යටවරගෙදර කුමාරිහාමි සහ ඔහුගේ පුත් පුබුදු දිල්ෂාන් |
01.සභාපති
මානව හිමිකම් කොමිෂන් සභාව
108” බාන්ස් පෙදෙස”
කොළඹ 07.
02.ජාතික පොලිස් කොමිෂන් සභාව
03 වන මහළ” රොටුන්ඩා ටවර්”
109” ගාලූ පාර”
කොළඹ 03.
03.ස්ථානාධිපති
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය
අංක 25” වයිට්වේස් ගොඩනැගිල්ල”
ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මාවත”
කොළඹ 01.
04. සභාපති
ළමා ආරක්ෂක අධිකාරිය”
330” තලවතුගොඩ පාර”
මාදිවෙල.
05. පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01.
06. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
පොලිස් අධිකාරී කාර්යාලය
මාතලේ.
ලිඛිත පැමිණිල්ල
ලිපිනය : 31, උරුලෑවත්ත, යටවත්ත, මාතලේ’ 2011.07.20 දින දීය.
(දරුවාට මාස තුනක්ව සිටියදී පියා අතහැර ගොස්ය)
සුබසිංහලා ගෙදර පුබුදු දිල්ෂාන් තිලකරත්න වයස අවු: 15 යි. මා/වීර පරාක‍්‍රම මධ්‍ය මහා විදුහලේ 09 වන වසරේ ඉගෙනුම ලබයි - මාගේ පුතා වේ.
2011. 06. 26 වන දින පුතාගේ මිතුරෙකු වන සහන් නමැති දරුවා අප අසල්වාසී අයෙකු වන ආර්. එම්. තිලකරත්න නමැති අයගේ දරුවාගේ සෙල්ලම්බඩු කීපයක් ගෙනවිත් ඇති අතර, එයින් කැඩුණු ජංගම දුරකථනයක් පුතාටද දී තිබෙනවා. තිලකරත්න නමැති අය හා අප ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අමනාපයෙන් පසුවනවා. පසුව පුතා එම ජංගම දුරකථනය ගෙදර ගෙනවිත් තිබෙනවා. අනෙක් ඒවා සහන් නමැති දරුවා ගෙනගොස් තිබෙනවා.
2011. 06. 30 වන දින පුතා පාසැල් ගොස් ගෙදර පැමිණියා. ඊට ටික වෙලාවකට පසු අප නිවසට යතුරුපැදි 03 කින් යටවත්ත පොලිසියේ නිලධාරින් 6 දෙනෙකු පැමිණියා’ නිලධාරින් දෙදෙනෙකු පමණක් නිල ඇඳුමෙන් සිටියා’ එක් නිලධාරියෙකු පුතාට කිව්වා කටඋත්තරයක් ගන්න යමු කියලා’ මගේ පුතාව ගෙනියන්නේ ඇයි” එයාව ගෙනියන්න එපා කියලා මම ඇක්‍ෂුවා’ ඒත් එම නිලධාරින් කටඋත්තරයක් ගන්න තියෙනවා කියා පුතාව යතුරුපැදියක දමාගෙන රැගෙන ගියා’ පුතාව පොලිසියට ගෙනගියේ ඇයි කියා අප දැනගෙන හිටියේ නැහැ.
පසුව මාත් මගේ අම්මාත් පයින්ම යටවත්ත පොලිසියට ගියා’ අපි යනවිට පුතා පොලිසියේ පුටුවක වාඩිවී සිටියා’ අපි පුතා සමග කතා කිරීමට යන විට එහි සිටි පොලිස් නිලධාරියෙකු මට තෝ පුතා හදාගනින් කියා කුණුහරුපයෙන් බැණවැදී එලවා ගත්තා’ පුතාව බැලීමට දුන්නේ නැහැ.
නමුත් අපි ඉස්සරහ තිබුණු පුටුවල වාඩිවෙලා හවස්වන තුරුම හිටියා’ නමුත් පුතාව බැලීමට දුන්නේ නැහැ’ පසුව පොලිස් නිලධාරින් වැඩ ඉවරවෙලා යන්න ගියා’ එක නිලධාරියෙකු පුටුවක වාඩිවෙලා හිටියා’ පසුව අපි දැක්කා පුතාව කූඩුවට දානවා’ එදා ? එළිවෙන තුරුම අපි පොලිසියේ හිටියා.
