Wednesday, August 20, 2014

ඉස්ලාමීය අන්තවාදීන් ඇමෙරිකානු මාධ්‍යෙව්දියාගේ හිස ගසා දමයි.



2012 වසරේදී, සිරියානු ගැටුම් වාර්තා කිරීමේ නිරතව සිටි, ඇමෙරිකානු ජාතික ඡායාරූප ශිල්පී ජේම්ස් ෆොලේව, ඉස්ලාමීය අන්තවාදීන් පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා තබාගනු ලැබීය.

ඉස්ලාම් රජ්‍යය සංවිධානය නම් වූ (අයි.එස්.අයි.එස්.)  මෙම සංවිධානය, ඉරාකයේ හා සිරියාවේ ප්‍රෙද්ශයේ ගණනාවක බලය තහවුරු කරගෙන තිබේ.

අල්කයිඩා සංවිධානයට සම්බන්ධ මෙම ඉස්ලාමීය අන්තවාදී සංවිධානය විසින්, තම ඉල්ලීම් ලබා නොදුන්නහොත්, තම අත්අඩංගුවේ සිටින ඉතිරි ඇමෙරිකානු වන්ගේද, හිස ගසා දමන බව ට ප්‍රකාශ කර තිබේ.

ඉරාකයේ  අයි.එස්.අයි.එස් සංවිධානය බලය අල්ලාගෙන සිටින ප්‍රෙද්ශවලට ඇමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල කරමින් ඉරාක හමුදාවන්ට සහය පල කිරීම ආරම්භ කර ඇත.

මෙම ඇමෙරිකානු මාධ්්‍ය වේදියා ගේ හිස ගසා දැමීමට පෙර ඔහු ඇමෙරිකාවට ප්‍රකාශය කළ බවද, එම සංවිධානය කියා සිටී.

ලොව පුරා මාධ්‍යෙව්දීන් පැහැර ගැනීම මරා දැමීම හා තම අරමුණු ඉල්ලීම් දිනා ගැනීමට ප්‍රාණ ඇප කරුවන් ලෙසට රඳවා තබා ගැනීම වර්ධනය වී ඇති බව මාධ්‍යෙවේදීන්ගේ සංවිධාන ප්‍රකාශ කරයි.




No comments:

Post a Comment