Sunday, August 17, 2014

ඇසිඞ් ගහලා, කඩුවෙන් කොටපු එවනු් නිදැල්ලේ

ගාමිණි විරකොන්ගේ පුතා
පසුගිය පෝය දින (10දා) රාත‍්‍රීයේ ඇසිඞ් ගහලා කඩුවෙන් කොටා දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකල පුද්ගලයින්ට නිදැල්ලේ සිටීමට ඉඩහැර ඇති බවට චෝදනා කරන - හොරණ ප‍්‍රදේශවාසීන්, ඇසිඞ් ප‍්‍රහාරයට ලක්වූ පුද්ගලයා තවමත් කලුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද පෙන්වා දෙයි.

මෙම අපරාධයට ලක්ව ඇත්තේ, හොරණ පොලිස් වසමේ ගාමිණී වීරකෝන් හා සුනිල් වීරකෝන් යන අයියා මලෝ දෙදෙනාය.

ඇසිඞ් ගැසූ බවට වන සැකකරු සයිමන්ට පොලිසිය පසුදිනම ඇප ලබා ගැනීමට ඉඩ සලස්වා ඇත්තේ ඇසිඞ් ප‍්‍රහාරයට ලක්වූ පුද්ගලයාද, කඩු පහරින් තුවාල සිදුවුනු තැනැත්තාද රෝහලේ ප‍්‍රථීකාර ලබමින් සිටියදීය.

එමෙන්ම, කඩුපහර ගැසූ බවට සැකකෙරෙන ලක්මාල් නැමැත්තාව අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබෙන විටය.

කසිප්පු පැකැට්ටුවක්, අරක්කු කාලක් ළඟ තබාගෙන සිටි බවට චෝදනාවට දින 14කට රිමාන්ඞ් බාරයට යවන අප රටේ පොලිසිය හා නඩුකාරයින් අපරාධ සැකකරුවන් කෙරෙහි දක්වන්නේ පුදුම සහගත මෛත‍්‍රියක් හා දයාවක් බව පවසන ගාමිණී වීරකෝන්ගේ පවුලේ උදවිය  රාජපක්ෂගේ සංවර්ධනය තරම හා ශ‍්‍රී ලංකාවේ නීතිය කුමක්ද යන්න දැන් තමයි අපට රටෙ තේරෙන්නේ යයි කියයි.

හොරණ පොලිසිය, ගාමිණී වීරකෝන්ට හා ඔහුගේ සොහොයුරාවූ සුනිල්ට ඇසිඞ් ගසා, කඩුවෙන් කැපූ පුද්ගලයින්ට විරුද්ධව ක‍්‍රියා නොකරන වා මෙන්ම මේ දක්වා ගහන්න ඇසිඞ් ගෙනවිත් දුන්, ලක්මාල්ගේ බිරිඳ ගංගා ගැන වචනයක්වත් කතා නොකරන බවත් පවසයි.

වාර්තාවන අන්දමට බරපතල අපරාධ පවා, සු`ඵ අපරාධ ලෙසට වාර්තා කර, යටපත් කිරීමේ  පොලිසියේ ක‍්‍රියා පිළිවෙත කලක සිට ක‍්‍රියාත්මක වන්නකි. මෙය ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය ද වේ. 

No comments:

Post a Comment