Monday, May 2, 2011

තවත් ‘මැයි දිනයක්’ ඊයේ සැමරුවේය.

1955 වනතරු - ශ්‍රී ලංකාවේ මැයි දිනය සැමරුවේ කම්කරුවන්ය. මැදි දිනයට - කම්කරුවන් එක්වූයේ වැඩ වර්ජණය කරය. මැයි දිනයත්,මැයි දිනයෙන් පසුවත් - එය කම්කරු අරගලවලට අත්තිවාරම විය. පොලිස් කාරයින්ගේ ප්‍රහාර එල්ල නොවූ මැයි දිනයක් නොවූ තරම්ය.
සහභාගීවූයේ - කම්කරුවන්ගේ වචනයෙන් ‍බොක්කෙනි. පඩි කපාගෙනය. අතින් වියදම් කරගෙනය.
156 බණ්ඩාරනායක - පිලිප් ගුණවර්දන හවුල් ආණ්ඩුව, මැයි දිනය නිවාඩු දිනයක් කළේය.
එතැන් පටන් - මැයි දිනය කම්කරුවන් ගේ දිනයක් නොවීය.
බලයේ සිටින ආණ්ඩුව - බලය  රැකගන්නත්, විපක්ෂ ආණ්ඩුව පෙරලන්නත් යොදා ගත්තේය. ඉන්පසුව - රාජ්‍ය යන්ත්‍රය යොදාගෙන ඔලුගෙඩි එකතු කළේය.
ඊයේ සිදුවූයේ ද එයයි. සංස්ථාවල සේවකයින් බහුතරයක් සහභාගීවූයේ රැකියාව බේරා ගැනීමටය. දහස් ගණනක් ලංගම බස් - හත් අට දෙනා දාගෙන ආවේ සංවිධායකගේ ෆොටෝ එක බසයේ ඉදිරිපස ගසාගෙනය.
සිරිමා කළේත්, චන්ද්‍රිකා කළේත්, ජේ.ආර්කළේත්, ප්‍රේමදාස කළ්ත් අද රාජපක්ෂ කරන්නේත් එයමය.මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක්ද නොවේ. අනෙක් බොහෝ රටවල් ද සිදුකරන්නේ මෙයයි. විශේෂයෙන් සමාජවාදී හෝ ප්‍රගතිශීලී ලේබලය අටවා ගත් - ඒකාධිපති පාලන ඇති රාජ්‍යයන් මෙහි පෙරමුණේ සිටී. චීනය, කියුබාව උදාහරණ වේ.

No comments:

Post a Comment