Friday, August 30, 2019

”සිරිසේනට” පණිවුඩයක් ! බොරු නඩු දම්මලා කුඩු නවත්වනවද !! ආදේශක වැහි වැහැලා !!!


මොරටුව, ධීවර වත්ත, කුඩුවලට නම් දරාපු තැනක්. මෝදර පොලීසිය කරන්නෙ බොන එවුන්ව අල්ලලා, බොරු නඩු දාන එක.

මාස 09 ක්, රිමාන්ඞ් එකේ හිටපු නයි අදිකාරිගේ රංජිත් පුෂ්ප කුමාර ගේ කථාව. 

‘‘මම කුඩු බොනවා. නොවැම්බර් මාසේ මෝදර පොලීසියේ, ගාමිනී නැමති පොලිස් සැරයන්වරයා, මාව අල්ලා ගත්තා. මගේ ළඟ කුඩු තිබුනේ නෑ. කුඩු බීලා හිටියා. පොලීසියට අරන්, ගිහිල්ලා, කුඩු මිළි ග‍්‍රෑම් 2000 ක් ළඟ තියාගෙන හිටියා කියලා ඉදිරිපත් කළා. 

නඩුකාරයා මාව රිමාන්ඞ් කළා. කුඩු රස පරීක්ෂකට යැව්වා. මාස 09 කට පස්සෙ වාර්තාව ආවා. මිළි ග‍්‍රෑම්  අට සීයක් වගේ ප‍්‍රමාණයක්ලූ කුඩු තිබුනේ. 

ඒ ප‍්‍රමාණය දැම්මේ පොලීසිය. මට ඇප දුන්නා. මම වැරදිකාරයා කියලා පිළිගන්න සූදානම් වුනේ නෑ. 

ඒකට, මෝදර පොලීසියේ, ගාමිනී නැමති පොලිස් සැරයන්වරයා ඉන්නේ වෛරයෙන්. කුඩු හයිකෝට් නඩු 05 ක් දැම්මොත්ලූ උසස්වීම් හම්බ වෙන්නෙ.

මේ නිලධාරියාට ඔත්තු දෙන කුඩු කාරයන්ට, නඩු දාන්නේ ලේසියෙන් නිදහස් වෙන්න පු`ඵවන් විදියට. 

විශේෂයෙන් ‘‘කුඩු“ මේ රටේ, දුප්පතුන් විනාශ කර දමන්නක්. කුඩු බොන අයව`ඵන් මෙන්ම, ජාවාරම් කරන අයවලූන් පොලීසිය හොඳට දන්නවා.

කුඩු ජාවාරමෙන්, මන්දිර හදාගෙන, යාන වාහන තියාගෙන ඉන්න මුදලාලි මහත්වරු නෝනලා ළඟින්ම ඇසුරු කරන්නේ  ඕ.අයි.සී. ලා සැරයන්ලා. 

සිරිසේන එල්ලූම් ගහේ එල්ලිලා දඟලන්නේ මේවා ගැන නොදන්න නිසා නොවේ. මේ රටේ බහුතරයට මේවා වගක් නැති නිසා.

සිවිල් සමාජයට මේවා ප‍්‍රශ්න නොවේ. මොකද මේවා ගැන කථා කළාට මඩිය තර වෙන්නේ නැති නිසා.

නයි අදිකාරිගේ රංජිත් පුෂ්ප කුමාර මානව හිමිකම් කොමිෂමට ලියපු ලියුම. වැඩක් නොවුනත් වාර්තා වෙන්න  ඕන නිසායි ලියන්නේ.

