Thursday, July 23, 2020

ලිංගික අතවර චෝදනා මත වැඩ තහනමට ලක්වූ සරසවි ඇදුරාගේ පෙත්සම ඉවතට



කොළඹ විශ්ව විද්‍යාලයේ, ශ‍්‍රී පාලි මණඩපයේ ජනමාධ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා වශයෙන් සේවය කළ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වූ, ආචාර්ය ඩබ්.එම්.පී.එන්. වීරසංහ ව වැඩ තහනමට ලක් කළේ ඔහු යටතේ සේවය කළ සහය කථිකාචාර්යවරියන් දෙදෙනෙකු විසින්, තමන්ව ලිංගික හිංසනයට භාජනය කරන බවට කරන ලද චෝදනාව මතය.

2016 වසරේ පෙබරවාරි මැද භාගයේදී කරන ලද මෙම පැමිණිල්ල මත කරන ලද මූලික විමර්ශනයකින් පසුව මෙම සරසවි ඇදුරාගේ වැඩ තහනම් කරනු ලැබීය. ඒ 2016.03.10 දිනය.

ඉන් අනතුරුව චෝදනා පත‍්‍රයක් නිකුත් කරනු ලැබීය. ඒ 2016.09.19 දින දීය.

ආයතන නීති වලට අනුව චෝදනා පත‍්‍රය ලබා දිමෙන් පසුව, විනය පරීක්ෂණ වසරක් තුළ අවසන් කළ යුතුය. නැතිනම් චූදිතව සේවයේ පිහිටවිය යුතුය. 

සරසවි ඇදුරු, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ, වසරක් තුළ තමා සේවයේ නොපිහිටවීම නිසා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ”නීතිය පසිඳලීම සහ ක‍්‍රියාත්මක කිරීම ද නීතියේ රැුකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය. යන මූලික අයිතිවාසිකම, විශ්ව විද්‍යාලය විසින් උල්ලංඝණය කර ඇති බව ප‍්‍රකාශ කරමින් ය.

ශ්‍රේෂ්ඨාධිකරණය, සරසවි ඇදුරාගේ පෙත්සම නිශ්ප‍්‍රභා කළේය. එ් නඩු ගාස්තුවට යටත් කරය.

සම්පූර්ණ නඩු වාර්තාව පහත දැක්වේ.


















No comments:

Post a Comment