Wednesday, September 3, 2014

පොලීස් කූඩුවේ ඉන්න කොට බොන්න කසිප්පු දුන්නා. උසාවියේ දි වරදකරු බව පිළිගන්න යයි බල කළා.



වාද්දුව පොලී්සියේ කුඩුවේ සිටිය සැමියාට බොන්න කසිප්පු දිලා. බලන්න් යනකොට කුඩුවේ ඇතුලේ කසිප්පු බොනවා. පොලීසිය බොන්න කියලා දිලා.

පද්මා වර්ණසූරිය මහත්මිය මේ බව ප‍්‍රකාශ කරන්නේ පසුගිය 31 දින ගෙදර සිටියදි අත්අඩංගු වට ගත් බව කියන තම සැමියා වන පද්මසිරිට විරුද්ධව බොරු නඩු පවරා රිමාන්ඞ් කරවීම ගැන පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරමින්ය.

ඇය සිය පැමිණිල්ලේ මෙසේ සඳහන් කර සිටි.

”2014 අගොස්තු 31 වන ඉරිදා පෙරවරු 9.30 ට පමණ, සිවිල් පිට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙක්, තමන් මොරොන්තුඩුව පොලීසියෙන් බව පවසා ප‍්‍රකාශයක් ගැනීමට යැයි පවසා සැමියාව රැුගෙන ගියා.
මාගේ සැමියාව ගෙන ගියේ, ඔවුන් පැමිණි යතුරුපැදියේ මැද තබාගෙනය. මොරොන්තුඩුව පොලීසියේ සැමියාව රඳවා තබාගෙන, රාත‍්‍රී 7.00 ට පමණ, වාද්¥ව පොලිස් ස්ථානයට ගෙන යනු ලැබීය.
ප.ව. 2.45 ට පමණ, මොරොන්තුඩුව පොලීසියෙන් මාගේ දුරකතනයට ඇමතුමක් දී කිව්වා, පද්මසිරි මොරොන්තුඩුව පොලීසියේ ඉන්නවා කන්න අරන් එන්න කියා. මා එ් විගසම මොරොන්තුඩුව පොලීසියට ගියා. මා යන විට, මාගේ සැමියා කූඩුවේ හිටියා.

මම පොලීසියට වී සිටියා. ප.ව. 6.30 ට පමණ, ලොරියකින් බැරල් 8 ක් පමණ, දඟර තුනක් පමණ ගෙන ආවා. අත්අඩංගුවට ගත් ගවත් තුන් දෙනෙකු පොලිස් නිලධාරීන් 06 ක් පමණ ලොරියේ සිටියා. එම ලොරියට මාගේ සැමියාව හා එ් වන විට කූඩුවේ සිටි තවත් අයෙකුව ද නංවාගෙන, වාද්¥ව පොලීසියට ගෙන ආවා.

මා, ලොරිය පිටුපසින්ම වාද්¥ව පොලීසියට පැමිණියා. වාද්¥ව පොලීසියේ දී සැමියාව කූඩුවට දැම්මා. මා රාත‍්‍රී 10.00 වන තෙක් පොලීසියේ රැුඳී සිටියා. මා එ් අතර වාද්¥ව පොලීසියේ ස්ථානාධිපතිගෙන් විමසුවා ගෙදර හිටිය ගමන් ගෙන ආව මාගේ සැමියාව මුදා හරින්නේ නැද්ද කියා. ඔහු කිව්වා, මුදා හරින්නේ නෑ, කට්ටියටම නඩු දානවා කියා.

පසුවදා, 2014.09.01 (සඳුදා* උදේ 9.30 ට පමණ, කෑම අරන්  වාද්¥ව පොලීසියට ගියා. එ් යන විට, මාගේ සැමියා ඇතු`ඵ කූඩුවේ සිටි පස් දෙනෙකු බීම බෝතලයකින් යමක් පානය කරනවා මා දුටුවා. මා සැමියාගෙන් ඇහැව්වා මොනවද බොන්නේ කියා.

ඔහු කිව්වා පොලීසිය බොන්න කියා කසිප්පු දුන්න බව. තවද ඔහු කියා සිටියා, පොලීසිය කියනවා උසාවියේදී වරද පිළිගන්න, පෙර වැරදි කියන්නෙ නෑ කියලා. පසුවරු 2.00 ට පමණ, මාගේ සැමියා හා අනෙක් අයව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා.

මාගේ සැමියා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මහතා ප‍්‍රකාශ කළා, මාගේ සැමියා ඇතු`ඵ පිරිසට වාද්¥ව පොලීසිය බොන්න දීලා තියෙන බවත්, චෝදනා වලට වරදකරු බව පිළිගන්නා ලෙසටත්, එවිට පෙර වැරදි නොකියන බවට ප‍්‍රකාශ කර ඇති බව.

එ් අවස්ථාවේ මහේස්ත‍්‍රාත් තුමා නියම කළා, මාගේ සැමියා හා අනෙක් අයව පානදුර මූලික රෝහලට ඉදිරිපත් කරන ලෙස. එම නියෝගය අනුව ඔවුන්ව පානදුර මූලික රෝහලට ගෙනවිත්, අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කළා.

එයින් පසුව අධිකරණය මාගේ සැමියා ඇතු`ඵ අනෙක් අයව දින 12 කට රක්ෂිත බන්ධනාගාර ගත කළා.දැනට මාගේ සැමියා ක`ඵතර රිමාන්ඞ් බන්ධනාගාරේ පසුවේ.

මා ප‍්‍රකාශ කර සිටින්නේ,

නිවසේ සිටි මාගේ සැමියාව, කටඋත්තරයක් ගන්න කියා, මොරොන්තුඩුව පොලීසියට ගෙන ගොස් රඳවා තබාගෙන, සවස 6.00 ට පමණ, වාද්¥ව පොලීසියට ගෙනවිත්, නීති විරෝධීව පෙරන ලද මධ්‍යසාර බොන්න දී, බොරු නඩු දමනු ලැබූ බවයි.

මා ඉල්ලා සිටින්නේ,

නිවසේ සිටි සැමියාව, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, මද්‍යසාර පොවා, බොරු නඩු දමා, රක්ෂිත බන්ධනාගාර ගතකොට, හිංසා කිරීමට හා යුක්තිය විකෘති කිරීමට එරෙහිව, මොරොන්තුඩුව හා වාද්¥ව පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.

මාගේ සැමියාට පෙර වැරදි තිබේ. පෙර වැරදි තිබූ පමණින් නොකළ වැරදි වලට නඩු පැවරීම අපරාධයක් බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි.”

No comments:

Post a Comment