Saturday, September 6, 2014

අහංගම පොලීසිය අපරාධකරුවන් සමග..

....
2014. 08. 16 දින රාත‍්‍රි 9.00ට පමණ කම්කරුවෙකු වු 38 හැවරිදි රසංග ජයමිණ ට මග රැුක සිට, අහංගම, පංචාලිය ප‍්‍රදේශයේ පදිංචි, පාලිත(සමෘද්ධි නියාමක*, විජයරත්න, ජයන්ත, කසුන්කුමාර, කරුණාදාස හා නීති විරෝධි මත්පැන් ව්‍යාපාරික උපාලි යන 07 නා, අත් පොරවකින්, පොලූවලින් පහර දී මරණීය තුවාල සිදු කරණු ලැබීය.
මෙම සැලසුම් සහගත අපරාධය සිදු කිරිමට පෙර අවට නිවසට වලට විදුලිය සපයන රැුහන් වලට කටු කම්බි ගසා විදුලිය විසංධි කරනු ලැබීය.පහර දිමෙන් අනතුරුව ඔහු ගේ පාපැදියට රුපියල් 2500/- ක පමණ අලාභයක් සිදු කරනු ලැබීය.
නමුත් අහංගම පොලීසියේ එවක වැඩ බලන ස්ථානාධිපති උ.පො.ප. තිලකරත්න ඉහත නම් සඳහන් අපරාධකරුවන් ආරක්ෂා කිරිම සඳහා 16දින රාත‍්‍රියේ, 17වන දින, හා 18වන දින කිසිදු විමර්ෂණයක් නොකර අපරාධකරුවන් හා එක්ව, සැලසුම් සහගතව 2014.08.19 දින, ඔවුන් සමග ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ගෙස් කරුණු විකෘති කරණ ලද බී- වාර්තාවක්, නඩු අංක 26666 යටතේ ඉදිරිපත් කර සියලූම දෙනාට ඇප ලබා ඉඩ සලස්සනු ලැබීය.
අධිකරණයට ඉදිරිපත් කළ විකෘති කරන ලද බි-වාරිතාවේ, අත් පොරවෙන් පහර දීම, පහර දිමට පෙර විදුලිය විසංධි කිරිම, පාපැදියට අලාභ කිරිම හා බරපතල තුවාල සහිතව කරාපිටිය මහා රොහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගනිමින් සිටින බව සඳහන් කර තිබුනේ නැත.
මේ ආකාරයට අපරාධ පිළිබඳ නියම තත්වය වසන් කිරිමට  උ.පො.පග තිලකරත්න ක‍්‍රියා කළේ ඉමදුව ප‍්‍රාදේශිය සභාවේ සභාපති එ්. වි. සරත් කුමාර සමග එක්ව අයුතු ලාබ ප‍්‍රයේජන ලබා ගැනීමට බව ඔහු ගේ බිරිඳ පොලිස්පති හා මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ. 

No comments:

Post a Comment