Friday, September 26, 2014

රාජනී තිරාණගම සමරුවට රාජපක්ෂ රෙජිමයේ බාධා



එල්.ටී.ටී.ඊ.ය, 1989 සැප්තැම්බර් 21 වෛද්‍ය රාජනී තිරාණගම මහත්මියව, වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය උදෙසා, නොබියව පෙනී සිටි රාජනී තිරාණගම, ඒ සදහා සිය හඩ නැගුවේ, අද දකුනේ බෙරිහන් දෙන,එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදයට එරෙහිවය. ඒ හම්බන්තොට සිට නොව යාපනයේ සිටය.

රාජනී තිරාණගම මිය ගියද, ඇය අමතක කර දමන්නට, ඇගේ මිතුරන්, ඥාතීන් මෙන්ම බුද්ධිමතුන් හා සාමාන්‍ය ජනයා සූදානම් වූයේ නැත.


ගතවූ කාලය තුල, ඇය සිහිපත කර, ඈ ගෙනගිය ප්‍රජාතන්ත්‍රවාදය හා යුත්කිය උදෙසා වූ අරගලය සමරන්නට, ගතවු 25 වසර තුල ඈ උපන්, ඈ හැදී වැඩුනු, ඈ ඉගෙනගත්, ඈ මියගිය යාපනයේදී, නොහැකි විය.

යුද්ධය අවසන්ව, පස්වසරක් ගිය තැන, ඈ සිහිපත් කර, සමරන්නට ඇගේ මිතුරන්, ඥාතීන්, බුද්ධිමතුන් හා සාමාන්‍ය වැසියන්ට හැකි විය.

ඒ වෙනුවෙන් මෙම මස 20 යාපනය ට්‍රිමර් ශාලාවේදීද, පසු දින වීරසිංහම් ශාලාවේදීද සමරු වැඩසටහන් පැවැත්විණ.

මෙම වැඩසටහන් සදහා, යාපනයේ වැසියන් පමණක් නොව, අනෙකුත් ප්‍රදේශවල හා ජාත්‍යන්තර නියෝජිතයෝ එක් විය.

එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කල රාජනී තිරාණගම සමරු උත්සවය පැවැත්වීමට, ආණ්ඩුවේ අවසරය ලබාගෙන, නියමිතව තිබුනේ, යාපනය විශ්ව විද්‍යාල‍ය හා යාපනය පුස්ථකාලයේදීය. ඒ ආයතන දෙක, මෙම උත්සවයට ලබා නොදීමට රාජපක්ෂ රෙජිමය අවසාන මොහොතේ තීරිණය කළේය.

ඒ කවර හේතුවක් නිසා නොව, උත්සවයේ තේමාව වූ, වඩාත් යුක්ති සහගත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් යන තේමාව, රාජපක්ෂ රෙජිමයට නොදිරවන නිසාය.


No comments:

Post a Comment