Saturday, September 6, 2014

පික්පොකට් ගැහැව්වා කියා අම්මා,පුතා,ලේලි අත්අංගුවට ගෙන වධ දිලා.


පවුලට සම්බන්ධ ඔක්කොමව අල්ලන්න උත්සහ කරනවා. ඇල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි මොවුන්ව අත්අඩංතුවට ගෙන ඇත්තේ මතුගම පොලීසියෙන්ය. 

දේශප‍්‍රිය ලක්මාල් පොලිස්පති හා මානව හිමිකම් කොමිසමට කර තිබෙන පැමිණිල්ලට අනුව, 2014. 08. 29 වන දින පෙ.ව. 6.30ට පමණ මතුගම පොලීයෙන් නිලධාරින් පිරිසක් පැමිණ, එකම පවුලේ අට දෙනෙකු අත්අඩංගුවට දින 03ක් පොලීසියේ තබාගෙන වධදී ඇත.

පොලීසිය සිටි කාලය තුල විවිධ පුද්ගලයින්ට මොවුන්ව පෙන්නා තිබේ. එයට අමතරව එම පිරිස් යොදවා මොවුන්ට පහරදි ඇත.
2014.09.01 දින දෙදෙනෙකුව මුදාහැර ඉතිරි දහවල් 11ට මතුගම නගර මධ්‍යයට ගෙනවිත් කාන්තාවන් ව ප‍්‍රදර්ශණයට භාජනය කරන ඇත. එයින් අනතුරුව නැවත මතුගම පොලීසියට ගෙන ගොස් රතුපාට ඇඳ ඇතිරිල්ලකින් ආවරණය කර ප.ව.2.30ට පමණ මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන විත් 2014. 09. 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරවනු ලැබ තිබේ.
2014. 09. 04 දින කාන්තාවනි තිදෙනාව පෙරෙට්ටුවකට ඉදිරිපත් කර, 2014.09.15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරවන ලදි.
එසේ තිබියදි, 2014.09.06 දින උදේ 07.15ට පමණ මතුගම පොලීසියෙන් පැමිණ තවත් දෙදෙනෙකුව  අත්අඩංගුවට ගන්නා ලදි. මේ පිරිසට අමතරව නැදැයින් හා අසල්වැසියන් අත්අඩංගුවට ගැනිමට පොලීසිය සැරසෙන බව වාර්තාවේි.
එමෙන්ම මෙතෙක් විසඳිමට නොහැකිවු අපරාධ වලට මොවුන් සැක බව ප‍්‍රකාශ කරමින් ව්‍යාජ චොදනා නගා අධිකරණය නොමග යැවීමට පියවර ගෙන තිබේ.
මේ අතර, ත‍්‍රිරෝද රථ 04ක් හා යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඇති අ.ර එවා  අධිකරණයට ඉදිරිපත් කර නැත.
අත්අඩංගුවට ගන්නා ලද සියලූ දෙනාව වධහිංසාවට පත්කර ඇති අතර, ඥතින්ට බැලිමට පවා අවහිර කරනු ලබයි.
මෙසේ අත්අඩංගුවට ගත් අය අතරින් විජිත මල්ලිකා හා ෂශිකලා යන දෙදෙනාට සොරකම් සම්බන්ධ නඩු පවතින බව මා දන්නා කරුණකි. 
දේශප‍්‍රිය ලක්මාල් පොලිස්පති හා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ, පවුලට සම්බන්ධ සියලූ දෙනාව නිසි විමර්ශණ වලින් තොරව, නිති විරෝධි ලෙසට අත් අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, වධහිංසා හා අවමන් සහගත සැළකිලි වලට පාත‍්‍ර කොට බොරු නඩු දැමීමට මතුගම පොලීසිය දරන උත්සහය  නොපමාව නතර කර ආරක්ෂාව සලසන ලෙසටය. 




  

No comments:

Post a Comment