Monday, February 7, 2011

මිරිහාන පොලිස් වධකයින් සහ වධකාගාර


වැහැර ගෙදර රංජිත් සුමංගල, අවු: 36යි, විවාහක, දරුවන් 02යි, රැකියාව: ටින්කරින් - මා 1999 දී හමුදාවෙන් නීත්‍යානකූලව ඉවත්වූ අයෙකි.

ලිපිනය : 18, කුරියවෙල ජනපදය, උකුවෙල.
වන මා මෙසේ ප්‍රකාශ කර සිටිමි. 2011. 01. 06 දිනදීය.

2010. 12. 15 වන දින, 137/2, බෙලිඅත්තවිල, කිදෙල්පිටිය, මිල්ලෑව වන මා පදිංචිව සිටි නිවසේ සිට, කහවල වැඩකරන ගෙදරට ත්‍රී රෝද රථයකින් යන අතරතුර, යටවතුර පාරේ, ¨පිස්කල් මහත්තයලාගේ¨ නිවස අසලදී, යතුරු පැදි හතරකින් පැමිණී පිරිසක් ත්‍රී රෝද රථය හරස්කර නැවැත්වූවා.

මා ගමන්ගත් ත්‍රී රෝද රථය පැදවූයේ චන්දන නැමැති අයයි.එම යතුරු පැදිවල සිටි දෙන්නෙක් දෙපැත්තනේ ත්‍රී රෝද රථයට ගොඩවුනා. ඔවුන් දෙන්නා දගලන්න එපා, මරණවා කියා මගේ හා චන්දනගේ ජංගම දුරකථන දෙක ඉල්ලා ගත්තා.

යතුරුපැදි හතරෙන් පැමිණී 08 දෙනාගෙන් එක් අයෙක් මා හොදින් දන්නා හමුදාවේ විශ්‍රාමලත් නිලධාරී අජිත් වනසුන්දරය. සියලු දෙනා සිටියේ සිවිල් ඇදුමින්ය. පැමිණි අය අතරින් තිදෙනෙක්ව දුටවොත් අදුනන්න පුලුවන්.

ඔවුන් හොරණ දෙසට ත්‍රී රෝද රථය ගෙනියන්න කිව්වා. යතුරුපැදි හතරද, ඒ සමගම අපව වටකරගෙන ආවා.

ඒ පාරේ, දඹර සුසාන භූමිය ඇතුලට ත්‍රී රෝද රථය හරවන ලෙසට නියම කලා.

දඹර සුසාන භූමියේ පාරට නොපෙනෙන දුරට ගෙන ගිහින් නතර කරවූවා. මම ඇද සිටි ටීෂර්ට් එක එම දෙන්නා ගලවා මගේ ඇස් බැන්දා.

එයින් පසු මාගේ කලවාවලට සපත්තු දාපු පාදවලින් ගැහුවා. පාරවල් විස්සක් විතර ගහන්න ඇති. මගේ කකුල් හිරිවැටුනා.

ඉන්පසු කාටද - සර් අල්ලා ගත්තා යයි කිව්වා. ඉන්පසු විනාඩි 30- 40 ක් විතර ඉන්නකොට, දුරකථන පණීවුඩයක් ලැබුනා. මට ඇහුනා ඕකාව වෑන් එකට ගේන්න කියනවා. මාව වෑන් එකට අරන් ගියා. වෑන් එකේ සීට් එක හරහට මාව දාලා අත්පිටුපසට කරලා මාංචු දැම්මා. මගෙන් ඇහුවා උඹ ඉන්න තැන දන්නවා නේද කියා. මම ඔව් කිව්වා. එතැන තිබුනේ දඹර මිනී කනත්තයි. ඔවුන් කිව්වා මෙතන වලලා යනවා කියා.

මගෙන් ආමි එකෙන් එනකොට ගෙනාපු රිපිටර් එක දීපන්, ඒක කොහේද තියෙන්නේ කියා ඇහුවා. මගේ ලග රිපීටර් එකක් නැති බව මම ප්‍රකාශ කලා. එවිට මගේ මුහුණ වැහෙන්න ෂොපින් බෑග් එකක් දමා ගැටගැහුවා. එ‍්කේ මිරිස් කඩු තිබිලා මට හුස්ම ගන්න බැරි වුනා. මැරෙන්න යනවා වගේ දැනුනා.  

ඒ විදිහට හතර පස් වතාවක් මගේ මුහුණට මිරිස් කුඩු ඇල්ලුවා. ඒ විදිහට මිරිස් කුඩු අල්ලන ගමන් මගේ මුහුණට මිටි මොලවා අතින් පහර දුන්නා.

මගේ ලග තුවක්කු නැති බව මා කියා සිටියා. එහෙනම් අජිත් ජයසුන්දරගේ ගේ කඩලා ගත්තු රත්තරන් බඩුයි සල්ලියි ‍කොහේද කියා ඇහුවා.

මම එහෙම හොරකමක් කරලා නැහැ කියන විට මට දිගටම අතින් පයින් ගැහුවා. ඇද සිටි කලිසම්වල බෙල්ට් වලින් ගැහුවා.  මෝල් පටි වලින් හා රබර් පටි වලින්ද බහර දුන්නා.

