Tuesday, May 3, 2011

වැලිකඩ හිරගෙදර ෆේස් බූක් (Facebook) එකට?



බන්ධනාගාර හිරකරුවන්ගේ සියලූ තොරතුරු පරිගණක ගත කිරීම වැලිකඩින් අරඹන බව බන්ධනාගාර නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා කියයි. වරද, දඬුවම කාලය, පෙර වැරැදි, පවුලේ තොරතුරු, බන්ධනාගාරයේ හැසිරීම අදිය මෙසේ එක්රැස් කෙරේ.

මෙය ඉතා හොදය. මිට සැකකරුවන්ගේ තොරතුරු එනම් රස පරීක්ෂක වාර්තා වල තත්වය, නීතිපති උපදෙස්, පොලිසිය චෝදනා ගොනු කිරීම ආදී සියලු තොරතුරු පරිගණක ගත කළහොත් පමණයි මෙය සිරකරු මිත්‍ර ක්‍රියාදාමයක් වන්නේ.

වරදකරුවන්ට දෙන අවදානයට වඩා වැඩි අවදානයක් සැකකරුවන්ට දිය යුතුයි. ඔවුන්ට අයිතිවාසිකම් රැසක් ඇත. තවද අද වනවිට සැකකරුවන් බොහෝදෙනෙක් වරදකරුවන් මෙන් ඇප ලබාගත නොහැකිව ඉතා දීර්ග කාලයක් සිරගෙදර සිටිති. තවද සැකකරුවන්ට නීති උපදෙස් ගැනීමේ හැකියාව පිළිබදවද මිට ඇතුලත් විය යුතුය.

ඒ වගේම වැලිකඩ හිරගෙදරට ද වෙබ් අඩවියක්, බ්ලොග් එකක් සහ ෆේස් බූක් එකක් ඇත්නම් එයද කදිමය.

අපි දන්නා පරිදි ඉන්දියාවේ ටිහාර් බන්දනාගාරය 2011 පෙබරවාරි 15 වැනිදා සමාජීය ජාල වෙබ් අඩවියක් වූ ෆේස් බූක්හි තමන්ටම කියා පිටුවක් විවුර්ත කරන ලදී.

සෑම දෙයකම යහපත උදෙසා තාක්ෂනය යොදා ගැනීම අද අනිවාර්ය දෙයක් බවට පත් විය යුතුව ඇත.


හර්ෂි සි. පෙරේරා

No comments:

Post a Comment