Friday, August 22, 2014

පිල්ලේ ආරක්ෂක මණ්ඩලයට බැට දෙයි.



එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් පිළිබ මහ කොමසාරිස් නවී පිල්ලේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් වගකීමෙන් ක්‍රියා කළේ නම් දස දහස් ගණනක ගේ ජීවිත බේරා ගැනීමට හැකිව තිබුණ බව ප්‍රකාශ කළේය.

පටු අරමුණු සහා ආරක්ෂක මණඩලයේ නිත්‍ය සාමාජිකයින්, වැළැක්විය හැකිව තිබූ ගැටුම් නතර නොකළ බව උදාහරණ සහිතව පෙන්වා දුන්නේය.

සිරියාවේ හා යුක්ක්‍රේනය පිළිබව සහන් කරමින් ඇය පවසා සිටින්නේ ඇමරිකාව හා රුසියාව නිෂේධ බලය උපයෝගී කර ගනිමින් කටයුතු කිරීම නිසා, සිය සිය දහස් ගණනක් ජීවිත නැතිවෙන බවයි.

මානව හිමිකම් පිළිබ ගැටළු පවතින රටවල්, මානව හිමකිම් නිරීක්ෂකයින් කිහිප දෙනෙකුට අවසර දී අවි ආයුධ ලබා ගන්නා බවද, ඇය පෙන්වා දී තිබේ.


මෙම මස 31 සිය පදවියෙන් සමු ගන්නා පිල්ලේ, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහා විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍ය බව අවධාරණය කළේය.  

No comments:

Post a Comment