2011’ 07’ 01 වන දින (පසුදින) උදේ අපට බැණවැදුණු නිලධාරියා ඇවිත් කිව්වා ගෙදර ගිහින් කෑම කාලා එන්න කියලා’ මම කිව්වා අපිට බඩගිිනි නෑ කියලා’ පුතාට ගහන්න එපා කියලත් මම කිව්වා’ එවිට එම නිලධාරියා පලයං ගෑණියේ අහකට කියා මට බැණවැදුණා’ එම නිලධාරියා පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා මා පසුව දැනගත්තා’
ටික වෙලාවකට පසු අපි දැක්කා පුතාව ජීප් එකට නග්ගනවා’ ඊට පසු පුතාව නිලධාරින් කීප දෙනෙක් ජීප් එකෙන් රැගෙන ගියා’ අම්මාත් මාත් ත‍්‍රිවිල් එකක් අරගෙන ඒ පිටිපස්සෙන්ම ගියා’ ජීප් එක ගියේ අපේ ගෙදරට’ පසුව පුතා ගේ ඇතුළට ගිහින් ෆෝන් එකක් ගෙනත් දුන්නා’ ඒකත් අරගෙන මිදුලට ගියා’ පුතා සෙල්ලමට ඉටිරෙදි වලින් සාදා තිබුණු බස් එකක් තිබුණා’ ඒකේ ඇතුළට එබී බලා එහි තිබුණු පැති කණ්ණාඩි 2ත් අරගත්තා’ එතන තිබී සිම් කාඞ් පතකුත් අරගත්තා’ පුතා සාදා තිබුණු එම සෙල්ලම් බසයද කඩා දැම්මා’ එදා පුතාව උසාවි දමන බව කිව්වා’ පසුව පුතාවත් රැගෙන යන්න ගියා.
පසුව මගේ මල්ලිගේ බිරිඳ වන පද්මිණිත් සමග නීතිඥ මහතෙකු හමුවීමට ගියා’ ඔහුට විස්තර කියූ පසු නීතිඥවරයා අධිකරණයට එන බව පවසා සිටියා’ පසුව අප උසාවියට ගියා’ එහිදී පුතාට සෙල්ලම්බඩු සොරකම් කළ බවට චෝදනා නගා තිබුණා’ මාගේ අසරණ තත්වය මත පුතාව පරිවාස භාරයට යවන ලෙසට නියෝග කළා’ රුපියල් 25000/-ක ශරීර ඇපයක් තබා නිදහස් කළා’ නඩු අංකය 97789 වන අතර” නැවත 2011.07.26 දිනට කල් තැබුවා.
එදිනම මා පුතා සමග පරිවාස කාර්යාලයට ගියා’ නමුත් මා පුතාව පරිවාස භාරයේ තැබීම ප‍්‍රතික්ෂේප කළා’ පසුව නැවත මට පුතාව භාරදුන්නා’ නැවතත් 211’ 07’ 05 වන දින එම කාර්යාලයට පැමිණෙන ලෙසට කියා සිටියා.
2011.07.02, 03 හා 04 යන දිනවල පුතා ගෙදර සිටියා’ පුතා කෑම කෑමද ප‍්‍රතික්ෂේප කළා’ පසුව 2011’ 07’ 05 වන දින පුතා සමග නැවත පරිවාස කාර්යාලයට ගියා’ එහි නිලධාරියෙකු හමුවී මගෙන් හා පුතාගෙන් විස්තර ලබාගත්තා’ පුතාව පරිවාස භාරයට දීමට මා අකමැති වූ නිසා දරුවා මගේ භාරයේම තැබුවා.
පසුව 2011.07.06 හා 07 දින දෙකේ පුතා පාසැල් ද ගියා’ 2011.07.08 වන දින මගේ මල්ලිගේ බිරිඳ වන පද්මිණි අප නිවසට පැමිණියා’ ඇය පුතා වේදනාවෙන් සිටිනවා දැක” පුතාගෙන් විස්තර ඇසුවා’ ඒ අනුව,
පුතා පැවසූ ආකාරයට විස්තර පහත දක්වමි.
