Wednesday, May 4, 2011

පොලිස් කාරයින්ගේ අපරාධවලට පොලිස්පති වගකිවයුතුයි.



මැයි පළමුවෙනිදා ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දස දෙනෙකු - ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කරනු ලැබූ බව වාර්තා විය.

වාර්තාවලට අනුව මෙම පොලිස් කාරයින් ගේ නීති විරෝධී හැසිරීම, මෙම අත් අඩංගුවට ගැනීමට හේතුවයි.
මෙම සිද්ධියෙන් අවධාරනය වන කරුණු දෙකක් පිලිබඳව සටහනකි.

1. ඇල්පිටිය පොලිස් අභ්‍යාස විදුහලේ පොලිස් කාරයින් මේ ආකාරයට හැසිරුණ පළමු වතාව මෙය නොවේ.

2008 මාර්තු මස 27 ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කාරයින් රංචු ගැසී, මහා පාරේදී ත‍්‍රී රෝද රථ රියදුරෙක් වූ ඹ්.කේ.ඞී.ධර්මවර්ධන ට අතින් පයින් එලව එලවා පහර දුන්නේය.

සිද්ධිය මූලික කරගෙන ඹ්.කේ.ඞී.ධර්මවර්ධන, , හඳුනාගත් ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කාරයින් හත් දෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය.

ඇල්පිටිය පොලිසියේ අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කාරයින් හත්දෙනා ධර්මවර්දනට පහරදීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරිමක් බව නිගමනය කල ශ්‍රේෂ්ඨාධිකරණය, එයට වගකිවයුත්තේ පොලිස්පති බවටද නිගමනය කළේය.

පොලිස්පතිට, ධර්මවර්ධනට රු: 25,000/= ක වන්දියක් ගෙවීමටද සිදුවිය.

පොලිස්කාරයින් ගාස්තු නොගෙවා කුලී රථවල යෑම පුරුද්දක් කරගෙන ඇති බවද ශ්‍රේෂ්ඨාධීකරණය සිය තීන්දුවේ සඳහන් කර ඇත.

2. අද පොලිසිය, කතාකලොත් කියන්නේ මතට තිතතියෙන හැටියි.

මතට තිතසලූව පොරවාගෙන තිතට මත් වී සිටින පොලිස් කාරයින් ගැන මෙවන් සිද්ධියකින් හෝ හෙළිදරව් වීම සතුටට කරුණකි.

අපරාධ හා නිති විරෝධී ක‍්‍රීයාවන් හි - පොලිස් කාරයින් නියැලෙන්නේ පොලිස්පතිගෙන්් ලැබෙන ආශීර්වාදය මත බව අධාරණය කරමු.

ඉහත සඳහන් ධර්මවර්ධන එරෙහි පොලිස්පති ප‍්‍රමුඛ පොලිස්කාරයින් පිළිබඳ නඩ තීන්දුව අනුව, ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ රංචු ගැසී රටවැසියෙකුට පහරදුන් පොලිස් කාරයින් හත්දෙනාට එරෙහිව නිසි නීතිමය පියවර ගෙන තිබුනානම් අද මේ පුවත ඇසෙන්නට සිදු නොවේ.

No comments:

Post a Comment