Wednesday, May 11, 2011

නිදන් සොරකම් කල පොලිස් කාරයෝ රට පනින්න පිඹුරුපත් සකසයි.



ගල්ගමුව පොලීසියේ, දැනට රිමාන්ඩ් බාරයේ සිටින, පොලිස් ස්ථානාධිපති ජයතිලක සහ අපරාධ අංශයේ ස්ථානාධිපති චන්ද්‍රසිරි - රට පනින්න හදන බව වාර්තාවේ.

මේ දෙන්නාම පොලිස් පරීක්ෂකවරුය.

ප්‍රදේශවාසීන්ගේ දැඩි උත්සහාය නිසාම මොවුන් දෙන්නාව අත්අඩංගුවට ගන්නට පොලිසියටම සිදුවිය.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අන්දමට මේ පොලිස් කාරයින් , බැකෝ යන්ත්‍ර උපයෝගී කරගෙන හාරා ඇත්තේ ඉපැරණි ආරන්‍යයකට අයත් නටබුන්ය.මේ හෑරීමේදී විශාල , එමෙන්ම ඉතා වටිනා පුරාවස්තු රැසක් විනාශ වී ඇත.සොරකම් කරන ලද පුරාවස්තු ප‍්‍රමාණය මෙතෙකැයි කිව නොහැක. මේ දක්වාම, මෙම පොලිස් කාරයින් දෙන්නා සොරගෙන, විකුණා දමා ඇති පුරාවස්තු ද සොයා ගන්නට පොලීසිය කිසිම උත්සහායක් ගෙන නැත.

කසිප්පු පැකට්ටුවක් සොයන්න අසරණයින් ගේ අත් පා කඩන පොලිසිය - මේ පොලිස් කාරයින් දෙන්නාට නිය පිටින් පහරක් ගසා නැත. ප්‍රශ්ණ කර නැත.

අදටත් විශේෂ පහසුකම් යටතේ අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරයේ වැජඹෙති.මෙම පුරාවස්තු කැනීම් කර ඇත්තේ වගා ලිදක් හාරන මුවාවෙනි.මෙම පොලිස් කාරයින් ආරක්ෂා කරන්නට ඉදිරිපත්ව ඇත්තේ පොලිස් කාරයින්ම පමණක් නොවේ.මොවුන් වෙනුවෙන් ඇප කැපව සිටින නීතිඥයින් බොහෝය. නඩු වාර්තාව පවා නිකුත් නොකර සිටීමට, ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා දැඩි උත්සහායක් ගත්තේය.

පුරාවස්තු සොරකම් කිරීමට චෝදනා ලබන පුද්ගලයින්ට, ඇප දිය හැක්කේ ඉහළ අධිකරණයකින්ය.

මොවුන් ඇප මත නිදහස් කරවා ගැනීමට දැඩි උත්සහායක යෙදෙන අතර, කැනීම් කල බැකෝ යන්ත්‍රය පවා මුදා හැරීමටද උත්සහායක් දරා ඇත.

මහා අධිකරණයක් ඉදිරියේ විභාග විය යුතු, මෙම පුරා වස්තු සොරකම් කිරීමේ චෝදනාවට, පහළ අධිකරණයේදීම වදරකරුවන් බවට පිළිගෙන, අත්හිටවූ දඩුවමක් ලබාගෙන හෝ ඉහළ අධිකරණයකින් ඇප ලබාගෙන විදේශ ගතවීම මේ පොලිස් කාරයින්ගේ අභීප්‍රාය වී ඇත.

මිනී මැරුම් , ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක්වූවන්, නිදහස ලබාගන්නාවූ රටක , නිදන් හොරුන්ව බේරා ගැනීම වරදක්දැයි අසන බොහෝ දෙනා අප අතර සිටිති. පොලිසිය සම්බන්ධ නැති නිදන් සොරකමක් නැතැයි පවසන පුරා විද්‍යා අංශ, සොකරම් කල පුරාවස්තු මේ වන විටත්, විදේශ ගතකර ඇති බවට විශ්වාසය පල කරයි. 

No comments:

Post a Comment