Saturday, August 30, 2014

යුක්තිය ගබ්සා කිරීමට පොලීසිය ලව්වා ගත් උත්සාහය වලකී.


කළුතර ග්‍රේස් කුමරි අනාථ නිවසින්, එහි උපන්දා සිට හැදී වැඩී තරුණයින් බවට, පත් ළමුන් පිරිසක්ව, එම නිවසින් පන්නා දැමීමට, එම අනාථ නිවාසයේ පාලකයින් වන කතෝලික සභාව උත්සාහ ගත්තේය.

එම උත්සාහයට යටත්වූ, එම නිවාසයේ තරුණියන් එයින් පිට වූ අතර, තරුණයින් එයට විරුද්ධ විය. ඒ අවස්ථාවේ කතෝලික සභාව, පයියාගල පොලීසිය හා එක්ව, එම තරුණයින් ඉවත් කරන ලෙසට කළුතර අතිරේක මහේසත්‍රාත් වරියගෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට ඉඩ දෙමින් එම අනාථ නිවසින් තරුණ ළමුන් ඉවත් කිරීමට නියෝග කරන ලදි. එම නියෝගය නීතියට පටහැනි හෙයින් එය අත්හිටවන ලෙසට කළුතර මහාධිකරණයට ඉල්ලීමක් කළේය.

එවක කළුතර මහාධිකරණ විනිසුරුවරයා, මහේස්ත්‍රාත්වරියගේ තීන්දුව නිවැරදි බව තහවුරු කළේය. මෙම තීන්දු අත්හිටවන ලෙසට ඉල්ලමින්, අභියාචනාධිකරණය වෙත යෑමට එම තරුණ ළමුන්ට සිදු විය.

තරුණ ළමුන් ඔවුන් හැදුනු වැඩුනු නිවසින් ඉවත් කිරිමට කළුතර අතිරේක මහේස්ත්‍රාත්වරිය දෙන ලද, කළුතර මහාධිකරණයේ එවක විනිසුරු අනුමත කළ තීන්දුව අත්හිටවූ අභියාචනාධිකරණය ඒ පිළිබව නඩුව විභාග කර, 2014.08.29 වන දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ අනාථ නිවසින් තරුණ ළමුන් ඉවත් කිරීමට දෙන ලද තීරණය වැරදි බවයි.

මෙම අභියාචනාධිකරණ තීන්දුව සියලු අවංක මානව හිමිකම් ක්‍රියාකාරින්ට ආරක්ෂකයින්ට වැදගත් වන්නකි.

කතෝලික සභාව ළමුන් අපයෝජනය කිරීම අදාලව විස්තර මෙයට ෙපර ඉදිරිපත් කර තිබේ.

මේ රටේ නීතිය මත පාලනය බි දැමීමට “බලය” ඇති පුද්ගලයින්, ආගමික ආයතන දරන උත්සාහයන් පිළිබඳව, අධිකරණ තීන්දු පදනම් කරගෙන, ජනයා දැනුවත් කිරීමට පියවර ගත යුතුව තිබේ.

සම්පූර්ණ නඩු තීන්දුව හා ඒවාට පදනම් වූ කරුණු යථා කාලයේ ඔබ අතට පත් කරනු ලබන බව සලකන්න.


No comments:

Post a Comment