Wednesday, August 20, 2014

භූමිකම්පා, ජල ගැලීම් වලට හේතුව “අයිස් කන්‍යාවගේ” මමිය ගොඩ ගැනීමයි.


 වසර 2500 කටත් වඩා පැරණි, ඉතා හො තත්ත්වයේ පවතින මමිය කෙතුකාගාරයෙන් එය තිබූ සොහොන් ගැබට ගෙන යෑමට අටාලායි වැඩිහිටියෝ තීරණය කර තිබේ.
අටාලායි සමූහාණ්ඩුව රුසියාවේ ප්‍රාන්තයකි. මොන්ගෝලියාව, චීනය, කසකස්ථානයට මායිම්ව පිහිටි මෙම ප්‍රාන්තයේ වෙසෙන අටාලි ස්වදේශිකයින් තවමත් භූතයින් පිළිබව විශ්වාස කරති.
මෙම මමිය, ක්‍රිස්තු පූර්ව 5 වන සිය වසට අයත් එකක් බව විද්‍යඥයින්ගේ මතයයි. 1993 පුරාවස්තු කැනීම් වලදී සොයා ගන්නා ලද ඉතා හො තත්ත්වයේ පවතින මමිය  අටාලායි ප්‍රාන්තයේ ස්වදේශිකයින් විශ්වාස කරන්නේ, මමිය එම ප්‍රාන්තය පාලනය කළ අටලී කුමරියගේ බවයි.
සයිබීරියානු අයිස් කන්‍යාව ලෙසට ද හුන්වනු ලබන මෙම කුමරිය ගේ බවට විශ්වාස කරන මමිය, සොහොන් ගැබෙන් ගොඩ ගැනීම නිසා, ඇගේ භූත ආත්මය කෝප කරවා ඇති බවට ස්වදේශිකයින් අතර විශ්වාසයක් පවතී.
මෙම ප්‍රාන්තයේ ඇතිවූ භූමි කම්පා, ජල ගැලීම් එහි ප්‍රතිඵලය වන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.
මෙම මමිය, පර්ෂෙණ සහා යොදා ගන්නා අතර, මමිය ප්‍රතිනිර්මානය කර ඇත.ඉතා හො තත්ත්වයේ පවතින මමිය ස්ත්‍රියකගේ බවට සැකයක් නොමැත.
ඩී.එන්.ඒ. පරීක්ෂණ වලට භාජනය කරන, මමිය ඉදිරියේ ඉතා වැදගත් පර්යේෂණ වලට අවශ්‍ය බව විද්‍යාඥයින් ගේ මතයයි. මෙම මමිය, කිසිදු වෙනසකට භාජනය නොවී පවතින බවත්, එයට ගල්වා තිබෙන බෙහෙත් මගින්, ආරක්ෂා කර ඇති බවත් ඔවුන් පවසයි.

නමුත් ප්‍රෙද්ශයේ ස්වදේශිකයින් කාලයක් මුලුල්ලේ ගෙන ගිය බලපෑම් මත, පසු ගිය දා, ප්‍රාන්ත වැඩිහිටියන්ගේ සමුළුව මගින්, මමිය තිබූ තැන තැන්පත් කර, භූත බලවේග වලින් ප්‍රාන්තය රැක ගත යුතු බව කියා තිබේ. භුත බලවේග වලින් ප්‍රාන්තය රැකගත යුතු බව කියා තිබේ. ඒ අනුව, මෙම මමිය, තිබූ සොහොන් ගැබේම තැන්පත් කරනු ඇත.
ලෝකයේ, මමිය ගැන ප්‍රකට ඊජිප්තුවේ පිරමීඩ වල තැම්පත් සිරුරු හා සමානව, ඉතා සුරක්ෂිතව, දිරාපත් නොවී, තිබෙන මෙම මමිය කෙතුකාගාරයෙන් ඉවත් කර, යළි මිහිදන් කිරීමට විද්‍යාඥයෝ අකමැති වුවත් රුසියානු රජය, ස්වදේශිකයින්ගේ ඉල්ලීමට ඉඩදීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම මමිය තිබූ සොහොන් ගැබේම තැන්පත් කරනු ඇත.

 
ප්‍රතිනිර්මාණය කරන ලද මමිය



No comments:

Post a Comment