Wednesday, August 7, 2019

වැලිපැන්න පොලීසියේ SI දමිත් ගේ නඩුවේ පූනු යයි - පිස්සු වැටිලා.

හැට එක් හැවිරිදි අමීර් හම්සා උසාවියෙන් මුදා හැරියාට පස්සේ, දෙවියන්ට කියමින්, ගෙදර යන්න ගියා. එ්ත් වැඩි දුරක් යන්න ලැබුනේ නෑ. පාර හරස් කර ඔහුව නැවැත්වු වැලිපැන්න පොලීසියේ උ.පො.ප. දමිත් ඔහුට අමු තිත්ත කුණුහරප කියමමින් තර්ජනය කළේ ‘‘ත‍්‍රස්තවාදී පනත’’ පාවිච්චි කරලා ඔහුව ඇතුළට දාන්න ක‍්‍රියා කරනවා කියමින්.

මේක ජාති ආගම් ප‍්‍රශ්නයක් කියලා ජාත්‍යන්තරය හඳුන්වලා තිබුණොත්, එ් ගැන පුදුම වෙන්න නම් එපා. අමීර් හම්සාව අත්අඩංගුවට ගැනීම, පොලීසියේ කීමට, ලංකාදීපය පල කරලා තිබුනේ මෙන්න මෙහෙම.


අවුරුදු දෙකකට පසුව, අමීර් හම්සාව උසාවියෙන් මුදාහැරීම ගැන ලංකාදීපය මාධ්‍ය නිදහසට ගරු කරමින් නිහඬ විය. 

මෙය ථේරවාදී බෞද්ධයන් බහුතරයක් ඉන්න ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට හිරිහැර කිරීමේ අවස්ථාවක් ලෙසට සිවිල් සමාජය ජාත්‍යන්තරයට කියනු ඇත. 

අමීර් හම්සා මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන්වේ. 



ව්‍යාජ චෝදනා පිළිගන්නා ලෙසට බල කර, එය අසාර්ථක වූ පසු
 පළිගැනීමට, තර්ජනය කිරීම.

මොහොමඞ් හසන් අමීර් හම්සා, අවු: 61 යි, ජා.හැ.අ. 582081395 ඪල විවාහක, දරුවන් 04, රැුකියාව: සත්ත්ව පාලනය හා ගොවිතැන, ලිපිනය: නො: 138/1, මරික්කාර් පාර, දර්ගා නගරය, දු.අ. 0777 842027

2019.08.07 වන දින දීය.

2019.08.06 වන දින, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ, මට හා තවත් අයෙකුට විරුද්ධව පැවැති, 40456 දරන නඩුවට ඉදිරිපත්ව, ආපසු නිවස බලා යමින් සිටියදී, වැලිපැන්න පොලිස් ස්ථානයේ, උප පොලිස් පරීක්ෂක දමිත් නැමති නිලධාරියා ඇතු`ඵ තිදෙනෙක් මා ගමන් ගත් මග අහුරා, මට පහර දීමට තැත් කර, තර්ජනය කර යන්නට ගියා.

මා, එ් අවස්ථාවේදීම, 119 ට කථා කර, දැනුම් දුන්නා. මට එම ස්ථානයේ සිටින ලෙසට දැනුම් දුන්නා. පැය 2 ක් ගත වුවද, කිසිදු නිලධාරියකු පැමිණියේ නෑ.

ඉන්පසු මා, මතුගම සහකාර පොලිස් අධිකාරීවරයාට, දුරකථනයෙන් දැනුම් දී, එම කාර්යාලයට ගොස් පැමිණිලි කළා. 

(1* මෙම සිද්ධිය සිදුවූයේ, පෙ.ව. 11.30 ට පමණය.

(2* අලූත්ගම, මතුගම (හොරවල පාර* තල්ගස්වල හංදිය, මේ සිද්ධිය වූ ස්ථානයයි.

(3* වැලිපැන්න පොලීසියේ, උ.පො.ප. දමිත් පැමිණියේ, යතුරුපැදියක පිටුපස ය. සිවිල් ඇඳුමින් සිටියා.

අනෙක් පුද්ගලයා පැමිණියේ තනිව, යතුරුපැදියකය. එම අය, දුටුවොත් අඳුරන්න පු`ඵවන්.

(4* උ.පො.ප. දමිත්, මට අසභ්‍ය වචනයෙන් බැන වදිමින්, ත‍්‍රස්තවාදී පනත පාවිච්චි කරලා, ඇතුළට දාන බව කිව්වා.

(5* ඔහු සමග සිටි, රැුවුල වවා ගත් පුද්ගලයා, මා අසලට පැමිණ, මට බැන, පහර දීමට ද උත්සාහ ගත්තා.

(6* මෙසේ මට බැන, තර්ජනය කර පහර දීමට හේතු වූයේ, 2017 ජූලි 27 දින, මා අත්අඩංගුවට ගෙන, ගවයින් සොරකම් කිරීම යන චෝදනාව යටතේ පවරන ලද, අංක 40456 නඩුවෙන් 2019.08.06 දින මුදා හැරීමය.

මෙම බොරු චෝදනා නඩුව, පවරන ලද දිනයේ සිටම, ව්‍යාජ චෝදනා වලට වරදකරු බව අධිකරණයෙන් පිළිගන්නා ලෙසට වැලිපැන්න පොලීසියේ, උ.පො.ප. දමිත්, මට බලපෑම් කරන ලදි.

ඔහු පුවත් පත් ද උපයෝගී කරගෙන මෙම නඩුව ට ප‍්‍රසිද්ධිය ලබාදෙන ලදි.

2018.08.06 වන දින, මට විරුද්ධව ඇති, පැමිණිල්ලේ පිටපත ලබා ගැනීමට වැලිපැන්න පොලීසියට ගිය අවස්ථාවේදී, ඔහු මට තර්ජනය කරනු ලැබුවා.

මා, ප‍්‍රකාශ කර සිටින්නේ, වැලිපැන්න පොලීසියේ, විශේෂයෙන් උ.පො.ප. දමිත් විසින් ගරු අධිකරණයේ, මට විරුද්ධව දමන ලද ව්‍යාජ පැමිණිල්ල ඉදිරියට ගෙන යෑමට නොහැකි වීම නිසාත්, ඔහුගේ තර්ජන වලට මා හිස පාත් කළේ නැති නිසාත් මේ ආකාරයට මට තර්ජනය කර පවතින්නා වූ වාතාවරණය උපයෝගී කරගෙන මා පීඩාවට පත් කරවීමට උත්සාහ ගත් බවයි.

මා ඉල්ලා සිටින්නේ, කඩිනම් පරීක්ෂණයක් කර, මට ආරක්ෂාව ලබාදෙන ලෙස හා යුක්තිය ඉටු කර දෙන ලෙසය.

මෙයට,

මොහොමඞ් හසන් අමීර් හම්සා 

No comments:

Post a Comment