Monday, September 15, 2014

වැඩියෙන් ගෙවලා “මැක්ඩොනල්ඩ්” කාලා ලෙඩ වෙයල්ලා.


මැක්ඩොනල්ඩ්, බර්ගර් කිං වැනි ඇමෙරිකානු ක්ෂණික ආහාර සෞඛ්‍යයට අහිතකර බව පෙන්වා දෙන ඉක්වදෝරය, එම එම ආහාර වලට අතිරේක බද්ධක් අය කිරීමට තීරණය කර තිබේ.
තම රුචිය අනුව, ඕනෑම දෙයක් කන්නට පුලුවන්. නමුත් ලෙඩ වුනාම වැය වන්නේ මහජන මුදල්. ඒ නිසා වැඩියෙන් ගෙවලා කාලා ලෙඩ වෙන්න අතිරේක බදු ආදායම සෞඛ්‍ය සේවයට යෙදවීමට ඉක්වදෝරය තීරණය කර තිබේ.
නව බදු වැඩි කිරීම යටතේ ඉක්වදෝරයේ මැක්ඩොනල්ඩ්, බර්ගර් කිං අලෙවි සැල් වල මිළ ඉහළ දමා ඇත. ලෝ ප්‍රකට මැක්ඩොනල්ඩ්, බර්ගර් කිං අලවිසැල් වල සෞඛ්‍යයට අහිතකර ආහාර අලෙවි වන බව මීට පෙර නිගමනය කළේ රුසියාවයි. ඒ අනුව එම අලවි සැල් වසා දැමීමට නියම කෙරණි.
මෙම ක්ෂණික ආහාර නිසා, ස්ථුලභාවය, හෙවත් බර වැඩිවීම අනිවාර්යයෙන් සිදු වේ. ඇමරිකාවේ ස්ථුලභාවය, බරපතල, සෞඛ්‍යය ගැටළුවක් බවට පත්ව ඇත.
මෙම තත්ත්වය හේතු වන, පැණි බීම වලට අතිරේක බද්ධක් අය කිරීම පසු ගිය දා මෙක්සිකෝව තීරණය කළේය.
කැමති අයට ආහාරයක් ගන්නට බාධාවක් නොවේ. එහෙත් එම ආහාර අනුභවයෙන් ලෙඩවීම රටට බරකි.

ඒ අනුව, ලෙඩ වෙන්න කැමති අය වැඩියෙන් ගෙවා කාලා ලෙඩවීමට මේ අනුව නිදහස හිමි වේ. 

No comments:

Post a Comment