Monday, September 1, 2014

චීවරධාරි‍යෙකු අතින් අප‍යෝජනයට ලක් වූ සාම‍නේර තැන මානසික ‍රෝහලේ.

ලිංගික අප‍යෝජනයට ලක් වූ සාම‍නේර නම තවමත් අං‍ගොඩ, ජාතික මානසික විද්‍යායත‍න‍යේ ප්‍රතිකාර ලබා ගන්නා අතර, අපරාධය කළ අතුරුගිරි‍යේ ප්‍රබල චීවරධාරියාව ‍මෙ‍තෙක් අත්අඩංගුවට ‍ගෙන නොමැත.

රාජපක්ෂ රෙජිම‍යේ ආධාරකරු‍වෙකු බව කියන, අතුරුගිරිය ප්‍රදේශ‍යේ නායක හිමිනමක් බව කියන, ලිංගික අපරාධය කළ චීවරධාරියාව ‍බේරා ගැනීම සහා සාම‍නේර තැන‍ගේ ඥාතීන්ට බලපෑම් කරන බවත්, ‍මෙම සාමනේර තැන අධිකරණ ‍වෛද්‍ය නිලධාරී ‍වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම අතුරුගිරිය ‍පොලීසිය ‍මග හරින බවත් වාර්තා විය.

අවුරුදු 14 ක් පමණ වන ‍මෙම සාම‍නේර තැන‍ ලිංගික අප‍යෝජනයට ලක්වීම ගැන ළමාරක්ෂක අධිකාරියට දැනුම් දුන්න ද එහි ‍පොලීසිය මැදිහත්වීමට නම්, අතුරුගිරිය ‍පොලීසිය පරීක්ෂණ පිළිබ ව උනන්දුවක් ‍නොදක්වන බවට ලිඛිතව ප්‍රකාශයක්, ‍රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

බාල වයස්කාර පිරිමි ළමුන් මහන කරවා ඔවුන් ව අප‍යෝජනය කරනු ලබන අතර, ඒ පිළිබ කරනු ලබන පැමිණිලි වලින් බහුතරයක් බලපෑම් මත යටගසනු ලබන බව නොරහසකි.

බාලවයස්කාර ළමුන් ‍දෙමාපියන්‍ගෙන් ‍වෙන් කර, ළමාවිය අහිමි කර මහන කිරීම ද, එකී ළමුන් අප‍යෝජනයට ලක් කිරීමකි.


දරිද්‍රතාවය ‍හේතු‍වෙන් තම දරුවන් දන්‍ දෙන ‍දෙමාපියන් ඒ පි‍නෙන් ලබන ආත්ම‍යේ සැප විීමට පතති. ‍පෙරුම් පුරති. තම දරුවන් පන්සල් වල අප‍යෝජනයට ලක් වීමට ඉඩ හැරී‍මෙන් පිං ලැ‍බේ නම් ඒ පින කුමකට ද?

No comments:

Post a Comment