Saturday, August 10, 2019

අපරාධකාරියව බේරන්න චෝදනාව හදයි! මානව හිමිකම් කොමිෂමට අදාළ නැතිලූ !! .... යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙයි...... !!




පේමවතී හැට හැවිරිදි දෙදරු මවකි. අසල්වැසි ගැහැනියක් පහර දෙන්නේ තම නැන්දනියට උදේ කෑම එක දෙන්නට යද්දීය. තුවාල ලබූ ඇය මතුගම පොලීසියට යන්නට පෙර, පහරදුන්න තැනැත්තිය පොලීසියට ගොස්, තමාට පහරදුන්න බවට පැමිණිල්ලක් දැමිමට පියවර ගෙන ඇත්තේ මතුගම පොලීසියේ උපදෙස් පිටය.

මතුගම පොලීසියට ගිය පේමවතීගේ ඔලූව උඩට පොලිස්කාරයේ පමණක් නොව පොලිස් කාරියෝ ද පාත් විය. ලේ පෙරමින් සිටි ඇයව, පොලීසිය හා එකගෙයි කන, වෑත්තෑව රෝහලට ගෙන යන ලෙසට, ඇගේ සැමියාට නියම කරන ලදි.

ප‍්‍රතිකාර කිරීමකින් හෝ අධිකරණ වෛද්‍යවරයකුට හෝ යොමු කිරීමකින් තොරව රෝහලෙන් පසුදිනම ඇයව ෙදාට්ට දැමීය. එසේ කිරීමට හේතුව ඇය, රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයාගේ පුද්ගලික බෙහෙත් ශාලාවට ගොස් විමසා සිටි විට, ඔහු කියා ඇත්තේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරී හැටියට තමා ඇගේ ”ටිකට්” කැපුවේ නැති බවයි.

ඊට පසුව ඇයව පොලීසියට ගෙන්වා, තර්ජනය කළ, මතුගම පොලීසියේ පොලිස්කාරයෝ, පොලිස්කාරියන් දෙදෙනෙකු යොදවා ඇදගෙන ගොස් කුඩුවට දමා දහවල් සිට රාත‍්‍රී 7.00 පමණ වන තෙක් රඳවා තබාගෙන විවිධ බලපෑම්වලට යටත් කළේය.

ඇයව එළියට දමා ඇත්තේ ඇගේ සමියා කරන ලද පැමිණිල්ල අස්කර ගන්නා බවට ස්ථානාධිපතිවරයාට දෙන ලද පොරොන්දුව මතය. එ් අවස්ථාවේ පැමිණිල්ල අදාළව ලබාදුන් ලදුපත ද ඉල්ලාගෙන ඉරා දමා තිබේ.

පේමවතී තමාට පොලීසිය සිදුකළ අපරාධය, මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට පැමිණිලි කළේය. මානව හිමිකම් කොම්ෂමට මැදිහත්වන්නට බැරි බව සභාපතිනිය ඇයට ලිඛිතව දන්වා එවීමට නිහතමානී විය.

පොලිස්පතිට කරන ලද පැමිණිල්ලට මතුගම ස.පො.අ. විසින් විමර්හනයක් පවත්වනු ලැබීය. ඊට පසුව මතුගම පොලීසියේ ස්ථානාධිපති, පේමවතීගේ සැමියා කරන ලද පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කරනු ලැබීය. ඒ මාස දෙකකට පසුවය. සමථ මණ්ඩලය සමථ නොවීමේ සහතිකය, 2019.05.05 මතුගම පොලීසියට යවන ලදි.

එයින් මසකට පසුව, එනම්, 2019 ජුනි 13, පේමවතීව පොලීසියට කැඳවා ප‍්‍රකාශයක් ගන්නා ලදි.
එදිනම, ඇයට පහර දීම, මතුගම මහේස්ත‍්‍රාත් අධාකරණයට වාර්තා කරන ලදි.

නඩු වාර්තා ලබාගෙන පරීක්ෂා කිරීමේදී පේමවතීට පහර දීම අදාළව පොලීසිය, සිද්ධිය විකෘති කරන ලද ”චෝදනාවක්” අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව නිරික්ෂණය විය.

පොලීසිය ඉදිරිපත් කළ සිද්ධිය විකෘති කරන ලද චෝදනාව, මත අධිකරණය, ඉදිරියේදී විභාගය පවත්වනු ඇත.

චෝදනාව බොරු බවට අධිකරණය තීරණය කිරීම එ්කාන්තය. චූදිතයා නිදහස්ව ගෙදර යනු ඇත.

බොරු නඩු දැමීම පොලීසියට ආයතන ගතවූවකි.

එය ඉහළ සිට පහළටත්, පහල සිට ඉහලටත් ක‍්‍රියාත්මක වේ.

