Tuesday, September 2, 2014

පැරණි පෙම්වතිය හා එක්වු පොලීසිය උසාවිය ද අතකොලූවක් කර ගනී.


පොලීසිය සිය බලය අයුතු ලෙස උපයෝගී කරගෙන, අල්ලස් ලබාගෙන, අධිකරණය නොමග යවා, එසේ නැතිනම් අධිකරණය උපයෝගී කරගෙන දඬුවම් වශයෙන් රිමාන්ඞ් කරවීම, නඩු දමා, මුදල් වියදම් කරවා, ශාරීරික හා මානසික වශයෙන් දඬුවම් දීම ද මට පමණක් සිදු වූවක් නොවන හෙයින්, මෙය වැලැක්වීම සඳහා ඉහත නිලධාරීන්ට දඬුවම් පැමිණ වීමට පියවර ගන්නා මෙන් ඉල්ලමි. 

මෙම ඉල්ලීම පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මයාට ඉදිරිපත් කරන්නේ වැලිගම, සුරේෂ් නැමති 27 හැවරි දි කාර්මික ශිල්පියෙකි.

වැලිගම නිල්මිණි, සිය පැරණි පෙම්වතාවු සුරේෂ් තම නිවසට බොම්බ ගැසු බවට බොරු පැමිණිල්ලක් 119ට කර, ඉන් අනතුරුව වැලිගම පොලීසියේ උ.පො.ප. ගුණතිලක, පො.කො. 13496 අනිල් හා පො.කො. 14450 විජේසිංහ ව යොදවා ඔහුව අත්අඩංගුවට අරගෙන වධදි දවස් 10කට රිමාන්ඞ් භාරයට පත් කරවනු ලැබීය. 

බොරු නඩුවෙන් සුරේෂ් නිදහස් වු විය. පොලීසය හා එක්ව බොරු නඩු දැමු නිල්මිණි වරද කරුවිය. ඇයට රු.25,000.00 වන්දියක් ගෙවීමටද, රු.1500.00 දඩයක් ලෙවීමටද සිදුවිය.

මෙම සිද්ධිය විමර්ශණය කළ මානව හිමිකම් කොමිසන් සභාව වැලිගම පොලීසියේ උ.පො.ප. ගුණතිලක, පො.කො. 13496 අනිල් හා පො.කො. 14450 විජේසිංහට රු.75,000.00ක වන්දියක් ගෙවන ලෙසට නිර්දේශ කළේය.

නමුත් එම වන්දි මුදල මේ දක්වාම ගෙවා නැත. 

සුරේෂ මේ පිළිබඳව පොලිස්පති අමතන ලද ලිපියේ මෙසේද සඳහන් වේ.

 " ----  වැලිගම, දෙනිපිටිය, කම්මල් ගොඩ,  ර්‍ණආලෝක” ලිපිනය ඇති, අබේවර්ධන නැමැත්තිය හා එක්ව, මා නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධ දී, ඉන් අනතුරුව ව්‍යාජ චෝදනා නගා, මා දින 10 කට රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබීය.

ඉන් අනතුරුව, වැලිගම පොලිස් ස්ථානය, මට විරුද්ධව බොරු චෝදනා නගා දමන ලද නඩුව, 2013.04.01 සිට 2014.06.05 දක්වා, මාස 13 කට වැඩි කාලයක්, මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යනු ලැබීය.

1. 2013.04.01 දින අ`ථයම, නිල්මිණි අබේවර්ධන නැමැත්තිය විසින් තම නිවසට බෝම්බ ගැසූ බව 119 ට කරන ලද පැමිණිල්ල අදාලව, එ දින, 2013.04.01 දින උදේ 9.00ට වැලිගම පොලිසියට එන ලෙසට, එදින (2013.04.01* පාන්දර තුනට පමණ, පොලිස් නිලධාරින් දෙදෙනෙකු පැමිණ දැනුම් දෙන ලදි.

2. එසේ තිබිියදි, එදිනම එනම් 2013.04.01 දින, අලූයම 4.00 ට පමණ, ඉහත සඳහන් පොලිස් නිලධාරීන් තිදෙනා හා තවත් කිහිප දෙනෙකු මාව අත්අඩංගුවට ගන්නා ලදි.

3. එ් අවස්ථාවේ, එම නිලධාරීන් මට ඇල්බීසියා පොලූවලින් පහර දෙනු ලැබීය.

4. එසේ පහර දීමෙන් පසු, වැලිගම පොලිසියට ගෙනවිත්, යලිත් පහර දෙනු ලැබීය.

5. එදිනම උදේ 10.00 ට පමණ, මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ගෙන ගොස්, මා රක්ෂිත බන්ධනාගාර ගත කරවනු ලැබීය.

6. මට විරුද්ධව නගා ඇත්තේ, මෙරට සාදන ලද බෝම්බයකින් පහරදී, දේපලවලට හානි කිරීම යන චෝදනාවය.

