Friday, August 30, 2019

ඇල්ලූවේ ”රා” දැම්මේ ”ගෝඩා” පානදුර පොලිස් අධිකාරියේ දුෂණ මර්දනයේ වැඩක්



සුරා බද්දන්ට, පොලිසියට, විතරක් නොවෙයි නිතිඥ ප‍්‍රජාවට කප්රුකක් වු පොල් ගස.  
‘‘පොල් ගහට’’ ලයිසන් ; ”මදින්නාට”- ලයිසන්;  ”අයිතිකාරයාට” -ලයිසන්;  ‘‘ප‍්‍රවාහකයාට” - ලයිසන්;  ““ප‍්‍රවාහනයට” ලයිසන්ත ”තියා ගන්නත්”- ලයිසන්.  ඒවුනාට බොන්න ලයිසන් නෑ - විකුණන්නත් ලයිසන් නෑ . 

නිකිණි පෝයදාට පසුදින ”රා” එකතු කරමින් සිටි සනත් ප‍්‍රසාන්ත, අත්අඩංගුවට ගෙන, රඳවාගෙන, පසුදින උසාවියට දාන්නේ, ”ගෝඩා” ළඟ තබා ගැනීමේ බොරු චෝදනාවට. 
ඔහු මේ ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස්පතිට මෙමෙ කියනවා                   

‘‘සනත් ප‍්‍රසාන්ත, අවු: 47 යි, විවාහක, දරුවන් 02 යි, රැුකියාව: බලපත‍්‍ර සහිතව රා ප‍්‍රවාහනය, කිරිම. 2019.08.15 වන දින, මා, ‘‘ෙදාඹගහවත්ත’’ යන පොල් ඉඩමේ, උදේ 9.30 ට පමණ, නීත්‍යානුකූලව රැුකියාවේ නිරතව සිටියෙමි. මා එසේ අතුර යට, රා එකතු කරමින් ඉන්න විට, පානදුර දකුණ පොලීසියේ, සාජන් මේජර්  ජයසිංහ (බොක්සර්ත) වත් දෙන්නෙක් සමග ජීප් රථයෙන් එතනට ආවා. සාජන් මේජර්  ජයසිංහ (බොක්සර්), මා අසලට පැමිණ, යමන්, යමන්, කියමින්, මා අත තිබූ, “රා බකට්” එකද සමග අත්අඩංගුවට ගෙන ජීප් රථයට නංවා ගත්තා. 

සාජන් මේජර්  ජයසිංහ (බොක්සර්), මට කිව්වා, ගෙනියන්නේ නඩුවක් ගන්න කියා. මාව දාගත්තට පස්සේ, ජීප් රථය පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට ආවා. එතැන ටික වේලාවක් සිට, ජීප් රථය පානදුර පාලම අසලට පැමිණියා. එහිදී උපාලි නැමති අයගේ නිවසට ගොස්, ගෙදර තිබූ රා බෝතලයක් සමග උපාලි නැමති අයගේ පුතාව, අත්අඩංගුවට ගෙන, ජීප් රථයට නංවා ගත්තා.

එහිදී මට, නිශාන්ත කුමාර නිලධාරියා කිව්වා, උඹට රා වලට නඩු දාලා වැඩක් නැහැ, ‘‘කෙලවන්න’’ නඩුවක් දානවා කියා. එතනදී, මගෙන් කොළයකට ඇඟිලි සලකුණු ගත්තා. ප.ව. 2.30 ට පමණ වන තෙක් මාව හා අනෙක් පුද්ගලයාව පොලිස් අධිකාරී කාර්යාලයේ රඳවාගෙන හිටියා. ඉන්පසුව, මාව හා අනෙක් පුද්ගලයා,පානදුර දකුණ පොලීසියට ගෙන ආවා. එහිදී, රිසව් එකට බාර දී කූඩුවට දැම්මා. සවස 6.00 ට පමණ, මා රැුකියාව කරන මුදලාලි, ලක්ෂ්මන් පොලීසියට පැමිණ මා ගැන විමසා සිටියා. පොලීසිය, ඇප දීමට නොහැකි බවත්, මට දමා තිබෙන්නේ, ”ගෝඩා” බැරලයක් බවත් ඔහුට ප‍්‍රකාශ කළා. මා එදින රාත‍්‍රියේ කූඩුවේ සිටියා.
පසුදින, 2019.08.16 දින, දහවල් 11.30 ට පමණ, මාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ගෙන ගියා. අධිකරණය මාව, රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරියා. 

මා, රා ප‍්‍රවාහනය සිදුකරන්නේ, අවුරුදු 05 ක පමණ කාලයක සිටය. මා, එම කාර්යය කරන්නේ,  ප‍්‍රනාන්දු මිය යටතේ. ඇයට, රා මැදීම, රා එකතු කිරීම, රා ප‍්‍රවාහනය ආදී කයුතු සඳහා බලපත‍්‍ර ඇත. මට බලපත‍්‍රයක් ඇත. අංකය: B/78/2019. එම බලපත‍්‍රය 2019 දෙසැම්බර් දක්වා වලංගුය. 
මේ ආකාරයට, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, පවත්වාගෙන යන දිස්ත‍්‍රික් දුෂණ මර්ධන ඒකකයේ/අංශයේ ස්ථානාධිපති නිශාන්ත හා සාජන් මේජර් ජයසිංහ (බොක්සර්) මූලිකව, මේ ආකාරයට මා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රඳවා තබාගෙන බොරු චෝදනා නගා නඩු දමන ලද්දේත  මීට පෙර අවස්ථා ගණනාවකදී, මාව, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන බොරු නඩු පවරන ලද සෑම අවස්ථාවකදීම, මට ඔවුන් දමන ලද බොරු නඩුවට, (චෝදනාවට) වරද පිළිගන්නා ලෙසට බල කර සිටිය ද, බලපෑමට යටනොවි මාගේ නිර්දෝෂී භාවය ගරු අධිකරණය ඉදිරියේ ඔප්පු කර සිටි නිසාය.

පානදුර පොලීසිය, ඊනියා දිස්ත‍්‍රික් දුෂණ මර්ධන ඒකකයේ/අංශයේ ස්ථානාධිපති නිශාන්ත හා සාජන් මේජර් ජයසිංහ (බොක්සර්) විසින්, අධිකරණය උපයෝගී කරගෙන 
(1) නීත්‍යානුකූලව රැුකියාව කිරීමට ඉඩ ලබා නොදීම,
(2) ව්‍යාජ නඩු පවරා, මූලික අයිතීන් උල්ලංඝණය කිරීම,
(3) අපරාධ මර්ධනය වෙනුවට, රජයේ දේපළ, මුදල්, කාලය, තම දුෂිත වැඩපිළිවෙල වසන් කිරීමට යෙදවීම.  

යන කරුණු පිළිබඳව විමර්ශනය කර, නීතිමය පියරව ගන්නා ලෙසට හා විරුද්ධව දමා ඇති බොරු නඩුව ඉවත් කර ගන්නා ලෙසට ඔහු සිය ලිපියෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.



No comments:

Post a Comment