Tuesday, July 30, 2019

ජාත්‍යන්තර පට්ටම් ගහගෙන අසරණ ජනයා පෙලන්න මා.හි.කො.ස පටන් අරගෙන

රාජපක්ෂ රෙජිමය කාලයේ - මානව හිමිකම් කොමිෂන් සභාව කල කී දේවලට නොදෙවෙනි ලෙසට ඊනියා ‘‘ස්වාධීන’’ - මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ලා කටයුතු කරමින් සිටිි.

ආචාර්ය දීපිකා උඩගම නැමැත්තිය/සභාපති තනතුර දරන මේ කොමිෂම - ජාත්‍යන්තර වශයෙන් සම්මාන ගෙන ඇත. ”ලෝකෙට පරකාසේ- ගෙදරට මරගාතේ” - කියමන සනාත කරමින්, මේ වන විට කොමිෂම ‘‘මරගාතයක්’’ වී හමාරය.

ඌරගස්මංහන්දියේ සෝමලතා මහත්මියව මානව හිමිකම් කොමිෂමට ගෙන්වා ගෙන සිදු කළෙ , කබලෙන් ලිපට තල්ලූ කර දැමිමය. ඇය  මා.හි.කොමිෂමට ලියා ඇති ලිපියෙන් සියල්ල පැහැදිළි වේ.

සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව, 14, ආර්.ඒ. ද මැල් මාවත, කොළඹ 04.

පැමිණිලි අංකය - HRC1318/19

සෝමලතා, අවු: 58 යි, වැන්දඹු, දරුවන් 06 යි, රැුකියාව : කුලීවැඩ. ඌරගස්මංහන්දිය.
2019.07.25 දිනදීය. 

ඉහත ලිපිනය දරණ ඉඩම මාගේ සැමියාට අයත් වන අතර, අපගේ පදිංචිය අවු: 40 ක කාලයකි. මාගේ සැමියාගේ ඇවෑමෙන් පසුව, මා හා දරුවන් එහි ජීවත් වේ.

02. මාගේ ඉඩමට යාබද ඉඩම පර්චස් 6.8 ක් වන අතර, එහි හිමිකරු මාගේ බාප්පා වන ලේසින් නැමැති අයයි. ඔහුගේ ඇවෑමෙන් පසුව ඔහුගේ මුණුපුරන් වන ප‍්‍රසන්න හා සුරංග ට එම කොටස අයිති වන අතර, ඔවුන්ගේ අවසරය මත එම පර්චස් 6.8 ක් වන ඉඩම් කොටසද අප භුක්ති විඳිනු ලබයි. 

03. එසේ තිබියදී, අප අසල්වැසි ජගත් නැමැත්තා විසින්, මීට අවුරුද්දකට පමණ ඉහතදී, අප භුක්ති විඳින පරිචස් 6.8 කොටසෙහි තිබෙන මහව හා ඇල්ටෝනියා ගස්, නීති විරෝධී ලෙස කපන්නට පටන් ගනු ලැබුවා. අනතුරුව මාගේ ඉඩමේද ගස් බලහත්කාරයෙන් කපන්නට වුනා. එසේ කපා දමන ලද ගස් බිම පෙරලා දමා යන්න ගියා. 

04. ජගත් නැමැත්තා එම ගස් කපා දමනු ලැබුවේද ඌරගහ පොලිසියේ ස්ථානාධිපතිවරයා කපන්න කිවූ බව පවසමිණි.

05. පසුව මා එ් සම්බන්ධයෙන්, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී වෙත ගොස් පැමිණිලි කරනු ලැබුවා. සහකාර පොලිස් අධිකාරීවරයා ඌරගහ පොලිසියේ ස්ථානාධිපතිගෙන් දුරකථනයෙන් එ් පිළිබඳව විමසා සිටියා. ස්ථානාධිපතිවරයා තමා එවැන්නක් නොකල බව ප‍්‍රකාශ කලා. 

