Friday, September 19, 2014

එකෙක් හැංගිලා ! අනෙකා වන්දනාවේ ගිහිල්ලා! සැකකරැවන්ව අල්ලලා ගෙනත් දෙන්න ලු!



පසුගිය 12 වෙනිදා, මහ පාරේදී 14 වියැති සිසුවෙකුට පහර දුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ නොකරන බණ්ඩාරගම පොලීසිය මෙම අපරාධය අධිකරණයට වාර්තා කිරීම ද මගහැර ඇතැයි වාර්තා වේ.

බණ්ඩාරගම, අටළුගම, එම්.අයි.එම්. ඉර්ෂාන් පවසන පරිදි තමාට පහර දුන්නේ මින්හාච් නැමැත්තාය. මොහු ව්‍යාපාරිකයෙකුගේ පුතකු වන 20 හැවිරිදි තරුණයෙකි. මේ වන විට ගම හැර ගොස් ඇති බව ප්‍රකාශ කරයි.

ඔහුට මෙම පහර දීමට උදව් වූ මීගහමුල්ලේ මුනීර් නැමති ත්‍රී රෝද රථ රියදුරු ඉස්ලාම් ආගමික චාරිත්‍රයකට අනුව, දින 40 ක වන්දනාවක ගොස් ඇති බවයි, පවසන්නේ.

බණ්ඩාරගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පළමුව බණ්ඩාරගම රජයේ රෝහලට ඇතුළත් කරන ලදි.

එම්.අයි.එම්. ඉර්ෂාන් ගේ දකුණු ඇස ඉදිමී, රතුවීම නිසා බිය වූ මාපියන් ඔහුව කොළඹ ඇස් රෝහලට ඇතුළත් කර ඇත.

එයින් පසුව කොළඹ ජතික රෝහලට අතුළත් කර ප්‍රතිකාර ලබාගෙන තිබේ.

නමුත් මොහුව අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ඇති බවක් වාර්තා නොවේ. මව වන අබ්දූල් සමීන් නිශ්මියා ඉල්ලන්නේ මෙම අපරාධය අධිකරණයට වාර්තා කරන ලෙසටයි.

ඒ පිළිබව ලිඛිත පැමිණිල්ලක් බණ්ඩාරගම පොලීසියට කර ඇති අතර, එහි පිටපත් පොලපිස්පතිට හා පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත යවා ඇත.

තම දරුවා අධිකරණ  වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටී.




No comments:

Post a Comment