2011.06.30 දින පොලිසියට ගෙන ගිය ගමන්ම” කටඋත්තරයක් ගන්න තියෙනවා කියූ නිලධාරියා මාව කාමරයකට ගෙන ගියා’ ඇත්ත කියපන් කිව්වා’ මම සද්ද නැතුව හිටියා’ එතකොට මට කිව්වා නැත්තන් බැටන් පොල්ල ගේනවා ඇත්ත කියපන් කිව්වා’ ඒත් මම කිසිදෙයක් කිව්වේ නැහැ’ එවිට කිව්වා මාව කරුවල කාමරයට ගෙනියනවා කියලා’ පසුව මාව උඩුමහළේ තියෙන කාමරයකට ගෙනගියා’ ඒකේ ඇඳක් තිබුණා.
මාව ඇඳේ වාඩිකළා’ මට ඇත්ත කියපන් කිව්වා’ මම මුකුත් කිව්වේ නැහැ’ පස්සේ ඒ නිලධාරියා ගියා’ අපේ ගෙදරට ආපු සිවිල් ඇඳුමෙන් හිටපු නිලධාරියෙක් ආවා’ ඒ නිලධාරියාත් මට කිව්වා ඇත්ත කියපන්” බඩුටික දුන්නොත් ගෙදර අරිනවා කියලා’ මම කිව්වා මම ගත්තේ නැහැ කියලා’ එතකොට ඒ නිලධාරියා මගේ බෙල්ලෙන් අල්ලලා බිත්තිය පැත්තට තල්ලූ කළා’ ඊට පස්සේ මගේ චූ කරන තැනින් අල්ලලා බිත්තියට මාව හේත්තු කරලා මාව උඩට උස්සගෙන ටිකක් වෙලා හිටියා’ එහෙම උස්සගෙන මට කියපන් කියපන් කිව්වා’ මම සද්ද නැතුව හිටියා’ එවිට එම නිලධාරියා කිව්වා ඬඬඋඹව මෙතනින්ම අල්ලලා මරණවාඬඬ කියලා.
ඊට පස්සේ මගේ බෙල්ලෙන් අල්ලලා තදරකරලා” නැවතත් චූ කරන තැනින් මිරිකා අල්ලාගෙන ඇදලා ගත්තා’ පසුව ඇත්ත කියන්නේ නෑනේ කියා” ඒ ළඟ තිබුණු කාමරයකට ගෙනිච්චා’ මාව පුටුවක වාඩිකළා’ එහි තවත් නිලධාරින් හිටියා’ මේසයක් ළඟ නිලධාරින් දෙන්නෙක් හිටියා’ මට වධහිංසා කරපු නිලධාරියා මම ඇත්ත කියන්නේ නෑ කියලා මාංචු අරගෙන ඇවිත් මගේ එක අතකට දැම්මා’ පස්සේ මාව මාංචුවෙන් ඇදගෙන පහළට ගෙන ගියා’ ඒ නිලධාරියා කිව්වා ඇත්ත කිව්වේ නැත්තං කට්ටියටම පේන්න හංදියටම අරන් යනවා කියලා.
පස්සේ මම බයේ කිව්වා සහන් ගාව සෙල්ලම්බඩු තියෙනවා කියලා’ පස්සේ මාව එළියට ගෙනාපු නිලධාරියා මාව පුටුවක වාඩිකරලා මාංචුවේ අනික් කෙළවර පුටුවට දැම්මා’ මට කටඋත්තර දෙන්න කියූ නිලධාරියාත් අනෙක් නිලධාරියාත් යතුරුපැදියක නැගී බඩුටික අරගෙන එන්නම් කියා යන්න ගියා’ ඒ වේලාවේ අම්මාත් අත්තම්මාත් ආවා මම දැක්කා’ නමුත් අම්මලාට මාව බලන්න නොදී එහි සිටි පොලිස් නිලධාරියා බැණවැදී එලවා ගත්තා මම දැක්කා.
