Monday, August 4, 2014

දවස් 4ක් තිස්සේ නහයෙන් කටින් ලේ දානකන් ගහලා.


ධනුෂ්ක ෙග් මව හිමාලි 

ක`ඵතර උතුර පොලීසිය රාත‍්‍රී 4 ක් වධ දී, සිහි නැතිව කටින් ලේ දාන විට නාගාඩ රෝහලට ඇතුලත් කරන ලද විසි හැවරිදි තරණයාට එරෙහි ව අධිකරණයට බොරු වාර්තා ඉදිරිපත් කර රිමාන්ඞ් ගතකර පොලීසිය කරපු අපරාධය වසන් කිරීමට ගන්නා උත්සහයට ඉඩ නොතබන ලෙසට මව පොලිස්පති  ගෙන් හා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටී.

වාද්දුවේ 20 හැවරි දි මධුසංඛ ප‍්‍රනාන්දු ගේ මව නිමාලි ධම්මිකා මහත්මිය, 2014 පූලි 31 වන දින උදේ 9.00 ට පමණ, නිවසේ සිටිය දී, වාද්දුව පොලීසියේ ග‍්‍රාම ආරක්ෂක සුසන්ත හා පොලිස් කොස්තාපල් කුමාර යන දෙන්නා යතුරු පැදියකින් පැමිණ කටඋත්තරයක් අරගෙන එවන්නම් කියා රැුගෙන ගිය පුතාව රැුගෙන ගිය බවත්, 

එසේ ගෙනගියේ,  ග‍්‍රාම ආරක්ෂක සුසන්ත පැදවූ යතුරුපැදියේ පිටුපස වාඩි කරවා පුතාගේ අත්දෙක ඔහුගේ බඩ මැද්දෙන් තබා අත් දෙක එකතු කර මාංචු දමා බවත්, පො.කො. කුමාර, ගෙදර තිබූ අසල්වැසියෙකු ගේ යතුරු පැදිය අරගෙන ගිය බවත් පවසයි. 

ඇය වාද්¥ව පොලීසියෙන් විමසූ විට, පුතාව උතුරු ක`ඵතර පොලීසියට බාර දුන්න බව පැවසු නිසා  ක`ඵතර උතුර පොලීසියට ගිය ද ඇයට පුතාව ප‍්‍රශ්න කරන්න ගෙන ගොස් ඇති බව පවසා, හවසට කන්න අරන් වරෙන් කියා පිටත් කර හැරින ලද බව කියා සිටි.

රාත‍්‍රී 7.00 ට පමණ කෑම අරන් පොලීසියට ගියද පුතා කූඩුවේ හිටියේ නැති බව පවසන ඈ, රාත‍්‍රී 8.30 ට පමණ පොලිස් නිලධාරීන් දෙන්නෙක් පුතාව වත්තන් කරගෙන ඇවිත් කූඩුවට දැමු බවද,. එ් අවස්ථා වේ තමාට පහර දුන්න බව පුතා ඇයට පවන ලද බව පවසා සටී.

පසුවදා අගෝස්තු පළවෙනිදා උදේ 9.00 ට පමණ, උදේ කෑම අරන් ගිය විට ? කූඩුවෙන් අරන්, පිටිපස්සේ කාමරයකට ගෙනිහිල්ලා අත්දෙක කරකවා පිටුපසට අරන් මාංචු දමා එල්ලා පහර දුන්නා බව පවසා තිබේ.

ඊට පසුවදා, එනම් 02 දා, ඇය පුතාව බලන්න ගිය විට පසු දින රාත‍්‍රියේ පෙර පරිදිම, කූඩුවෙන් අරන් පිටිපස්සේ කාමරයට ගෙනගොස් ගැහැව්වා කියා පවසා තිබේ.

ඊට පසු දින 03 දා ඇය උදේ පොලීසියට ගිය විට එහි නිලධාරියෙක් අද, උසාවියේ ඇක්ටින් ළඟට දානවා කියා පවසා තිබේ. නමුත් උසාවි දැම්මේ නැති නිසා සවස 4.00 ට පමණ පොලීසියට ගිය විට  කූඩුවේ සිට පුතාව එළියට අරගෙන, අත් පිටුපසට තබා මාංචු දමා, පිටුපසට ගෙනිච්ච බවද ටික වෙලාවකින්  මට ගහන්න එපා බුදු අම්මෝ කිය මින් පුතා කෑ ගහනවා ඇසුන බවද එවිට ඇයට සිහිය නැති වු බවද කියා සිටී. සිහිය එන විටත් කුඩුවේ පුතා නොසිටි බව පවසන ඈ, සවස 5.30 ට පමණ පොලීසිය පිටිපස්සේ සිට ෂර්ට් කොලරයෙන් අල්ලා ගෙන කූඩුව ළඟට ගෙන ආ බව කියයි. එ් අවසථා වේ තමාට බිම දමාගෙන සපත්තු වලින් පපුවට ඔලූවට පහර දුන්න බව පුතා ඇයට කියා ඇත.

ඊට පසුදා (04 දින* උදේ 8.30 ට ක`ඵතර පොලීසියට ගිය විට කුඩුවේ සිටිය පුතා ඊයේ ? ත් අරන් ගිහිල්ලා ගැහැව බව ද පපුව රිදෙන්න බව පවසා තිබේ. ඇය එළියට වෙලා අදවත් පුතාව උසාවි ගෙනි යයි යන බලාපොරොත්තු වෙන් සිටින විට සර්, සර්, මෙන්න මල්ලි වැටුනා කියා කෑගසන සබ්දයට ඇය කූඩුව ළඟට ගිය විට තම පුතා බිම වැටි කටින් ලේ වැක්කෙරෙනවා දැක ඇත.  

රිසව් එකේ නිලධාරින් පුතාව කූඩුවෙන් එළියට අරගෙන බිම දිගා කර, ඇයට සිද්ධාලේපය බෝතලයක් දීලා පුතාගේ පපුවේ ගාන්න කියා ඇත. එසේ ගානකොට පුතාව ජීප් එකට අරගෙන ගොස් ඇයවද ජීප් එකට නන්වා ගෙන නාගොඩ රෝහලට ගෙන ගොස් තිබේ. පුතාව පරීක්ෂා කරලා තුනේ වාට්ටුවට ඇතුළත් කොට කළ පසුව පුතාගේ කකුල් දෙකට මාංචු දැමු බවද පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඔහු ළඟ මුරට තිබ් බවද ඇය කියා සිටි. 

පහර දීලා තියෙන්නේ, ක`ඵතර උතුර පොලීසියේ බංඩාර කියන නිලධාරියා පමුඛ තවත් කීප දෙනෙක් බව ඇය වැඩි දුරටත් කියා සිටී. ගෙදර හිටිය පුතාව, වාද්¥ව පොලීසියෙන් අරන් ගිහිල්ලා ක`ඵතර උතුර පොලීසියට භාර දී රාත‍්‍රී 4 ක් වධ දී, සිහි නැතිව කටින් ලේ දාන විට රෝහල් ගතකර ඉන්පසු අධිකරණයට බොරු වාර්තා ඉදිරිපත් කර රිමාන්ඞ් ගතකර පොලීසිය කරපු අපරාධය වසන් කිරීමට ඉඩ නොතබන ලෙසට ඇය සිය ලිඛිත පැමිණිල්ලෙන් ඉල්ලා සිටි. තවද තම පුතා ජීවත් වූවත් ඔහු ව සදාකාලික රෝගියෙකු බවට පොලිසිය පත්කර ඇති බව ද, ඇය ප‍්‍රකාශ කරයි.


No comments:

Post a Comment