Monday, September 8, 2014

දුෂණයෙන් තොර, දරුවන් අපයෝජනයට ලක් නොකරන පාසලක් බිහි කරමු.


නීති තිබුනත්, චක‍්‍රලේඛන තිබුනත් ඊනියා ජනප‍්‍රිය හෝ ජාතික පාසලකට ළමයෙකු ඇතුලත් කරන්න පගාවක් දෙන්නම ඔනෑ.
පාසල් වල දුෂණය පෙරටු කර ගත් ළමා අපයෝජනය, සමස්තයක් වශයෙන් නීතිය වෙනුවට අවනීතිය ක‍්‍රියත්මක වන රටක අනිවාර්ය ලක්ෂණයක්. 
පාසල් වල දුෂණය ට හා ළමා අපයෝජනය ට එරෙහිව නැගි සිටින දෙමාපියන් ගේ දරුවන් ව මේ දුෂිත පාසල් වල විදුහල්පතිවරු, ආචාර්යවරු ප‍්‍රාණයට ඇපය ගෙන එම දෙමාපියන්ව නිහඬ කරනු ලබති. 
දුෂකයින්ට මෙම තත්වය පවත්වා ගෙන යෑමට වඩාත් පහසු වී ඇත්තේ ළමා අයිතින් පිළිබඳ පැහැදිලි අවබෝධයක් වැඩිහිටි පරපුරට නොමැති විමයි. 
මෙම කරුණු හෙලි දරුවුයේ 2014.09.07, ජාඇල, ප‍්‍රජාව බල ගැන්වීමේ ජනතා ක‍්‍රියා කරිත්වය ආයතනය විසින් ප‍්‍රදේශයේ ප‍්‍රජා මුල සංවිධාන වල ක‍්‍රියාකාරින් හා එක්ව පවත්වන ලද වැඩ මු`ථවේදිය.
මෙම වැඩ මු`ථවට සම්පත්දායකත්වය ලබා දෙන ලද්දේ ජනසංසද යයි. 





No comments:

Post a Comment