ටිකක් වෙලා ඉන්න විට ඒ නිලධාරින් සෙල්ලම්බඩුත් අරගෙන සහන් මල්ලිවත් ගෙනාවා’ එයාගේ අම්මත් ආවා’ පස්සේ මගේ මාංචු ගලවලා පොලිසිය ඇතුළට ගෙනියලා සහන්ගෙන් ඇහුවා සෙල්ලම්බඩු ගත්තේ ඇයි කියලා’ සහන් කිව්වා ඒවා ගත්තේ මම කියලා’ මම කිව්වා සහන් තමයි ගෙනත් දුන්නේ කියලා’ සහන්ගේ අම්මාත් කිව්වේ මම ගත්තා කියලායි’ පස්සේ සහන්වත් අම්මාවත් ගෙදර යැව්වා’ මට පුටුවක වාඩිවෙලා ඉන්න කිව්වා.
මට කටඋත්තර ගන්න යමු කියපු නිලධාරියා කිව්වා හෙට උදේට ෆෝන් එක ගේන්න යන්න ලෑස්ති වෙයන් කියලා’ ඒ නිලධාරියා ස්ථනාධිපති බවත් ඔහුගේ නම බණ්ඩාර බවත් අනිත් නිලධාරින් කියනවා මට ඇහුණා’ මම ටිකක් වෙලා ඉන්නකොට ස්ථානාධිපති බණ්ඩාර හා තවත් නිලධාරින් වැඩ ඉවරවෙලා ගෙදර යන්න ලෑස්ති වුණා’ ස්ථානාධිපති කිව්වා මගේ ළඟ තනියට කවුරුහරි ඉන්න ඕනා කියලා’ එක නිලධාරියෙක් ඉස්සරහ පුටුවක වාඩිවෙලා හිටියා’ පස්සේ තවත් නිලධාරියෙක් මාව කූඩුවට දැම්මා’ එදා ? කූඩුවේ හිටියා’ අම්මයි අත්තම්මයි එදා ? පොලිසියේ හිටියා.
2011.07.01 (පහුවදා)* උදේ ස්ථානාධිපතිවරයා නිල ඇඳුම් ඇඳගෙන ඇවිත් මට කිව්වා ෆෝන් එක තියෙන තැන කියන්න කියලා’ මම කිව්වා ගෙදර තියෙනවා කියලා’ ගෙදර යමු කිව්වා’ මම බෑ කිව්වා’ පස්සේ මාව බලෙන්ම ජීප් එකේ දාගෙන මට ගහපු නිලධාරියාත් තවත් නිලධාරින් කීප දෙනෙකුත් එක්ක අපේ ගෙදර යන්න ගියා’ අම්මලාත් ඒ පිටිපස්සෙන් ආවා.
ජීප් එකේ යන ගමන් ස්ථානාධිපති මගේ ඔලූවට පිස්තෝලයක් තියලා කිව්වා උඹට ගැහුවා කියලා කිව්වොත් උඹ පැනලා යන්න හැදුවා කියලා වෙඩි තියලා මරලා දානවා කියලා.
ගෙදරට ගිය පසු මම ඒ කැඩුණු ෆෝන් එක ස්ථානාධිපතිට දුන්නා’ මම ඉටිරෙදි වලින් සෙල්ලම් බස් එකක් හදලා තිබුණා’ ඒකට එබිලා බලා ඒකේ පැති කණ්ණාඩි දෙකත් ඔහු ගත්තා’ එතන තිබිලා සිම් එකකුත් ගත්තා’ මගෙන් ඇහුවා කොහෙන්ද කියලා’ මම කිව්වා හංදියේ කඩෙන් ගත්තු එකක් කියලා’ පස්සේ මාව ජීප් එකේ දාගෙන ගියා.