7. මෙදින, අලූයම 3.00 පමණ පැමිණි නිලධාරින් දෙදෙනා කියා සිටියේ, 119ට ලැබුණූ පැමිණිල්ල අනුව, නිල්මිණි අබේවර්ධනගේ නිවසට ගොස් ස්ථාන පරීක්ෂාවක් කළ බවත්, කිසිදු හානියක් නැති බවත්, එ් නිසා ප‍්‍රකාශයක් ගන්න උදේ 9.00 ට එම පොලීසියට එන ලෙසටත්ය.

8. එසේ තිබියදී, පැයකට පමණ පසුව, ඉහත නම් සඳහන් පොලිස් නිලධාරීන් පැමිණ මට පහර දී අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා නගා, අධිකරණයට ඉදිරිපත් කර, රිමාන්ඞ් බාරයට පත් කළේ, මට විරුද්ධව පැමිණිලි කළ නිල්මිණි අබේවර්ධන නැමැත්තියගේ අවශ්‍යතාවය මත බව ඉතා පැහැදිලිය.

9. මෙම බොරු චෝදනාව, එනම් බෝම්බයක් ගැසූ බවට, පුපුරන ද්‍රව්‍ය ආඥ පනත යටතේ නඩු පවරා, 2013.04.05 දක්වා මාව, රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලෙසට ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

10. එසේ තිබිය දී, ගරු අධිකරණය මාව 2013.04.10 දක්වා රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබීය.

11. 2013.04.04 දින, මා හට ඇප ලබාදෙන ලෙසට ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිය ද, විමර්ශන අවසන් නැත යන පදනමේ පිහිටා ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.

12. 2013.04.10 වන දින නඩු වාරයේදී පොලීසිය, වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින්, මෙරට සාදන ලද බෝම්බයක කොටසක් වෙනුවට ”පුපුරා යන ලද බල්බයක්” ඉදිරිපත් කළ බවත් තව දුරටත් පරීක්ෂණ පවත්වන බවත් ගරු අධිකරණයට දන්වනු ලැබීය.

13. එදින, 2014.04.10 දින මට ඇප ලබා දෙන ලදි. ඇප වශයෙන් රු:- 25,000.00 ක් ශරීර ඇප 02ක්, ග‍්‍රාම නිලධාරි සහතිකය ද, එයට අමතරව සෑම මසකම අවසන් ඉරුදින වැලිගම පොලීසියට ගොස් පෙනී සිටින ලෙසටද නියම කළේය.  

14. එතැන් පටන්, මාස 13කට හා නඩු වාර 11 ක් ගිය පසුව, සිද්ධියට පදනමක් නැත යන පදනම මත මාව නිදහස් කරන ලදි.

15. එ් අතර, මා විසින් ඔබ වෙත කරන ලද පැමිණිල්ල මත, විමර්ශනයක් කරන ලද මාතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී, විසින් කරන ලද නිර්දේශය මත වැලිගම පොලීසිය, බොරු පැමිණිල්ල කරන ලද නිල්මිණි අබේවර්ධන ට එරෙහිව, ඉහත අංකය යටතේම නඩු පවරන ලදි.

නමුත් මෙම නඩුව ද, වැලිගම පොලීසිය පැවරුවේ පැවරිය යුතු වගන්තියට, අනුව නොව වෙනත් වගන්තියක් යටතේය.

16. මේ නඩුවේදී  නිල්මිණි අබේවර්ධන වරද පිළිගත් අතර, මා හට රු : 25,000/ු ක වන්දියක්, ගෙවීමට ද, රු : 1500/ු ක දඩයක් ගෙවීමට සිදු විය.

මා ප‍්‍රකාශ කරන්නේ, වැලිගම පොලීසියේ, උ.පො.ප. ගුණතිලක, පො.කො. 13496 අනිල්, පො.කො. 14450 විජේසිංහ යන නිලධාරීන්, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධ දී, බොරු නඩු දමා මා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගන්නා ලද බවයි.

පොලීසිය සිය බලය අයුතු ලෙස උපයෝගී කරගෙන, අල්ලස් ලබාගෙන, අධිකරණය නොමග යවා, එසේ නැතිනම් අධිකරණය උපයෝගී කරගෙන දඬුවම් වශයෙන් රිමාන්ඞ් කරවීම, නඩු දමා, මුදල් වියදම් කරවා, ශාරීරික හා මානසික වශයෙන් දඬුවම් දීම ද මට පමණක් සිදු වූවක් නොවන හෙයින්, මෙය වැලැක්වීම සඳහා ඉහත නිලධාරීන්ට දඬුවම් පැමිණ වීමට පියවර ගන්නා මෙන් ඉල්ලමි. 

තවද මෙම සිද්ධිය අදාලව මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශය මෙම නිලධාරින් විසින් ඉටු කර නැත. එම නිර්දේශයේ පිටපතක් ඔබ වෙත එවා තිබේ. 

මෙම කරුණු සම්බන්ධයෙන් පවත්වනු ලබන අපක්ෂපාති පරික්ෂණයකදි අදාල වාර්තා ඉදිරිපත් කිරිමට සුදානම් බවද ප‍්‍රකාශ කරමි.”





No comments:

Post a Comment