Monday, July 13, 2020

කුඩු ජාවාරම යට ගැසූවේ දේශපාලඥයින්, මාධ්‍ය හා විද්වතුන්



මත්ද්‍රව්‍ය ජාවාරම පමණක් නොව, සියළුම සංවිධානාත්මක නීති විරෝධී ජාවාරම් සමග අදාළ රාජ්‍ය නිලධාරීන් ගේ සම්බන්ධතාවය හෙළිදරව් වීමට ඉඩ නොතබා යට ගැසීමට යොදා ගත්තේ ඒවා පිටුපස සිටින්නේ දේශපාලඥයින් බවට ගොඩ නගන ලද විකෘතයයි.

නිදහසට පෙරද, පසුවද, යුක්තිය පසිඳලීම හා සම්බන්ධ සිය`ඵම ආයතනවල, ආයතනගතව තිබූ  දූෂණ, අක‍්‍රමිකතාවයන් ගැන විවේචනයක්, කථිකාවක් ඇති කරන්නට සාමන්‍ය ජනතාවට ඉඩ ලබා දුන්නේ නැත.

එය සිදු කළේ මාධ්‍යයේ පූර්ණ ආවරණය ඇතිව, නිලධාරී පැලැන්තිය, ඉහළයින් බුද්ධිමතුන් යැයි තමන් විසින් හඳුන්වා ගන්නා පිරිස් හා සියළුම වර්ණ භේදයකින් තොර පක්ෂ හා සංවිධාන විසින්ය.

ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට, ඇමතිවරුන්ට, පක්ෂ විපක්ෂ දේශපාලකයින්ට, බණින්නට, මඩ ගසන්නට කිසිවෙකු පසුබට වන්නේ නැත.

නමුත් ගමේ පොලීසයේ, ග‍්‍රාමසේවකගේ, ප‍්‍රාදේශීය ලේකම්ගේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක දූෂණ හා අක‍්‍රමිකතා ගැන කථා කරන්නට, ඉදිරිපත් වන්නට ඉඩක් ලබාදුන්නේ නැත. 

දරුවෙකු අපයෝජනයට ලක් කළ ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකු හෝ ගැන නීතිය ක‍්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වන්නේ කලාතුරකින් අදාළ දරුවාගේ දෙමාපියන් පමණි. සියල්ලෝම ගන්නේ අපයෝජකයා ගේ පැත්තය.

මත්ද්‍රව්‍ය මර්දනය ගැන කථා කරන්නේ අද ඊයේ සිට නොවේ. ඒ සෑම අවස්ථාවකම, දේශපාලකයින්ට ඇඟිලි දිගු කර කථා පවත්වන්න, ප‍්‍රකාශ නිකුත් කරන්න, සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ට් දැමීම අඩුවක් නැතිව කළේය.

”මත්ද්‍රව්‍ය” ජාවාරම මර්දනයට, නිසි නායකත්වය ලබාදී, මර්දනය ආරම්භ කළ යුතු තැන තෝරාගෙන, ක‍්‍රියාමාර්ග ගැනීම සමග මෙතෙක් කල් වසාගෙන සිටි රෙදි ගැලවෙන්නට පටන් ගෙන තිබේ.

දශක තුනකට ආසනන් කාලයක් මු`ඵල්ලේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම පිලිබඳව සිද්ධි ඇසුරෙන් ඉදිරිපත් කළ කරුණු, අද යථාර්තයක් බවට පත්වීම ආරම්භ කර ඇත.

මෙය ආරම්භයක් පමණි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යුක්තිය පසිඳලීමේ යාන්ත‍්‍රනයේ සිය`ඵ සම්බන්ධතා හෙළිදරව් කරගෙන ඒවා විසංධි කරන තෙක්, මෙම ජාවාරම වැළැක්වීමට නොහැකිවනු ඇත. මෙය කාල බෝම්බ සමග කරන සෙල්ලමකි. 

No comments:

Post a Comment