හංදියේදී මට කඬේ පෙන්නන්න කිව්වා’ මම පේනනුවා’ වෙනත් පොලිස් නිලධාරියෙක් ඔහුගේ ෆෝන් එකට මගෙන් ගත්තු සිම්එක දාගෙන ඔහුගේ සිම් එක කඬේට දීලා ඇහුවා මේක මෙහෙන්ද රෙජිස්ටර් කරලා තියෙන්නේ කියලා’ එම කඩෙන් කිව්වා නෑ කියලා’ නැවතත් මාව ජීප් එකේ දාගෙන ගියා’ යන ගමන් මගෙන් ඇහුවා හොරකම් කරපු ෆෝන් එකක සිම් එකක්ද කියලා’ මම කිව්වා නෑ ගෙදර එකක් කියලා’ එතකොට ස්ථානාධිපතිත් මට ගහපු නිලධාරියාත් කුණුහරුපයෙන් බැන්නා’ ඇත්ත කියපන් කිව්වා.
ඊට පස්සේ අපේ ඉස්කෝලේ ළඟට ගිහින් ජීප් එක නවත්තලා ඉස්කෝලෙට එක්ක යනවා” සිම් එක කොහෙන්ද කියලා කියපන් කිව්වා’ ජීප් එක ගේට්ටුව ළඟට ගන්නකොටම එතන්ට චන්දන සර් ආවා’ ස්ථානාධිපති ඒ සර්ට කිව්වා සෙල්ලම්බඩු වගයකුයි සිම් එකකුයි හොරකම් කරලා ගෙනාවා කියලා’ එවිට සර් කිව්වා ඉස්කෝලෙට එන්න එපා මම ප‍්‍රින්සිපල්ට කියන්නම් කියලා’ ආයෙත් මාව අරගෙන ගියා’ ඒ යන ගමන් ස්ථානාධිපති” ඬඬතෝ කපටියාඬඬ කියා මට කුණුහරුපයෙන් බැන්නා’ එසේම ඔහු කිව්වා” ගමේ පන්සලේ ඝංඨාරයක් නැතිවෙලා තියෙනවා” ඒකත් මූට දාමු කියලා’ පස්සේ මාව පොලිසියට ගෙන ගියා.
මේසයක් ළඟ පුටුවක වාඩිකළා’ ස්ථානාධිපති ඇතුළට ගියා’ නැවත ඔහු එන වෙලාවේ මම හිටියේ ඔලූව පාත් කරගෙන නිදිමතෙන්’ ඔහු ඇවිත් පෑනෙන් එකක් මගේ ඔලූවට ගහලා ඬඬඋඹ නිදාගන්නයි” අපි වැඩකරන්නයිඬඬ කියලා මාව කාමරයකට ගෙන ගියා.
ඒ කාමරේ දොර ළඟට යනකොට ස්ථානාධිපති බණ්ඩාර” මගේ කකුලකට පයින් දෙකක් වේගයෙන් ගැහුවා’ ඒ පාරවල් මට තදින්ම රිදුණා’ මම ඇක්‍ෂුවා’ එහි තිබුණු පුටුවක මම වාඩිවුණා’ එහි සිටි නිලධාරියෙකු මගෙන් ගෙදර විස්තර ඇහුවා’ නම” ලිපිනය ලියාගත්තා’ තව නිලධාරියෙකුට කිව්වා මගේ උසයි බරයි මැනලා ලියන්න කියලා’ ඒවා ලියනකොට සිවිල් ඇඳපු සුදු මහත නිලධාරියෙක් ආවා’ එහි සිටි නිලධාරින් ඔහුට සර් කියලා කතා කළේ.
ඒ සුදු මහත නිලධාරියා මගේ බෙල්ලෙන් අල්ලා” මේකා හරි කපටියා නේද කියලා මගේ පිටට දෙකක් අතින් ගැහුවා’ විස්තර ලියමින් සිටි නිලධාරියා කිව්වා කමිසෙ ගලවන්න කියලා’ මම ගැලෙව්වා’ මගේ ඇඟ පරික්ෂා කරලා බැලූවා’ පස්සේ සුදු මහත නිලධාරියා මගේ අත අඹරලා පිටිපස්සට අරගෙන මගේ පිටට අතින් ගැහුවා’ ඊට පස්සේ කමිසෙ ඇඳගන්න කිව්වා’ ස්ථානාධිපති යන්න ගියා’ සුදු මහත නිලධාරියාත් තවත් නිලධාරින් 4 විතර හිටියා.