06. සහකාර පොලිස් අධිකාරීවරයා මට ඌරගහ පොලිසියට යන ලෙස පවසා සිටි අතර, මා පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරනු ලැබුවා.

07. එ් අවස්ථාවේ දැනගත්තා, ජගත් නැමැත්තාට මා ඇසිඞ් ගැසීමට තැත් කල බවට පොලිසියේ ව්‍යාජ පැමිණිල්ලක් කර ඇති බව හා, ඉන් අනතුරුව ගස් කැපීමට පැමිණ ඇති බව.

08. අනතුරුව ජගත් නැමැත්තා, කපා බිම පෙරලූ ගස්, මිනිසුන් යොදවා කුට්ටි කර දැමුවා. එම කුට්ටි කරන ලද ගස් මාස 5 - 6 පමණ බිම පෙරලා දමා තැබුවා.

09. මේ අතරදී ග‍්‍රාම නිලධාරී මනෝහරන් මයා පැමිණ, පර්චස් 6.8 කින් යුත් ඉඩමේ කොස් ගසක් මනිනු ලැබුවා. මා ඊට හේතුව විමසූ විට පවසා සිටියේ කොස් ගස කපන්න පර්මිට් එකක් දෙන්න ට බවය. අපේ ගසට පර්මිට් එකක් මොකටද යනුවෙන් මා විමසා සිටි අතර, ග‍්‍රාම නිලධාරියා පවසා සිටියේ අපගේ නිවසට හිරිහැර නිසා බවයි. අපගේ ගසට අනුන්ට පර්මිට් දෙන්නේ මොකටදැයි මා විමසා සිටි විට ඔහු පවසා සිටියේ, ජගත් ගේ මාමන්ඩිය වන නැල්සන්ගේ දුව නයනී ලියවිල්ලක් පෙන්වූ බවවය.

09. අපගේ නිවසට හිරිහැරයක්ව තිබූ පර්චස් 6.8 ඉඩමේ තිබෙන මහව ගසේ අත්තක්, එම කොටසේ හිමිකරු ප‍්‍රසන්න විසින් කපා ඉවත්කර දමනු ලැබුවා.

10. ජගත් ගේ මාමන්ඩිය වන නැල්සන් විසින්, පොලිසියේ පැමිණිල්ලක් දමා තිබෙනවා, මහව අත්ත කපා දැමීම සම්බන්ධයෙන්. මහව අත්ත කපා දැමීම ඔහුට කිසිසේත්ම අදාළ නොවන අතර, එම ගස අපට හිමි ගසකි.

11. ඉන් අනතුරුව, නැල්සන් හා ඔහුගේ දියණිය දීපිකා, ඌරගහ පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු සමග පැමිණ, පොලිස් නිලධාරීන් තිදෙනාගේ සහය මත, කපා දමා කුට්ටි කරන ලද ගස් වල කොටස් මිනිසුන් කිහිප දෙනෙකු ලවා කැන්ටර් රථ දෙකකින් පටවාගෙන යනු ලැබුවා. 

12. මෙම ගස් කැපීම සම්බන්ධයෙන්, මා විසින් ඌරගහ පොලිසියේ පැමිණිලි කිහිපයක් කලද ඵලක් වූයේ නැත. සිදුවූයේ පොලිසියේද සහය ඇතිව ඔවුන් විසින් ගස් කපා, පටවාගෙන යාමය.

13. පසුව මා 2019.05.14 දින, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කළෙමි. එම පැමිණිල්ල අනුව ්‍යඍක්‍1318රැු19 – යටතේ, මාගේ පැමිණිල්ල ලියාපදිංචි කරන ලද බව - 2019.05.14 දාතමින් මා වෙත ලිඛිතව දැනුම් දුණි. 

14. අනතුරුව, 2019.07.10 දාතමින්, මානව හිමිකම් කොමිෂම විසින් මට දන්වා එවා ඇත්තේ, මානව හිමිකම් කොමිෂන් සභාව මෙම ගැට`ඵවට මැදිහත් නොවන බවත්, මෙම කාර්යය සම්බන්ධයෙන් පොලිස්පති හා ජාතික පොලිස් කොමිෂන් සභාවේ මහජන පැමිණිලි අංශයට යොමු වන ලෙසටත්ය.

