Wednesday, July 22, 2020

විශ‍්‍රාමිකයාගේ ඉතුරුම්වලට සණස බැංකුව හෙනහුරා වෙයි.



රාජසූරිය විශ‍්‍රාමික ග‍්‍රාම සේවකයෙකි. ඔහු රජයේ බැංකුවක ඉතුරු කරන ලද මුදල් වැඩි පොලියකට සණස බැංකුවේ තැන්පත් කළේය. වසර තුනකට පසුව බලන කල රුපියල් ලක්ෂ හතකට ආසන්න එම මුදල, බැංකු කළමනාකරු වංචා කර තිබින.

මෙම වංචාව පිළිබඳව වසර 14 කට ආසන්න කාලයක් ගතව ඇතත්, නීතිය ක‍්‍රියාත්මක වන්නේ නැත. 
ඔහු ප‍්‍රකාශ කරන පරිදි තනිකඩයෙකු වූ තමා සමග, මොරටුව, එගොඩ උයන, සණස බැංකුවේ, කළමනාකරු වජිර කුමාර නැමැත්තා හිතවත්කම් ගොඩ නගා ගන්නා ලදි.

එම හිතවත්කම මත, ඔහුගේ විවාහයට කියා, රුපියල් 80,000/- ක් ඉල්ලා ගත්තේ කඩිනමින් ආපසු දෙන බවට පොරොන්දු වෙමින්ය. කළමනාකරු වජිර කුමාර නැමැත්තා ඔහුගේ බැංකු පාස් පොතද, ලබාගෙන තිබුනේ යාවත්කාලීන කිරිමට යයි කියාය.

හිටි හැටියේ මෙම බැංකු කළමනාකරු කළමනාකරු වජිර කුමාර නැමැත්තා විදෙස්ගත වූයේ බැංකු පොත සිය බිරිඳගෙන් ලබාගන්නා ලෙසට දැනුම් දෙමින්ය. ඇය හෙදි නිලධාරිනියකි.

එය ලබාගත් ග‍්‍රාම නිලධාරියාට තරු පෙනින. එ් බැංකු පොතේ මුදල් සියල්ලම ඉවත් කරගෙන තිබූ බව දැකීමෙන්ය.ග‍්‍රාම නිලධාරී නීතියට අනුව, පොලීසියට ගියේය. පැමිණල්ල බාර ගැනීමට පවා, පොලීසිය සූදානම් වූයේ නැත. 

එ් නිසා ඔහුට පොලීසියේ ඉහළ නිලධාරීන් ගාවට යැමට සිදුවිය.

ඉතා අසීරු ගමනකින් පසුව, බාරගත් මොහුගේ පැමිණිල්ලට අනුව, නඩුවක් මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරනු ලැබීය. එ් සඳහා වසර 5 ක් ගතවිය.

ඒ වන විට, බැංකු කළමනාකරු වජිර කුමාර නැමැත්තා විදෙස්ගතවී සිටි නිසා, නඩුව උසාවියේ පල්වෙමින් වසර දෙකක් පැවතිනි. 

මෙම වජිර කුමාර, සිය රට පැමිණ ඇති බව දැන ගැනීමෙන් පසුව, නැවත පොලීසිය මගින්, ඉතා අසීරුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරවා ගැනීමට හැකි විය.

මෙම මුදල් වංචාව සිදුකළ බැංකු කළමනාකරු වජිර කුමාරව, රැුක ගැනීමට බොහෝ පිරිස් එකතු විය. එ් අතර එගොඩ උයන සණස බැංකුවෙ සභාපති වූ හිමිනම ද විය. ඔහු වංචාකරු වජිර කුමාරගේ ඥතියෙකු බවද හෙළිවිය.

දැනට මෙම මුදල් වංචාවට වසර 14 ක් ගතව තිබේ.

වංචිවට අදාළ චෝදනා පත‍්‍රය පොලීසිය ඉදිරිපත් කළේ 2020.06.25 දිනයි. ඊළඟ නඩු දිනය 2020.11.12 යි.

අපට, සුපිරි බැංකුවල, සුපිරි මූල්‍ය සමාගම්වල අයිතිකරුවන් තැන්පත් කරුවන්ගේ මුදල් වංචා කිරිම් ගැන අසන්නට ලැබේ. එහෙත් අසරණයින්ගේ මුදල් වංචා කරන, ඊනියා බැංකු, ඊනියා මූල්‍ය ආයතන ගැන වාර්තා වන්නේ නැත.

රට පුරාම චෙක්පත් උපයෝගී කරගෙන, වංචා සිදුකරනු ලබයි.

එි පිළිබඳව නඩු පැවරීමෙ වගකීම දරන පොලීසිය, රකින්නේ, වංචාකරුවන්ය.

නීතිය ක‍්‍රියාත්මක වන්නේ වංචාකරුවා රැුකීමටය. වින්දිතයා අඛණ්ඩව වින්දිත භාවයට පත්වෙයි. සහනයක් නැත.

දැනට අවුරුදු 74 ක් වූ මෙම ග‍්‍රාම නිලධාරියාට ඇති පැනය, මගේ ජීවිත කාලය තුළ නඩුව ඉවර වෙයිද? යන්නය.

ප‍්‍රජාතන්න‍්‍රවාදය ගැන, මානව හිමිකම ගැන, නීතියේ ආධිපත්‍ය ගැන, යහපාලනය ගැන කථා කරන නෝනාවරුනි, මහත්වරුනි මේවා ගැන කථා කරන්න ඔබට බැරිය. ඔබද මේ ක‍්‍රමයේ කොටස්කරුවන්ය. ලාභ ප‍්‍රයෝජන ලබන්නන්ය.

ඉදිරි මැතිවරණයට, පොලී කාරියින්, බාර් කාරයින්, ෂෙඞ් කාරයින්, බස් කාරයින්,  ..................., .................... ඉන්න බව ඔබ දන්නවා නේද?

ඇති කරවමු නීතිය මත පාලනයක්.

No comments:

Post a Comment