සුදු මහත නිලධාරියා මට කිව්වා” ගැහුවා කියලා කිව්වොත් උඹව උසාවි දානවා” නැත්තං දාන්නේ නෑ” හැබැයි උසාවි දැම්මොත් වැලිකඩ බන්ධනාගාරෙ තමයි ඉන්න වෙන්නේ කිව්වා’ පස්සේ ඒ නිලධාරියාත් ගියා’ නිලධාරින් දෙන්නෙක් හිටියා’ එක් නිලධාරියෙක් මගෙන් කොල 02 කට අත්සන් ගත්තා’ කලින් විස්තර ලියාගත්තු පොතේ කොල ඉරලා එකදිගට තියලා ඇලෙව්වා.
පස්සේ එහි සිටි කළු නිලධාරියා මට බත් එකක් ගෙනත්දීලා කන්න කිව්වා’ මම කෑවා’ මට කිව්වා ටැප් එක ළඟට ගිහින් මූණ සෝදාගෙන එන්න කියලා’ ඊට පස්සේ මට බත්දීපු කළු නිලධාරියා මාව යතුරුපැදියේ තබාගෙන සෙල්ලම්බඩුත් අරගෙන රැගෙන ගියා.
ඒ යන අතරරෙදි සෙල්ලම්බඩු අයිති ගෙදර තිලකරත්න මාමාත් ඒ ගෙදර කුළියට ඉන්න ගුණතිලක මාමාත් හමුවුණා’ ඒඅය පොලිස් නිලධාරියාගෙන් ඇහුවා වැඬේ හරියට කෙරුවාද කියලා’ පොලිස් නිලධාරියා කිව්වා එන බස් එකක උසාවිය ළඟට එන්න කියලා’ පස්සේ යන ගමන් ඒ නිලධාරියා මට කිව්වා දැන් උසාවියට යන්නේ එහෙදි ඇප දෙයි” ආයෙත් මේ වගේ වැඩ කරලා අහුවෙන්න එපා කියලා.
අම්මලා නීතිඥ මහත්තයෙක් ගෙනල්ලා තිබුණා’ එහෙදී මට ඇප දුන්නා’ පරිවාසෙට දාන්න කිව්වා’ ඒත් අම්මා කැමති වුණේ නැහැ.
පුතා මෙම පහරදීම් හා වධහිංසා ගැන මගේ මල්ලිගේ බිරිඳට පැවසූ පසු 2011’ 07’ 09 වන දින මාත් මල්ලිගේ බිරිඳත් පුතාව යටවත්ත බෙහෙත් ශාලාවකට ගෙන ගියා’ එයින් පුතාව මාතලේ මහ රෝහලට ගෙන යන ලෙස උපදෙස් දුන්නා’ පසුව මල්ලිගේ බිරිඳ සමග පුතාව යැව්වා.
මාතලේ රෝහලේ 13 වන වාට්ටුවේ පුතාව නතර කළා’ එහිදි පුතාගෙන් රෝහල් පොලිසියෙන් ප‍්‍රකාශ ගෙන තිබුණා’ පොලිසියෙන් පහරදී ඇති බව පුතා පවසා තිබුණා’
එසේම අධිකරණ වෛද්‍යවරයාද පරික්ෂාකර බලා සටහන් කරගෙන තිබුණා’ එහ රෝහලේ දින 03 ක් ප‍්‍රතිකාර ලබා ගත්තා’ 2011’ 07’ 12 වන දින ටිකට් කැපුවා’ පසුව මනෝ වෛද්‍ය වරයෙකු වෙතද යොමුකළා’ ඉන්පසු සායනයටද යොමු කළා.
නැවත නඩුව 2011.07.26 වන දිනට කල්තැබුවා.
මා ඉල්ලා සිටින්නේ”
1. මාගේ පුතා නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන” රඳවා තබාගෙන අමානුෂික ලෙස වධහිංසා පමුණුවා” නඩු පවරනු ලැබූ යටවත්ත පොලිසියේ ස්ථානාධිපති බණ්ඩාර ඇතුළු අදාළ නිලධාරින්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසත්”
2. මාගේ පුතාට ආරක්ෂාව සලසාදෙන ලෙසත්ය’
එච්.එම්.වයි. කුමාරිහාමි
No comments:
Post a Comment