Monday, March 7, 2011

ෆැන්ටා බෝතලයක හිලව්වට එස්.අයි.ගුණරත්න ,මන්ද මානසික තරුණයාගේ අත කඩයි.


25හැවිරිදි අලගුමයිල් මෝහන් මන්ද මානසික තත්වයකින් පෙනේනෙකි. ඉහත දැක්වෙන්නේ තලවාකැලේ පොලිසියේ එස්අයි.ගුණරත්න අලගුමයිල් මෝහන්ගේ අත කඩා ඇති අන්දම පෙන්වන X කිරණ පටලයේ දර්ශණය.



තලවාකැලේ වත්තේ -තේ පැක්ටේරිය අසල රණවීර මුදලාලිගේ කඩෙන් අරන් බිව්ව ෆැන්ටා බෝතලෙයේ මුදල ගෙවීමට අතපසුවීම මේ දඬවම ලබාදීමට හේතුවයි.

රණවීර මුදලාලිගෙන් ලැබුන දුරථන පණිවුඩයට - සිවිල් ඇඳූමින් සැරසුන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ත්‍රී රෝද රථයකින් වත්තට යවා අලගුමයිල් මෝහන්ව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආවේ දින දහවල් ට පමණය.

පොලිසියේදී එස්.අයි.ගුණරත්න ඔහුට කුණුහරප කියමින් බැන්නේය. පහර දුන්නේය. ටොකු ඇන්නේය. අනතුරුව අත කරකවා කඩා දැම්මේ ආයෙත් රණවීර මුදලාගේ කඩෙන් ෆැන්ටා බීලා සල්ලි නොදී නොයන්නටය.


ෆැන්ටා බෝතලයක හිලව්වට මේ අපරාධය කල එස්.අයි.ගුණරත්න අදටත් නිදැල්ලේ සිටී.

මෙම සිද්ධියද අනාවරණය කරගැනීමට පොලිස්පතිට හැකියාව නැති බව කවුරු නොදන්නවා වුවද මේ රටේ සාමාන්‍ය ජනතාව නම් හොදින් දන්නා බව ප්‍රකාශ කරමු.

No comments:

Post a Comment