කොළඹ දිස්ත්‍රික්කයේ - තලවතුගොඩ, මාදිවල, පාර, අංක 56 හි පදිංචි පදිංචිව සිටි, දැනට කොළඹ, වැලිකඩ බන්ධනාගාරයේ - කාන්තා වාට්ටුවේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින, සැක අංක 1110 - කාරියප්පෙරුම රාළලාගේ මල්ලිකා වන මා, බෞද්ධාගම්කාරියක වශයෙන් අවංක ලෙසද, සත්‍ය ලෙසද, ගරුගාම්භීරතාපූර්වකවද පහත සඳහන් කරුණු සත්‍ය හා නිවැරදි බව ප්රතිඥාදී ප්‍රකාශ කර සිටිමි.
01. 1. ඉහත නම් සඳහන් දිවුරුම් ප්‍රකාශිකාව මම වෙමි.
11 . මාගේ වයස අවුරුදු 58යි, උපන් දිනය : 1953. 05.19. විවාහක, දරුවන් 02යි.
111 . මා ශ්‍රී ලාංකික පුරවැසියෙක්මි.
02. මාගේ සැමියා මියගොස් ඇති බවත්, දරුවන් දෙදෙනකු සිටිනා බවත්, ලොකු පුතාට වයස අවුරුදු 38ක් වන බවත්, බාල පුතා අවුරුදු 32ක් වන බවත්, ඔහුද කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ පසුවන බවත් ප්‍රකාශ කර සිටිමි.
03. කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියේ අංක බී 2303 දරන නඩුවේ .බී. වාර්තාවේ - 2008. 06. 05 වන දින,
තංගලම පොලිසියේ පො.සැ.26932 පාදුක්ක, පො.සැ.56739 උපුල්, කා.පො.කො.2719 චමිලා යන නිලධාරීන් විසින් මා අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කර සිටිමි,
04. පළමුව - පො. සැ.56739 උපුල් මාගෙන් හෙරොයින් පැකට් එකක් මිළදී ගත් බවද, කා.පො.කො. 2719 චමිලා මා පරීක්ෂාකර තනපොටේ තිබී හෙරොයින් පැකට් 02ක් සොයාගත් බවද සඳහන් කර තිබෙන බව ප්‍රකාශ කර සිටිමි.
05. තවද - එසේ අත්අඩංගුවට ගත් හෙරොයින් වල ප්‍රමාණය මිලිග්‍රෑම් 140ක් බවද සඳහන් කර ඇති බව ප්‍රකාශ කර සිටිමි.
06.මේ සියලූ කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය බව ප්‍රකාශ කර සිටිමි.
07.2008.06.04 වන දින පස්වරු 5.30 ට පමණ, මාගේ නිවස ඉදිරිපිට හිතවත් අයකු සමග කතාකරමින් සිටියදී,අවරුදු 18 - 19 වයසේ තරුණයෙක් මාගෙන් හෙරොයින් ඉල්ලූ බවත්, මා මත්කුඩු විකුනන්නේ නැති බව ප්‍රකාශ කලද. ඔහු එතැනින් නොගිය බවත්, මා කතාකරමින් සිටි හිතවත් අයද ,කුඩු නැහැ කිව්වා නේද, දැන් යන්න, කියා පවසා සිටි බවද ප්‍රකාශ කර සිටිමි.
08. ඒ සමගම වාගේ, එතනට තලංගම පොලිසියේ සැරයන් උපුල් දුවගෙන ආ බවත්, ඔහු මාගේ නිවසේ සෑම.තැනම පරීක්ෂා කල බවත් ප්‍රකාශ කර සිටිමි.
09.ලිප ලඟට ගොස් ලිප ඇවිස්සූ බවත්, බඩු තියෙනවා කියා පවසා, ලැහැස්ති වෙයන් යන්න, යනුවෙන් පැවසූ බවත් ප්‍රකාශ කර සිටිමි.
10. මාව, මා කතාකරමින් සිටි අයගේ මෝටර් රථයේ දාගෙන තලංගම පොලිසියට ගෙන ගිය බව ප්‍රකාශ කර සිටිමි.
11. එහිදී - පාදුක්ක මහතා මට පැත්තකට කතාකර, රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලූ බව ප්‍රකාශ කර සිටිමි.
12. ඒ වඅස්තාවේ ,මම කොහෙන්ද රුපියල් ලක්ෂ තුනක් දෙන්නේ, පෙරේදා ඉස්පිරිතාලේ ඉඳලා ආවේ, යනුවෙන් මා පවසා සිටි බව ප්‍රකාශ කර සිටිමි.