01. සභාපතිනිය,                 
    මානව හිමිකම් කොමිෂන් සභාව        
    අංක 14
    ආර්.එ්. ද මැල් මාවත
    කොළඹ 04

02. පොලිස්පති                  
     පොලිස් මූලස්ථානය         
     කොළඹ 01


අත්අඩංගුවට ගෙන, බොරු නඩු දැමීමට දරන උත්සාහය 
නතර කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

නයි අදිකාරිගේ රංජිත් පුෂ්ප කුමාර, අවු: 35 යි, (උපන් දිනය : 1982.05.07) අවිවාහක, රැුකියාව: පානදුර මාකට් එකේ එලව`ඵ වෙළඳාම. ලිපිනය : 457/36, ධීවර කාර්යාල වත්ත, මෝදර, මොරටුව. දු.අ. 078 3465573

2019.08.23 වන දින දීය.

2019.08.16, සිකුරාදා, උදේ 10.00 ට පමණ, අසල නිවසක කුඩු පානය කරමින් සිටි පිරිසක්, මෝදර පොලීසියෙන් වට කරන ලදි.

එහිදී, දෙදෙනෙක් ව අත්අඩංගුවට පත් වූ අතර, තවත් දෙදෙනෙක් බේරී පලා ගොස් ඇත.

පලා ගිය අය අතර, කුඩු ජාවාරම් කරුද සිට ඇත.

අත්අඩංගුවට පත් වූ දෙදෙනා අතර, මාගේ සහෝදරයෙක් හා පොලීසියට ඔත්තු දෙන අයෙක් ද විය.

මාගේ සොහොයුරාට හයිකෝට් නඩුවක් පැවරූ අතර, ඔත්තුකරුට සු`ඵ නඩුවක් පවරා ඇප ලබා ගැනීමට ඉඩ හරින ලදි.

මා කුඩු පානය කළ අයෙක්. පසුගිය වසරේ ඔක්තෝබර් මස, මාව අත්අඩංගුවට ගෙන, කුඩු මි.ග‍්‍රෑ. 2000 කට වැඩිය ප‍්‍රමාණයක් දැම්මා. රිමාන්ඞ් බාරයට පත්කරනු ලැබුවා. මාස 09 ක් රිමාන්ඞ් බාරයේ හිටියා. රස පරීක්ෂක වාර්තාවට අනුව කුඩු තිබුනේ මි.ග‍්‍රෑ. 800 ක් පමණ. මට එ් නිසා ඇප ලැබුනා.

මට බොරු නඩුව දැම්මේ, මෝදර පොලීසියේ ගාමිනී නැමති පොලිස් සැරයන් වරයෙක්. ඔහු මා, නිවැරදිකරු කියූ නිසා තරහින් ඉන්නේ.

එ් නිසා, 2019.08.16 දින, මාගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට මාවද සම්බන්ධ කරන්නට උත්සාහ ගනී. ඔහු 2019.08.16 දින සිට මා අත්අඩංගුවට ගැනීමට සැරසේ.

මා මේ ගැන, පොලිස් අධිකාරීවරයා දැනුවත් කළා. ප‍්‍රයෝජනයක් වුනේ නෑ.

”කුඩු” බීමට මා පුරුදු වුනත් කිසි දිනෙක විකිණීම හෝ බෙදා හැරීම කළේ නෑ.

කුඩු ජාවාරම් කරන්නවුන් සිටියදී, කුඩු බීමට පුරුදු වූ මා වැනි අය අල්ලා, උසස්වීම් ගැනීම මේ පොලිස් නිලධාරීන්ගේ ක‍්‍රියාවයි.

මා ඉල්ලා සිටින්නේ,

පොලීසියට අපරාධ කරන්නට ඉඩ නොදෙන ලෙසටත්, මාගේ ආරක්ෂාව සලසන ලෙසටත්, බොරු නඩු දැමීම නතර කරන ලෙසටත්ය.

සැ.යු. මා මේ වන විට කුඩු බීම නතර කර ඇත. එසේ කර ඇත්තේ, ප‍්‍රතිකාර ගැනීමෙනි. චැනල් කිරීමට රු: 2000/- ක් පමණ ගියා. බෙහෙත් වලට රු: 1000/- කට වැඩිය යනවා.

මෙයට,

නයි අදිකාරිගේ රංජිත් පුෂ්ප කුමාර




No comments:

Post a Comment