මෙය සෑම ආන්ඩුවකම අවශ්‍යතාවයි. ඊනියා සිවිල් සමාජය නියෝජනය කරන තක්කඩි රැුලට මේ රටේ අසරණ මිනිසුන්ව අධිකරණය උපයෝගී කරගෙන සිදුකරන ලද තලා පෙලීම පෙනෙන්නේ නැතිව නොව, බලන්නේ නැතිව, ඉන්නවා අසරණයින්. 

පේමවතී නැමැත්තිය ලියන ලද ලියුම පහත දැක්වේ.

‘‘ පෙමවති -  මතුගම
2019.08.09

නීතිිපති, නීතිපති දෙපාර්තමේන්තුව
උපරිමාධිකරණ සංකීර්ණය
කොළඹ 12

මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය නඩු අංක : 60270
චූදිතව බේරා ගැනීම සඳහා වැරදි ආකාරයට චෝදනා පත‍්‍රය ඉදිරිපත් කිරීම.

මතුගම ම/උ අංක: 60270 දරන නඩුවේ චෝදනා පත‍්‍රය සම්පූර්ණයෙන්ම වැරදි ආකාරයට ගොනු කරනු ලැබූයේ චූදිතව බේරා ගැනීමටය.

මෙම අපරාධය මුල සිටම වසන් කිරීමට මතුගම පොලීසිය ක‍්‍රියාකරනු ලැබීය. 

චෝදනා අදාළ කරුණු සැකෙවින් පහත දක්වා සිටිමි.

(1) 2019..01.03 දින, පෙ.ව.8.00 ට මා, මතුගම විලේගොඩ පාරේ ”අඹගහ රාව” පදිංචි, චන්ද්‍රාවතී මියගේ නිවසට පැමිණි විට, චූදිත සුජීවා රූපකාන්ති වීරසිංහ මට පහර දෙන ලදි.

(2) මට පහර දුන්, සුජීවා රූපකාන්ති වීරසිංහ, මතුගම පොලීසිය හා පවත්නා සම්බන්ධය උඩ, මා පොලීසියට යෑමට පෙර, පොලීසියට ගොස්, මා ඇයට පහර දුන් බවට, පැමිණිල්ලක් කර තිබින.

(3) මා, ලේ පෙරාගෙන පොලීසියට ගිය විට, මාව රෝහල්ගත කර, ඊට පසුව පැමිණිල්ලක් දාන ලෙසට මාගේ ස්වාමිපුරුෂායට උපදෙස් දුන්නා.

(4) ඔහු මාව, වෑත්තෑව රෝහලට ගෙන ගොස් බාර දී, පොලීසියට ගොස් මා වෙනුවෙන් පැමිණිල්ලක් කළා.

(5) මා රෝහලෙන් පිට වූ පසුව, පොලීසියේ ඉල්ලීම මත, 2019.01.05 දින, පොලිසියට ගියා.

(6) එදින මට පහරදුන්, තැනැත්තිය වූ, සුජීවා රූපකාන්ති වීරසිංහ ද, පොලීසියට ගෙන්වා තිබුණා.

(7) මා පොලීසියට ගිය විට, පොලිස් ස්ථානාධිපති ඇතු`ඵ නිලධාරීන් මට බැන වැදුනා. 

(8) පොලිස් කාන්තාවන් දෙදෙනෙක් මාව ඇදගෙන ගොස් කූඩුවට දැම්මා.

(9) ඊට පසු මට පහරදුන් ,තැනැත්තිය වූ, සුජීවා රූපකාන්ති වීරසිංහ ව, මා සිටි කූඩුවට දැම්මා.

(10) මාගේ සැමියාට තර්ජනය කරමින් කියා සිටියා, පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තොත් පමණක්, මාව, කූඩුවෙන් එළියට දාන බවට.

(11) මා, ප.ව. 2.00 සිට රාත‍්‍රී 7.30 දක්වාම කූඩුවේ සිටියා.

(12) බැරිම තැන සැමියා ගොස් ස්ථානාධිපතිට කිව්වා, පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බව.

(13) ස්ථානාධිපතිගේ උපදෙස් අනුව, සිවිල් පිට හිටිය නිලධාරියෙක්, පැමිණිල්ල දාපු ලදුපත සැමියාගෙන් ඉල්ලාගෙන ඉරා දැම්මා.

(14) රාත‍්‍රී 8.00 ට පමණ මාව එළියට දැම්මා.

(15) 2019.01.08 දාතමින්, මා පොලීසිය සිදුකළ අපරාධය ගැන පොලිස්පතිවරයාට හා මානව හිමිකම් කොමිෂමට ලිඛිතව දැනුම් දුන්නා.

(16) එම පැමිණිල්ලට 2019.02.05 දින මතුගම ස.පො.අ. විසින් කැඳවීමක් කර, මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා.

(17) ඊට පසුව මාගේ සැමියා, (ඩබ්.ඞී.සිරිල්* කැඳවා, 2019.02.14 වන දින, මතුගම ස.පො.අ. ප‍්‍රකාශයක් ගත්තා.