13. එවිට ඔහු උපුල් නැමැති සැරයන්වරයාට කතාකර, දාන්න තියෙන ඔක්කොම වගන්ති දාලා, තප්පවපන් ඔය ගෑනිව රිමාන්ඞ්, එකේ යනුවෙන් පවසා සිටි බව ප්‍රකාශ කර සිටිමි.
14. උපුල් නැමැති සැරයන්වරයා මාගෙන් රුපියල් දෙසීයයක් (200/=) ඉල්ලූ බවත්, මා නැහැ කියා පැවසූ
පසු, උපුල් හා පාදුක්ක නැමැති නිලධාරීන් රුපියල් සියයක් (100/=) බැගින් පර්ස් එකෙන් අරගෙන දැමූ
බවත් ප්‍රකාශ කර සිටිමි.
15. හෝස් බටයක් ගෙන මට පහර දෙන්න සූදානම්ව අනතුරුව කුඩු පැකට් එකකට ලාකඩ තියා ඇගිලි සලකුණු තියවා ගත් බව ප්‍රකාශ කර සිටිමි.
16.පාදුක්ක නැමැති නිළධාරියා ,දාන්නේ කුඩු පැකට් 2යි, යනුවෙන් පවසා සිටි බව ප්‍රකාශ කර සිටිමි.
17. 2008.05. 06 දින අධිකරණය විසින් මාව 2008. 06. 10 දක්වා රිමාන්ඞ්බාරයට පත්කල බව ප්‍රකාශ කර සිටිමි.
18. 2008. 07. 03 දින පැකට් දෙකක් අධිකරණයට ඉදිරිපත් කරන ලද බව ප්‍රකාශ කර සිටිමි.
19. 2010. 11. 09 වන දින රස පරීක්ෂක වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බව ප්‍රකාශ කර සිටිමි.
20. රස පරීක්ෂක වාර්තාවට අනුව - පොලිසිය අධිකරණය මගින් රස පරීක්ෂකට ඉදිරිපත්කල පැකට්වල හෙරොයින් අඩංගු බවට සඳහනක් ඇති බවත්, නමුත් කොපමණ ප්‍රමාණයක්ද යන්න සඳහන් කර නොමැති බවත් ප්‍රකාශ කර සිටිමි.
21. 2010. 02. 07 වන දින, පොලිසය උධෘත ගොනුකර, නීතිපතිවරයාට යොමු කරන ලද බව ප්‍රකාශ කර සිටිමි.
22. මේ දක්වාම - එනම්, 2010’ 12’ 07 වන දින සිට මේ දක්වාම නීතිපති සිය උපදෙස් එවා නොමැති බව ප්‍රකාශ කර සිටිමි.
23. මා බරපතල හෘදයාබාධයකින් පෙලෙන්නෙක් වන බවත්, හෘදය වස්තුවේ සිදුරක් ඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කරන බවත්, ඒ සඳහා කලයුතු ශෛල්‍යකර්මයට රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බවත් ප්‍රකාශ කර සිටිමි.
24. දැනට මා රක්ෂිත බන්ධනාගාර ගතවී වසර 02 මාස 07කට ආසන්න වන බව ප්‍රකාශ කරසිටිමි.
25. නීතිපතිවරයා ගේ උපදෙස් නොලැබීම නිසා මාහට ඇප ලබාගැනීමට නොහැකිව තිබෙන බව ප්‍රකාශ කර සිටිමි.
26. ඇප ලබාගැනීම සඳහා ඉහළ අධිකරණයට යාමට මට වත්කමක් නොමැති බව ප්‍රකාශ කර සිටිමි.
27.මාගේ හෘදයාබාධයට අදාල ශෛල්‍යකර්මය කරගැනීමට නොහැකිව මා ඉතා කෙටි කලකින් මියයනු ඇති බව ප්‍රකාශ කර සිටිමි.
28. මාහට පෙර වැරදි ඇති බව පිළිගන්නා බවත්, නමුත් 2008. 06. 04 දින නිර්දේෂී මා අත්අඩංගුවට ගෙන,
රුපියල් ලක්ෂ තුනක් ලබාගැනීමට තලංගම පොලිසියේ පාදුක්ක නැමැති නිළධාරීවරයා ගන්නා ලද උත්සහාය
ව්‍යාර්තවීම නිසා මා රිමාන්ඞ් භාරයට පත්කරන ලද බවද ප්‍රකාශ කර සිටිමි.
මට කීමට ඇත්තේ එපමණයි.
ඉහත නම් සඳහන් දිවුරුම් ප්‍රකාශය ප්රතිඥාකාරිය
ප්රතිඥකාරියට කියවා තේරුම්කර
දීමෙන් පසුව ර්ණ තේරුම් ගෙන ර් දිනදී” මා ඉදිරිපිටදී
හිදී මා ඉදිරිපිටදී ර්
අත්සන් තබන ලදි’ සමාදාන විනිශ්චයකාර
No comments:
Post a Comment