Monday, September 1, 2014

කප්පන් නොදෙන අමුත්තන්ට පහර දෙන කලුතර බන්ධනාගාර නිලධාරින් ට රාජපක්ෂ රැකවරන


ක`ථතර බන්ධනාගාරයේ රැ්‍දවියන් බලන්න එන අමුත්තන් ගෙන් කප්පන් ගන්නා බන්ධනාගාර නිලධාරින්, කප්පන් නොදෙන අමුත්තන්ව අධිකාරි නිල නිවසට රැගෙන ගොස් පහර දෙති. 

බේරුවල, සමන්ත, 40 හැවරිදි දෙ දරු පියෙකිි. අගෝස්තු 24 වන දින, රිමාන්ඞ් සිරකරුව සිටි සිය හිතවතෙකු බැලීමට ක`ඵතර බන්ධනාගාරය ට ගිය විට කප්පන් නොදීම නිසා පහර කෑමට ලක්වීම විස්තර කරන්නේ මෙසේය.
  ‍‍‍  
ඒවිට වේලාව පෙරවරු 10.15 ට පමණ ඇත. මා බන්ධනාගාරයේ, පළමුවෙන් හමුවන බැරියර් එක ළඟට ගොස්, මා පැමිණි කාරණය ප‍්‍රකාශ කර සිටියා. 

මට, එහිදී උපදෙස් දුන්නා, ඉදිරියේ තිබෙන ශාලාවට යන්න කියා. එ් අවස්ථාවේ බැරියර් එක අසල කුටියේ සිටි නියාමකවරයෙක් මට කිව්වා, අපේ ටිකට් එකක් තියෙනවා ගන්න කියලා. 

මම ඔහුට ප‍්‍රකාශ කළා මහත්මයා මම එන ගමන් ගන්නම් කියා” එවිට ඔහු මට කිව්වා ”නෑ නෑ දැන් අරන් පලයං කියා” . 
මහත්මයා මම එන ගමන් ගන්නම් කියා” ඉදිරියට ගියා. 

මා සිරකරුවන් බැලීමට එන අය ලියාපදිංචි කරන ශාලාවට ගොස්, මාගේ වාරය එනතෙක් සිටගෙන ඉන්න විට, පිටුපසින් ”ඔය කොළ පාට ටී ෂර්ට් කාරයා මෙහෙ වරෙන් කියා” නියාමක වරයෙක් මට කතා කළා.

මම ඔහුගෙන් 
ඇයි මහත්තයා” කියා ඇහුවා එවිට ඔහු  මෙහෙ වරෙන්, මෙහෙ වරෙන්” කියා කතා කර මාව එ් අසල නිවසකට ගෙන ගියා.

මා එහි ගිය විට එම නිවසේ ආලින්දයේ සිටි, කොට කලිසමක් හා ටී ෂර්ට් එකක් ඇඳ කණ්නාඩි පැළඳ සිටි මහත්තයෙක්, මාව ගෙන ගිය නියාමකගෙන් ඇහැව්වා  මූද සර්” කියා. 

ඔහු මා වෙතට පැමිණ, උඹ බඩු දුන්නද කියා මාගෙන් ඇසුවා. 

මම කිව්වා, මේ තියෙන්නේ තාම දුන්නේ නෑ කියා, මා මාගේ හිතවතාට දෙන්න ගිය ඇඳුම්, කෑම තිබූ ගමන් මල්ල පෙන්නා සිටියා.

ඔහු වැරෙන් මගේ කම්මුලට ගහගෙන ගියා. එ් සමග මාව රැුගෙන ගිය නියාමකවරයා ද, පසුව එතනට පැමිණි නියාමකවරයා ද මට කම්මුලට ගහගෙන ගහගෙන ගියා.

මට එසේ පහර දෙන විට, එම නිවසට තවත් බන්ධනාගාර නිලධාරී මහතෙකු හා නියාමකවරු කිහිප දෙනෙක් ආවා. 

එම නිලධාරියා, මට පහර දුන්න, කොට කලිසමක් හා ටී ෂර්ට් එකක් ඇඳ කණ්නාඩි පැළඳ සිටි පුද්ගලයාට, සැලියුට් එකක් ගසා, ඇයි සර් කියා ඇහුවා.

එම පුද්ගලයා කිව්වා මූ කුඩු ගෙනල්ලා කියා. එවිට එම නිලධාරියා, 
තෝ කොහේද යකෝ” කියා ඇහැව්වා. මම බේරුවල කිව්වා.

තොගේ රස්සාව මොකද්ද කියා ඇහැව්වා. මම කිව්වා මේසන් වැඩ කියලා. මූ කුඩු ගෙනල්ලා තමයි තියෙන්නේ මූව ඇතුළට දාන්න කිව්වා.

ඊට පසුව මාව, නියාමකවරු සෝදිසි කළා. ඔවුන් කිව්වා  බඩු නෑ” කියා. ඔහු කිව්වා මොනවා හරි දාලා ඇතුළට දාපන් කියා. 

ඉන්පසු ඔහු මට කිව්වා උඹට   විසිට්” නෑ පලයන් කියා. මම එළියට ආවා. 

මා එළියට ආ පසු දැනගත්තා, මට මේ ආකාරයට පහර දුන්නේ, බැරියර් එක ළඟදී, නියාමක වරයෙක් ගන්න කිව්ව ටිකට් එක නොගත්ත නිසා බව.

තවද මට පහර දුන්නේ, බන්ධනාගාර අධිකාරී නිල නිවාසය තුළ බවත්, එහි සිටි පෙර විස්තර කළ කොට කලිසමක් හා ටී ෂර්ට් එකක් ඇඳ කණ්නාඩි පැළඳ සිටි පුද්ගලයා, විශ‍්‍රාම ගිය අධිකාරී බවත් දැන ගත්තා.

පසුව පැමිණි නිලධාරියා, දැනට සිටින අධිකාරී (ලොකු මහත්තයා) බවත් දැනගත්තා.

මට එ් දෙන්නා හා මට පහර දුන්න එක් නියාමකවරයෙකු අඳුනා ගන්න පු`ඵවන්.

මා ක`ඵතර උතුර පොලීසියට ගොස් පැමිණිලි කළා. මට රෝහල්ගත වීමට පෝරමයක් දුන්නා.

මම එය රැගෙන බේරුවල රජයේ රෝහලට ගියා. එහිදී මට නේවාසික ප‍්‍රතිකාර ලබා දුන්නා.

මම ක`ඵතර බන්ධනාගාර නිලධාරීන් පහර දුන් බව ප‍්‍රකාශ කළා. නමුත් මාව අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කළේ නැත.

2014.08.31 දින, ටිකට් කැපුවා. 

මේ දක්වාම මාගේ පැමිණිල්ල පිළිබඳව විමර්ශනයක් ක`ඵතර උතුර පොලීසිය සිදු කළේ නැත.”

මෙම සිද්ධිය පිළිබඳව ඔහු   පොලිස්පති,  එන්.කේ ඉලංගකෝන්,  මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වරයාට ලිඛිතව පැමිණිලි කර තිබේ.

වර්ථමාන රාජපක්ෂ පාලනය සිය ගැත්තන්ට අසරණයි තලා පෙලා මුදල් හම්බු කරගැනීමට අවස්ථාව දි ඇත. ආණ්ඩුවේ බලධරයින් ගේ රැුකවරණය යටතේ බන්ධනාගාරයේ නිලධාරින් ට කප්පන් ගැනීමට ඉඩ සලසා දි තිබීමට තවත් එක් නිදසුනකි මෙය. 
       
    

No comments:

Post a Comment