Tuesday, August 6, 2019

කකුල් දෙකම නැතිවූ අබ්බගාතයෙකුට නැගිට ඇවිද්දවන්න ගිය ”සාධාරණ” සිවිල් සමාජය ! හිටපු ‘‘ගෙම්බන්’’ යළි එයිද? භීතිකාවෙන් ඉන්න ‘‘ගෙම්බෝ’’ රැක ගන්න දඟලනවා.


ආසියානු මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ බැසිල් ප‍්‍රනාන්දු මහතාගේ ”නීතිය සහ විනය” ග‍්‍රන්ථය එළි දැක්වීම, 2019.08.03 රාජගිරියේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මූලස්ථානයේදී පැවැත්වින.

2015, රාජපක්ෂ රෙජිමය පෙරලා දැමීම ස`දහා දැවැන්ත මෙහෙවරක් ඉටු කළ  සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ, පෙරමුණ ගත්  පිරිස අද, යහ පාලනයේ පිහිටෙන්, තිස් තුන් කෝටියකුත් පහක් දෙවි දේවතාවුන්ගේ පිහිටෙන් වැජඹෙති.

රැුස්වීම ආරම්භ කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ පුරෝගාමියකු ලෙසට හඳුන්වාගත් මාධ්‍යවේදියා, සහභාගී වූ පිරිසගේ අඩුවට හේතු වශයෙන් දැක්වූයේ මොනවා හරි බෙදනවා කිව්ව නම් අද මෙතන පිරිලා යයි කියමින්ය.

ඉන්පසු තමා ඇතු`ඵ මෙතන ඉන්න සියල දෙනාම සොරකම් කරන්නන් බව, ප‍්‍රකාශ කරන්නට තරම් ඔහු නිර්භීත විය. 

”නීතිය හා විනය” ග‍්‍රන්ථය ලිවීමට හේතුවූ රටේ වත්මන් තත්ත්වය ගැන, පැහැදිළි කිරීමක් කල බැසිල් ප‍්‍රනාන්දු මහතා තම පොත ආරම්භ කරන මහාචාර්ය සරත් විජේසූරියට ලියන ලිපියට අවධානය කැඳවූයේය.
උපුටා ගැනීම (පිටුව 9*

''2015 ජයග‍්‍රහනයෙන් පසු මාස ගණනක් තුළ ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ ව්‍යාපාරයේ රැුස්වීම් ශාලාව තුළ දී  පැවැති දේශනාවක දී ඔබ තුමා නගන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මම ඉහත සඳහන් අදහස පැහැදිළි කළෙමි.

කකුල් දෙකම නැතිවූ අබ්බගාතයෙකුට නැගිට ඇවිද යන්න යයි කියා ජන වරමක් දුන් පළියට එසේ කිරීමට හැකියාවක් නැත. එහුට අවම වශයෙන් කෘතීම කකුල් දෙකක්වත් සදා දිය යුතුය. 2015 ජන වරමින් බලයට පත් නායකයෝ ද දේශපාලන වශයෙන් හා නෛතික වශයෙන් අබ්බගාතයෝ වූහ. ඔවුන් පොරොන්දු වූ දේ ගෙන දීමට හැකි තත්ත්වයක පසු වුණේ ද නැත. කෘතීම කකුල් දෙකක් වත් සොයා ගැනීමට තරම් වත් දේශපාලන අධිෂ්ඨානයක් ඔවුන්ට නොතිබුණි. දැන් පවතින තත්ත්වය මේ ක‍්‍රියාදාමයේ ප‍්‍රතිඵලයකි." 

පැය දෙකකට මදක් වැඩි කාලයක් ගෙන, ”නීතිය මත පාලනය” පිළිබඳව කරුණු දක්වා ප‍්‍රශ්න ඇත්නම් අසන්න යැයි පැමිණ සිටි අය කළ ආරාධනයට අනුව එක් විද්වතෙක් බැසිල් ප‍්‍රනාන්දු මහතාගෙන් ඇසුවේ ෙදාස්තර ෂාෆි ගේ  සිද්ධිය ගැන දරන මතය කුමක්ද යයි කියාය.

මම ඔය ගැන කිසි දෙයක් දන්නේ නෑ එ් නිසා මට මතයක් කියන්න බෑ යනු පිළිතුර විය. ප‍්‍රශ්නය ඇසූ විද්වතා පසුබට නොවී මාධ්‍ය කියන දේ ගැන මතය විමසීය. 

එයට එ් මහතාගේ පිළිතුර වූයේ මතයක් නෑ යන්නයි.

එක් අයෙක් එදාට වැඩිය අද ටිකක් හොඳ බව ප‍්‍රකාශ කළේය. තව කෙනෙක් අපේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන හදන බව කීය. 

වෙන්න යන දේ ගැන ඇත්තේ මහත් වූ බියක් බව නම් පෙනෙන්නට තිබින. 

එ් ලබන වරප‍්‍රසාද නැතිවේද? යන බිය ය. රට ගැන නම් තියෙන බිය විය නොහැක.
මෙම යුගයේ කළයුතු දේ ගැන අවබෝදයක් ලබා ගන්න කියවිය යුතු පොතක්.බැසිල් ප‍්‍රනාන්දු මහතාගේ ”නීතිය සහ විනය”


JS

No comments:

Post a Comment