Tuesday, July 21, 2020

ඇමෙරිකාවේ ප‍්‍රතිමා විනාශ කිරීමේ රැල්ලට - ජේසු පිළිරූ ගොදුරු වෙයි.



බ්ලැක් ලයිෆ් මැටර් (BLM) ව්‍යාපාරය සමග, එරට පමණක් නොව එංගලන්තය හා ප‍්‍රංශයේ සිහිවටන විනාශ කිරීම ආරම්භ විය. ඒ ඉතිහාසය විකෘති කරන සුදු ජාතිකයින්ගේ අධි ශ්‍රේෂ්ඨත්වය හුවා දැක්වීමට එරෙහිවය.

ජේසුස් වහන්සේ ද සුදු ජාතිකයින්ගේ අධිශ්‍රේෂ්ඨත්වය පිළිබිඹු කරන්නක් බව ඔවුන්ගේ මතයයි.

පසුගිය දිනක, ඇමෙරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරීඩාවේ, කතෝලික දේවස්ථානයක, ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ ප‍්‍රතිමාවක ගෙල සිඳ දැමීමට පියවර ගෙන තිබින.

මෙම ක‍්‍රියාව, ආගමික වෛර ක‍්‍රියාවක් ලෙසට හැඳින්වේ. මෙය සිදුකරන ලද අය නීතිය හමුවට ගෙන ඒමට, පරීක්ෂණ ආරම්භ කර ඇත.

No comments:

Post a Comment