Wednesday, August 13, 2014

පිරිමි ඇඟට, ගුදමාර්ගයට කොච්චි ඉස්ම දාලා..........


උ.පො.ප චින්තක හා සැරයන් රංජි ඇස් වලට, නාසයට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට දමා අත් පා බැඳ එල්ලා පහරදි, බිම දමා පපුව උඩ නැග පහර දෙමින් වධ දී ඇත්තේ හොරණ, මුණගම දිලූම් සුරංග ටය. 27 හැවරිදි තිදරු පියෙක් වන මොහු ලේ වමය දමමින් පොලිස් කුඩුවේ නැගිට ගන්න බැරිව සිටන බව බිරිඳ පවසයි.

මේ බව ෆැක්ස් මගින් පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට දැනුම් දෙන ඇය සැමියාව හොරණ පොලීසියෙන් පැමිණ නීති අත්අඩංගුවට ගත්තේ 2014.08.12 දින දහවල් 12ට පමණ බවත් නීති විරෝධිව රඳවා තබාගෙන වධ දෙන බවත් පවසයි.

ඇය ඉල්ලා සිටින්නේ නොපමාව මැදිහත්ව වධදීම නවත්වා අධිකරණයට ඉදිරිපත් කර රොහල් ගත කරන ලෙසයි.

ජනාධිපති රාජපක්ෂ ගේ සෘජු පාලනය යටතේ පවතින පොලීසිය යොදවන්නේ නීතියට පටහැනිව අපරාධ සිදු කරවීමටය. නීති විරෝධි අත් අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, වධ දීම, බොරු නඩු දැමීම මගින් සාමාන්‍ය ජනයා මර්දනය කිරිමටය. මේ තවත් උදාහරණයක් පමණි. 

No comments:

Post a Comment