Sunday, August 3, 2014

ඊ බෝලා වසංගතයට බෙහෙත් නෑ.


මේ වන විට බටහිර අප්‍රිකානු රටවල් කිහිපයක, වසංගත තත්වයට පත්ව තිබෙන, ඊ බෝලා නමින් හදුන්වන වයිරස් රෝගය මැඩ පැවැත්වීමට හෝ රෝගය වැළදුනු අයට ප්‍රතිකාර වශයෙන්, කිසිදු ඖෂධයක් සොයා ගැනීමට නොහැකිව තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
මෙම රෝගය වැළදුන අයගෙන් සියයට අනූවක්ම මිය යන බවද එම සංවිධානය කියා සිටී.
මෙම වෛරසය ශරීරගතවූ විට, ප්‍රථම රෝග ලක්ෂණය වන්නේ අධික උණය. ඉන්පසු පාචනය, පෙනහලු හා වකුගඩු ආසාදනය ඇති වේ.
මෙම රෝගය වුරන්ගෙන් හා වවුලන්ගෙන් බෝවන බව සොයා ගෙන තිබේ. මෙම වෛරසය හැදුනු රෝගියෙක්ගෙන්, ඉතා පහසුවෙන් තවත් අයෙකු   ට වැළදේ.
එබැවින්, මෙම රෝගීන්ට ප්‍රථිකාර කිරීමේදී වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින් ආරක්ෂිත ඇදුම් පැල සිටිය යුතුවේ.

මෙම රෝගය වසංගත තත්වයට පත්ව ඇති රටවල් අතර ප්‍රමුඛ ස්ථානය හිමිව ඇත්තේ ගිනියාව, ලයිබේරියාව, සියරාලියොන් යන බටහිර අප්‍රිකානු රටවල්ය. මෙම රටවල් හදිසි තත්වය ප්‍රකාශයට පත්කර ඇත.

No comments:

Post a Comment