Friday, August 15, 2014

නගරාධිපති කමට බල්ලෙක්.


අපේ රට බල්ලාට ගිහින් යයි කියති. මෙසේ කියන්නේ රටේ වගකිව යුතු තැන්වලට පත්ව සිටින්නන් ගේ හොර මැරකම්, දූෂණ, වංචා, අක්‍රමිකතා දැකය. නමුත් එම කියමන බල්ලන්ට නිගා කිරීමක් බව ද බොහෝ දෙනා පවසති.

නගරාධිපතිකමට, නිතරයෙන් පත් වූ මේ බල්ලා ඉන්නේ ඇමෙරිකාවේය. ඩියුක් නම් වූ මේ බල්ලාට, කොමෝරන්ට් නගරයේ, ගරු නගරාධිපති කමින් පිදුම් ලැබුවේය. බල්ලා නගරවාසීන් වෙනුවෙන් කළ සේවය සලකාය.

ඡන්ද ප්‍රචාරක කටයුතු කිසිවක් නොකළ ඩියුක් ට ගරු නගරාධිපතිකම පිරිනැමීමත් සමග, වසරකට සෑහෙන බලු කෑම පාර්සලයක් නගර වැසියන් පිරිනැමුවේය.


අපේ රටේ නගරාධිපති කම් ගන්න මිලියන ගණන් වියදම් කරන්නේ බලුකම් කරන්නට ය. නම්බු නාම ලැබෙන්නේ ද බලුකම් කරන්නට යැයි කිවහොත් උරණ විය හැකිය. 

No comments:

Post a Comment