Thursday, August 7, 2014

ඇමෙරිකානු රාජ්‍ය රහස් එළිකල ස්නොඩන්ට රුසියාවේ පදිංචියට අවසර


ඇමෙරිකානු ජාතික ආරක්ෂක එ්ජන්සියේ සේවය කළ එඞ්වඞ් ස්නොඩන් ඇමරිකානු රහස් තොරතුරු මිලියන 1.5ක් සමග පළමුවෙන් හෙංකොං වලට පැමිණ එතැනින් රුසියාවට පැමිණ ආරක්ෂාව පැතීය. වසරක් කාලයක් සඳහා රුසියාවේ සටීමට අවසර දුන්නේය. එම කාලය මෙම මස අවසන් වීමට නිය මිතව තිබින. ඔහු ගේ ඉල්ලිමක් සලකා බැලූ රුසියාව වසර තුනක් සඳහා පදිංචිව සිටීමට අවසරය දි තිබේ. මෙම අවසරය මත ස්නොඩන්ට රුසියාව තුළ සංචාරය කිරිමට හා විදේශ සංචාර සඳහා ද අවසර හිමි වේ.
එඞ්වඞ් ස්නොඩන් නිදහස් ලෝකය වීරයෙකු වශයෙන් සලකනු ලබන අතර ඔහු හෙළි දරව් කරන ලද තොරතුර නිසා ඇමෙරිකාවේ මිත‍්‍ර ජාතීන් අතර හා ඇමෙරිකානුව අතර ද බර පතල මතභේද ඇති විය. නාසා නමින් හඳුන්වන ඇමෙරිකානු ජාතික ආරක්ෂක එ්ජන්සිය වසර ගණනාවක සිට දුරකථන වලට සවන් දීම පරිඝණක තොරතුරු සොරාගෙන තිබෙන බව ඔහු හෙළි කළයේ. මෙම තත්වය තුල ඉදිරියට ජර්මනියේ සියලූ රාජ්‍ය රහස් කටයුතු සඳහා පරිඝනක බැහැර කර යතුරු ලියන භාවිතා කිරිමට පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment