Tuesday, August 19, 2014

වල් අරක්කු ඔත්තුකරුට පොලිසියම කෙලියි.


තිලකරත්න බුලත්සිංහල පොලිසියේ ඔත්තු කරුවෙකි. වසර දහයක පමණ කාලයක සිට, පොලිසියට ඔත්තු සපයන මොහුව, `දහා ස්ථානාධිපති ගුණරත්නගේ, චින්තක නම්වූ පොලිස් නිලධාරියාගේ ජංගම දුරකථන අංකද ලබාදී තිබිණ.
බුලත්සිංහල ප්‍රදේශයේ සරුවට කෙරෙන වල් අරක්කු (කසිප්පු) හා ගංජා ජාවාරම මැඩලීමේ දැහැමි සිතින් පොලිසියට ඔත්තු ලබාදුන් බව ඔහු ප්‍රකාශ කරයි.
පසුගිය දිනෙක, ප්‍රදේශයේ ජීඞ් නමින් හඳුන්වන පුද්ගලයා වල් අරක්කු විකුණන බවට, ආරංචිය තිලකරත්නට ලැබිණ. ස්ථානාධිපති ගුණරත්න කියා තිබුනේ, ඔත්තුව තිතටම දිය යුතු බවයි. එ් උපදෙස් අනුව, තමා උපාය දුතයෙකුගේ වෙස්ගෙන ජීඞ් ගේ නිවසට ගියේය.
නාඳුණන අයට වල් අරක්කු විකිණීම, ගෙදර කතුන්ට තහනම් විය. තිලකරත්න පළමුවෙන් වතුර වීදුරුවක් ඉල්ලාගෙන බී, තම අවශ්‍යතාවය කියා පෑවේය. ඔහුට රු: 300/=කට වල් අරක්කු පැකට් දෙකක් ගන්නට හැකි විය.
සතුටු සිතින් වල් අරක්කු පැකට් දෙකද අරගෙන මහමගට පිවිසි ඔහුට මුලිච්චිවූයේ බුලත්සිංහල පොලිසියේ සිවිල් ඇඳගත්තු නිලධාරීන් තිදෙනෙක්ය.
ඔවුන්ට, තිලකරත්න ගොදුරක් විය. පහර කිහිපයක් ගසා, කුදලාගෙන ඇවිත්, වහාම පොත්පත්වල තම ජයග්‍රහනය ලිව්වේය. වල් අරක්කු පැකට් වලට අලවන්න තිලකරත්නගේ ඇගිලි සලකුණුද කොළ කැබලිවලට ගත්තේය.
මෙම මස 27 මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියම කල පොලිසිය, තිලකරත්නව පොලිස් ඇපයක් මත මුදාහළේය.
තමා හොඳින් දන්නා, ස්ථානාධීපතිපති ගුණරත්න හමුවී, ඔහු කාරණය කියා සිටියේය. ස්ථානාධීපති ගුණරත්නගේ උත්තරය වූයේ දැන් පරක්කු වැඩියි, නඩුදාලා තියෙන්නේ කියා .
තිලකරත්න, වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීම ගැන පොලිස්පතිට හා `ඵතර  පොලිස් අධිකාරිට ලිඛිතව පැමිණිලි කර, සහන අපේක්ෂාවෙන් සිටී.
තිලකරත්න පොලිස්පතිට හා `ඵතර  පොලිස් අධිකාරිට ලියන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් කර ඇත.
මෑතක සිට හල්වතුර ප්‍රදේශයේ සංවිධානාත්මකව සිදුකෙරෙන නීති නීතිවිරෝධී මත්පැන් හා මත් ද්‍රව්‍යය (ගංජා) අළෙවි කරන ස්ථාන වැටලීම මගහරින පොලිසිය, වැඩ නිමවී, මත්පැන් පානය කර නිවෙස් බලා යන පුද්ගලයින්ට පහරදී නඩු පැවරීම සිදුකරන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි.”

මෙම තත්වය තිලකරත්නට තේරුම් ගන්නට, තමාටම කෙළවෙනකම සිටීමට සිදුවිය. තිලකරත්න මෙන් බොහෝ දෙනා රාජපක්ෂ ආණ්ඩුවේ මතට තිත, පොලිස් දුෂණ තේරුම් ගන්නේ තමන්ටම වැරදුන විටය.

No comments:

Post a Comment