Thursday, August 21, 2014

ඉන්දිරා ගාන්ධි ඝාතන චිත‍්‍රපටය තහනම් කරයි.

අද, 22 සිකුරාදා මෙම චිත‍්‍රපටය ප‍්‍රදර්ශණයට නියමිතව තිබිණ. 1984 දි ඉන්දිරා ගාන්ධිව ඝාතනය කළේ ඇගේ රැුකවලූන් දෙදෙනා විසින්ය. ෂික් ජාතිකයින් වු මෙම ආරක්ෂකයින් දෙන්නා ඉන්දිරා ගාන්ධිව ඝාතනය කළේ 1984දි පන්ජාබයේ ෂික් සටන්කාමින් සැ`ගවී සිටි රන්දෙවොල ආක‍්‍රමණය කිරිමට පළිගැනිම සඳහාය. 
”පන්ජාබයේ දියමන්ති” යන අරුත ඇති "කවුන් දේ හීරේ” පාන්ජාබ් චිත‍්‍රපටය මගින් ඉන්දිරා ගාන්ධිව ඝාතනය කළ ආරක්ෂකයින්ව වීරයින් කර ඇති බවට නැගෙන චෝදනාව චිත‍්‍රපටය තහනම් කිරිමට හේතු වී තිබේ.
මෙම චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය කළහොත් ජන කැළඹීම් ඇති විය හැකි බවට පාලක භාරතීය ජනතා පක්ෂය මෙන්ම කොන්ග‍්‍රස් පක්ෂයද බිය පළකර ඇත. ඉන්දිරා ගාන්ධි ඝාතනය සමග නව දිල්ලි නුවර ෂික් ජාතිකයින් දහස් ගනනක් මරා දමනු ලැබීය. එම අතීතය තවමත් රැව් පිළි රැව් දෙති.

ඉන්දිරා ගින්ධිට වෙඩි තැබු බියන්ට් සිං ව ඊට ටික වේලාවකට පසුව පොලීසිය වෙඩි තබා මරා දමන ලද අතර, සැවනන්ට් සිං ව නඩු විභාගයෙන් පසුව එල්ලා මරා දමනු ලැබීය. මෙම ෂික් ජාතිකයින් වටා චිත‍්‍රපටය ගොඩනගා තිබේ.

තම චිත‍්‍රපටයේ වීරයින් හෝ දුෂ්ටයින් නැති බව ප‍්‍රකාශකරන අධ්‍යක්ෂ රවින්ද්‍ර රවි තනම් ගැන විරෝධය පළකර තිබේ. මේ අතර චිත‍්‍රපට ප‍්‍රදර්ශණ සහතික නිකුත් කිරිම සඳහා අල්ලස් ලබාගත් බවට චෝදනා කර පසුගියදා මුම්බායි පොලීසය අත්අඩංගුවට ගත් එරට චිත‍්‍රපට පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක රකේෂ කුමාර හා මෙම චිත‍්‍රටයේ නිෂ්පාදක අතරද සම්බන්ධයක් තිබේ ද යන්න පිළිබඳව ද පරික්ෂණ පවත්වන බව ඉන්ධිය ප‍්‍රවෘති දේපාර්තුමේන්තුව ප‍්‍රකාශකර තිබේ. 

No comments:

Post a Comment