15. මෙම ගස් කැපීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීය. මාගේ ඉඩමේ හා මා භුක්ති විඳින පර්චස් 6.8 ඉඩමේ ගස් වල අයිතිය, මා හා මා භුක්ති විඳන පර්චස් 6.8 ඉඩමේ හිමිකරුවන් සතුයි. එසේ තිබියදී - නැල්සන්, ජගත් හා නයනී යන අයගේ අවශ්‍යතාවය මත, හිතවත්කම මත, ග‍්‍රාම නිලධාරී මනෝහරන් හා ඌරගහ පොලිසියේ නිලධාරීන් එක්ව නීති විරෝධීව ගස් කපා දමන ලදි. 

16. ඌරගහ පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙම ගස් කැපීමේ නීති විරෝධී ක‍්‍රියාවට සෘජුවම සම්බන්ධ බව ප‍්‍රකාශ කර සිටිමි. පොලිසියේ සහය ඇතිව ජගත් නැමැත්තාට මෙම කපා දමන ලද ගස් පටවාගෙන යාමට පොලිසියේ සහය ලැබුනේ, ස්ථානාධිපතිවරයා ගේ අනුදැනුම මතය.

17. රාජ්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව, කරන ලද මෙම අපරාධය, මානව හිමිකම් කොමිෂන් සභාවට අදාළ නැති බව පවසන්නේ කුමන පදනමක් යටතේද ? 

18. මානව හිමිකම් කොමිෂන් සභාවද මෙම අපරාධය මගහැර සිටින්නට උත්සාහ ගැනීමද අපරාධයකි.

19. මා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පැමිණි, 2019.05.14 දින, කොමිෂම විසින් පුරවා දීමට යයි මට දෙන ලද පෝරමය පිරවීමට, මට අකුරු කියවීමට ලිවීමට නොහැකි බැවින්, කොමිෂමේ ආරක්ෂක නිලධාරියෙකුගෙන් සහය ඉල්ලූ විට, ඔහු එය පුරවා, පෝරමය පිරවීමට රු: 1500/= ක් ගතයුතු බවත්, රු: 100/= ක් දෙන ලෙසත් ඉල්ලා සිටියා. එ් අනුව මාගෙන් රු: 100/=ක මුදලක් එම තැනැත්තා විසින් ලබා ගත්තා. 
අප ඉතා අසරණ දුප්පත් අහිංසක මිනිසුන් බැවින්, සාධාරණය ඉටු කර ගැනීමට පැමිණි ඔබ කොමිෂමෙන්ද අවසානයේ සිදුව ඇත්තේ අපව තව තවත් අසරණ කිරීමය. නීති විරෝධී ක‍්‍රියාවන්වල යෙදෙන පුද්ගලයින් ආරක්ෂා කිරීමය.

මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ක‍්‍රියාවන් හී යෙදෙන ජගත් නැමැත්තා හා ඌරගහ පොලිසියේ ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන් හා ග‍්‍රාම නිලධාරී මනෝහරන් නැමැත්තා ගේ සම්බන්ධය මත, ඔවුන් තම බලය අයුතු ලෙස උපයෝගී කරගෙන, මාගේ ඉඩමේ හා මා විසින් භුක්ති විඳන පර්චස් 6.8 ක් වන ඉඩමේ ගස් කපා දමා සිදුකල අපරාධය සම්බන්ධයෙන්, ඊට සෘජුවම සම්බන්ධ වූ, ඌරගහ පොලිසියේ එවකට ස්ථානාධිපති ඇතුලූ වගකිවයුතු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් හා ග‍්‍රාම නිලධාරී මනෝහරන් ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය. 

මෙයට,
සෝමලතා.



No comments:

Post a Comment