(18) එයින් පසුව, මතුගම පොලිස් ස්ථානාධිපතිවරයා, සිදු කළේ, 

18.1. මාගේ සැමියා විසින්, මට පහර දීම අදාළව සිදුකරන ලද, 
             :ඵගක්‍ගඍග26රැු2019ලක්‍:1*238රැු21* පැමිණිල්ල ඔහුගේ 111/19 යටතේ සමථ මණ්ඩලයට 
             යොමු කිරීම සහ

18.2. මට පහර දුන්න, සුජීවා රූපකාන්ති වීරසිංහ විසින්, පොලීසියේ උපදෙස් මත, මට විරුද්ධව දමන ලද පැමිණිල්ල 110/19 යටතේ සමථ
 මණ්ඩලයට යොමු කිරීම මගින්, සුජීවා රූපකාන්ති වීරසිංහ කළ අපරාධය, ”විකෘති” කිරීම යටපත් කර, ස්ථානාධිපති කළ අපරාධය වසන් කිරීමය.

19. සමථ මණ්ඩලය 2019.04.21 හා 2019.05.05 යන දින දෙකේදී එකම අවස්ථාවක කැඳවා සමථ කරන ලදි.

20. එකඟතාවයකට නොපැමිණි නිසා එ් බව, 2019.05.05. දින මතුගම ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලදි.

21. එයින් පසුව 2019.06.13 වන දින, මාව පොලීසියට කැඳවා සිද්ධිය අදාළව ප‍්‍රකාශයක් ගන්නා ලදි.

22. එයින් පසුව එදිනම, 2019.06.13 මතුගම පොලීසිය සුජීවා රූපකාන්ති වීරසිංහට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩු පවරනු ලැබීය.

23. පසුව, 2019.08.29 දින කැඳවීමට නියම කර, චූදිතට හා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසට ගරු අධිකරණය නියම කළේය.

ගරු නීතිපතිතුමනි,

පොලීසිය විසින් ගොනු කරන ලද පළවන චෝදනාව මගින් කියන්නේ, ” වාලේගොඩ මතුගම ලිපිනයේ පදිංචි විලේගොඩගේ ෙදාන් සිරිල් යන අය නිවසට බිය ගැන්වීමේ නින්දා කිරීමේ, අප‍්‍රසන්නතාවයක් ඇති කරීමේ අදහසින් අයුතු ලෙසින් ඇතු`ඵවීම. ල.ද.නී.ස. 433 වගන්තිය යටතේද” කියාය මෙය සම්පූර්ණයෙන්ම වැරදිය. හිතාමතා කළ අපරාධයකි.

02 වන චෝදනාවෙන් කියන්නේ, ඉහත පලමු චෝදනාවට අමතරව එම ස්ථානයේදීම එම වේලාවේදීම එම ක‍්‍රියාකලාපයේදී ම,

විලේගොඩ, මතුගම ලිපිනයේ පදිංචි විලේගොඩගේ ෙදාන් සිරිල් යන අයගේ නිවසට අයුතු ලෙසින් ඇතු`ඵ වී නිවසේ සිටි බිරිඳ වන පේ‍්‍රමවතීී සමරසිංහ යන අයට කායික වේදනාවක්, රෝගයක්, දුර්වලතාවයක් ඇති කිරීමේ අදහසින් අතින් පහරදී තුවාල සිදු කිරීම.

ල.ද.නී.ස. 314 වගන්තිය යටතේ ද දඬුවම් ලැබිය හැකි වරදක් කළ බවට මෙයින් චෝදනා කරනු ලැබේ.

පළමු චෝදනාව මෙන්ම මෙම චෝදනාවද හිතාමතාම වැරදි ලෙස ගරු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පොලීසිය මෙම සිදුවීම යට ගැසීමට එනම්, අපරාධය සිදුකළ සුජීවා රූපකාන්ති වීරසිංහ බේරා ගැනීමට කටයුතු කර එය අසාර්ථක වීමෙන් පසුව අධිකරණයෙන් ඇයව නිර්දෝෂී කිරීමට ගත් උත්සාහයක් ලෙසට මෙම නඩු පැවරීම සිදුකර තිබේ.

මෙම චෝදනා යටතේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීම චූදිත සුජීවා රූපකාන්ති වීරසිංහ නිෙදාස් කොට නිදහස් කිරීමට ගරු අධිකරණය ක‍්‍රියාකරනු ඇත. 

එම නිසා මා ඉල්ලා සිටින්නේ, චෝදනා සංශෝධනය කර නිවැරදිව නඩුව පවරන ලෙසටය.

මෙය 2019.08.29 දිනට සිදුකරනු ඇතැයි අපේක්ෂා කරමි.

මෙයට,    පේමවති  




No comments:

Post a Comment