Tuesday, May 17, 2011

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම හොදම කුසලයයි.



"නොපමාව කුසල් රැස්‌කර සම්බුද්ධත්ව ජයන්ති වෙසක්‌ දිනය අර්ථවත් කරගතයුතු බව, 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක්‌ දින පණිවුඩයක්‌ නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කියා සිටී. කුසල් රැස් කොට අධ්‍යාත්මික වර්ධනය තුළින් බුදුරජාණන් වහන්සේගේ සරණ යැමට අදිටන් කරගතයුතු බවද එම පණිවුඩයේ වැඩිදුරටත් සදහන්ය. "

පාලකයකුට තම පලිතයින් වෙත නිදහස සහ සමානතාවය ළගා කර දියහැකිනම් ඔහුට හෝ ඇයට අමුතුවෙන් සිල් ගැනීම ආදී ලෙස කුසල් රැස් කිරීමේ අවශ්‍යතාවයක් නැත. 

අපි ගවයින් නිදහස් කරමු. හැබැයි සරත් ෆොන්සේකා මහතා සිරගතව සිටියි. මද්යාවේදී ප්‍රවීන් එක්නැලිගොඩ අතුරුදහන්ය. මරාදැමු මද්‍යවේදී ලසන්ත ගැන යුක්තිය ඉටුවීමක් පෙනෙන තෙක් මානයක නැත. මේ ප්‍රසිද්ද පුද්ගලයින්ය. සාමාන්‍ය මිනිසුන් ගැන කතා කළහොත් සිද්දීන් සිය දහස් ගණනකි. 

ජිවිත අහිමුවූ පුද්ගලයින්ගේ ඥාතීන්ට තියෙන එකම සැනසුම යුක්තියයි. යුක්තිය පිළිබද අපේක්ෂාවද අහිමිවීම තරම් අන්කවරක් ඔවුන් දුර්වල කරන්නේ නැත. ඒ නිසා පිඩාවට පත් ජනයාට යුක්තිය ළගා කරදීම වූකලී අත්පත් කරගතහැකි හොදම කුසලයයි. දරුස්මන් වාර්තාවෙන්ද අවසාන වශයෙන් ඉල්ලන්නේ පිඩාවට පත්වූවන් වෙනුවෙන් යුක්තියයි.

අපි රාජාණ්ඩු ගැන කතා කලද අප තවමත් ප්‍රජාතන්ත්‍රවාදී වේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු ලේ වැගිරීමෙන් තොරව සිදු කරන සමාජ විප්ලවයකි. බුදුන් වහන්සේ ලොවට හොදම පාලන රීති එනම් දසරාජ දර්මය සහ සප්ත අපරිහානි දර්ම දේශනා කල වදාල සේක. උන්වහන්සේ ලොව බිහිවූ හොදම ප්‍රජාතන්ත්‍රවාදී නායකයා ලෙස හැදින්වීමේද වරදක් නැත. බුදු දහමට අනුව ප්‍රජාතන්ත්‍රවාදී රටක මාහැගි වටිනාකම් වන්නේ යුක්තිය, නිදහස සහ සමනත්මතාවයි.

බුදුන් වහන්සේ තමන් සරණ යන්නයි කිසිවෙකුටත් බලපෑම් එල්ල නොකළ සේක. උන්වහන්සේ සුනිත සහ සෝපාකට දැක්වුයේ තම පුතු රාහුල තෙරුන්ට දැක්වූ ආදරය සහ කරුනාවයි. උන්වහන්සේ එම ක්‍රියාවෙන් ලොවට හඩ ගා ප්‍රකාශ කලේ සමනත්මතාවයි.

ප්‍රථම පුරවැසියා රැස් කරගත යුතු හොදම කුසලයන් නම් තම ජනතාවට යුක්තිය, නිදහස සහ සමානතාවය අත් කරදීමයි. එවිට සෙස්සන් ඔහු හෝ ඇයව අනුගමනය කර කුසලයන් රැස් කරගනු ඇත.


- හර්ෂි සි. පෙරේරා -

No comments:

Post a Comment