Tuesday, August 20, 2019

බැලූ බැල්මට නඩුවක් නෑලූ!! සිරිසේන දොස්තරයා නිදහස් ..... !!



ඌරගස්මංහන්දියේ, ඇසට දාන බෙහෙතක් වෙනුවට, කණට දාන බෙහෙතක් දුන්න ෆාමසි කාරයාව, බේරන්න පොලීසිය හා එක්වූ වෛද්‍ය සභාව ඉදිරියේ පවරන ලද නඩුව ඉවත දැමීමට එම සභාව පියවර ගෙන ඇත.

එ් පියවර ගැන, පැමිණිලිකාරිය විසින් වෛද්‍ය සභාවට ලියන ලද ලිපිය පහත දක්වමු.
වෛද්‍ය සභාව විසින් නිකුත් කරන ලද ලිපියද ඇත.

මේවා ගැන කථා කරන්න. ජන බලය ගොඩ නැගිය හැක්කේ, බස්වලින් මිනිසුන් ඇද අත්පුඩි ගස්සවා ගැනීමෙන් නොවේ.

ලි.ප.තැ.

2019.08.19

වෛද්‍ය සී.එල්.කේ. අතපත්තු මයා
වැ.බ. ලේඛකාධිකාරී
ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව
31, නොරිස් කැනල් පාර
කොළඹ 10

මහත්මයාණනි

ඌරගස්මංහන්දිය ”ගුණවර්ධන ෆාමසිය” මගින් වැරදි බෙහෙතක් නිකුත් කිරීම නිසා අර්ධ අන්ධතාවයට පත්වීම සම්බන්ධයෙනි.

ඔබගේ අංක : පීපීසී 424 හා 2019.07.27 දරන ලිපිය හා බැඳේ.

පිළිතුර එවීම ගැන ස්තුතිවන්ත වෙමි.

ඔබ ආයතනයේ ඊනියා, වෘත්තීය චර්යා කමිටුවේ තීරණය මා තරයේ හෙලා දකින අතර, දැඩිව ප‍්‍රතික්ෂේප කරමි.

ඔබගේ ආයතනය, එහි ඊනියා වෘත්තීය චර්යා කමිටුවට චර්යාවක් නැත.

”බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ” යන අප ජන වහරේ කියමන් සනාථ කිරීම ගැනද ස්තුතිවන්ත වෙමි.

ඔබ කමිටුවේ ඉන්නේද ¥ෂිත වෛද්‍යවරුන් පිරිසකි. වෛද්‍යවරුන්ගේ චර්යාව රැුකීම නොව ¥ෂිතයන් රැුකීමට, ඔබ කමිටුව සැදී පැහැදී සිටන බව මාගේ අත්දැකීම විය.

මා අන්ධයකු වීම වැළකුනේ මෙරටේ ඉන්න, තම වෘත්තීය ඉතා උසස් ලෙස ඉටු කරන වෛද්‍යවරුන් නිසාය.

එම ගෞරවනීය වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුවය, මා ඔබගේ ආයතනයට පැමිණිල් කළේ.

අවසාන වශයෙන් නැවත වරක් ඔබ ආයතනයේ තීරණය හෙළා දකිමින් මා නවතිමි.

මෙය, ඔබට හැකි නම් සභාපතිවරයාගේ අවධානයට යොමු කරන්න.

ස්තුතියි,
මෙයට,

රම්‍යලතා

පිටපත්

01. ලේකම්
    සෞඛ්‍යය පෝෂණ හා දේශීය ආයුර්වේද අමාත්‍යාංශය
    අංක 385, පූජ්‍ය බද්දේගම විමලවංශ නාහිමි මාවත 
    කොළඹ

02. වෛද්‍ය රාජිත සේනාරත්න මහතා
    ගරු සෞඛ්‍යය පෝෂණ හා දේශීය ආයුර්වේද අමාත්‍යය
    සෞඛ්‍යය පෝෂණ හා දේශීය ආයුර්වේද අමාත්‍යාංශය
    අංක 385, පූජ්‍ය බද්දේගම විමලවංශ නාහිමි මාවත 
    කොළඹ


 

No comments:

Post a Comment