධ වසන් කරන්නට, එම අපරාධ කරන පොලිස්කාරයින් රකින්නට, පොලීසිය බාර ඇමති වශයෙන් ජනාධිපති රාජපක්ෂ කටයුතු කරන අතර, මේ වන විට සෑම පොලිස්කාරයෙකුගේම අතට ස්වයංක්‍රීය පිස්තෝල (රිවෝල්වර්) ලබා දීමට පියවර ගෙන තිබේ.

පසුගිය දා නිරායුධ තරුණයෙකු ඝාතනයට එම අවි භාවිතා කළ අතර, අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට වධ දීම, මරා දැමීම සිදු කරයි.

එම අපරාධ කරන පොලිස්කාරයින් ආරක්ෂා කරමින් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු වෙනුවට උසස්වීම් ලබා දී අනෙක් පොලිස්කාරයයින් ට ද ඔවුන්ව ආදර්ශයට ගන්නා ලෙසට අනියමින් ප්‍රකාශ කරයි.



No comments:

Post a Comment