එයින් පසුව වාහනය පිටත් වුනා. යන අතරතුරද, මට පහර දුන්නා. මම දන්නේ නැහැ කොහේ ගෙනිච්චද කියා. එසේ යන අතර තැනක නැවැත්වුවා. මට ඇහුනා කෙනෙක් කියනවා හස්තිගිරියෙන් කාලා යන් කියා. හස්තිගිරිය කියන්නේ මීපේ තියෙන හෝටලයක්. මේ වන විට මාව වෑන් එකේ සීට් එක යටට දාලා තිබුනේ.

වාහනය යම් වෙලාවක් සිට නැවත පිටත්වුනා. කොච්චර වෙලාවක් නතර කරගෙන හිටියද කියන්න තේරුමක් නැහැ.

මාව එක් තැනකදී වෑන් එකෙන් බිමට ඇද දමා නැගිට්ටවා තැනකට ගොස් නාපන් කියා ඇස් දෙක ලිහිව්වා. එතැන වැසිකිලි හතක් හා නාන්න ෂවර් තුනක් තිබුනා.

මම අමාරුවෙන් ඇදුම් ඉවත්කර නාගත්තා. කලිසම හා ටීෂර්ට් එක සෝදා ගත්තා. මට මළ මුත්‍ර ගිහිල්ලා තිබුනා. සෝදාගත් තෙත ඇදුම් යලිත් ඇදගත්තා.

නැවත මට මාංචුදමා ඇස් බැන්දා. මම නානකන් පස්දෙනෙක් විතර වට කරගෙන හිටියා. ඒ අය මාව අල්ලාගත් අයයි.

නැවත මගේඇස් බැද, මාව ඇදගෙන ගොස් මට කිව්වා දැන් පඩිපෙලක් තියෙනවා, නැගපන් කිව්වා. ඒ තට්ටුවට නැග්ගට පස්සෙ දෙවෙනි තට්ටුව නැගපන් කියා තවත්පඩිපෙලක් නැග්ගුවා.

මා යම් තැනකට ගොස් බිම වාඩි කෙරෙව්වා. මට හිතුනා එම ස්ථානය යම් ගොඩනැගිල්ලක් කියා. මා සමග ත්‍රී රෝද රථයේ ගමන්ගත් චන්දනවද එම ස්ථානයට ගෙනවත් තිබුනා. ඔහුට මොනවා කරාදැයි මා දන්නේ නැහැ.

මම වතුර ඉල්ලුවා. එවිට මගේ කම්මුලට ගැහුවා. එහිදී නැවත මට මිරිස් කුඩු දාපු ෂොපින් එක ඔලුවට දැම්මා.

එවිට මට කිව්වා උඹට කේස් 15ක් තියෙනවා, ඒ 15 ම කියපන් කිව්වා. මම කිසිවක් නැහැ කියනවිට ඒ හැම පාරටම මට පහරදී මිරිස් කුඩු දැම්මා. මගේ කලවා දෙක උඩට දෙන්නෙක් නැගලා කියපන් කියපන් කියමින් කකුල් දෙක උඩ දැගලුවා.

මට ඉවසා ගන්න බැරි තැන මරයි කියන බයට අජිත් වනසුන්දරගේ ගෙදරින් ගත්ත රත්තරන් බඩු ගෙදර කෙසෙල්ගහක් ලග වලලා තියෙනවා කියා කිව්වා. මගේ මස්සිනාගේ ගෙදර කඩලා ගත්ත ටී.වී එක, කැසට් එක, වී.සී.ඩී එකද ගෙදර තියෙනවා කිව්වා. ඒ කිව්වේ බොරු.

එහෙම කිව්වේ ගහන එක නතර කරන්නයි. මට කන්න දුන්නේ නැහැ. වතුර ටිකක්වත් දුන්නේ නැහැ.

පසුදා උදේ (16 දින) බඩු ගේන්න යමන් කියා වාහනයකට දාගත්තා. ඒ වන විටත් මගේ ඇස් බැදලා මාංචු දාලා තිබුනේ. මට මල මුත්‍ර ගිහිල්ලා තිබුනා.

ඒ ඇදුම් පිටින්ම තමයි ගෙනිච්චේ. ගෙදරට ගෙනහිල්ලා ඇස් දෙක බැදලා තිබුනා. ටීෂර්ට් එක ගලවා ඇන්දෙව්වා. එවිට යාන්තමට එලිය වැටිලා තිබුනා. මම දැක්කා අජිත් වනසුන්දර ද එතන ඉන්නවා.
මාව පැත්තකින් තියලා මගේ බිරිදට කතාකලා. බිරිදගෙන් ගෙදර තිබුනු ටී.වී එක, වී.සී.ඩී. එක ගැන විස්තර ඇසුවා.  ගෙදරදි මම කිව්වා මම කිව්වේ බොරු, මේ ටී.වී. එක, වී.සී.ඩී එක කැසට් එක ළමයින් වෙනුවෙන් සල්ලිවලට ගත්ත එවා කියා. ඒවායේ රිසිට් ඇහුවා. මගේ බිරිද සියලුම ඒවායේ රිසිට් ගෙනවිත් පෙන්නුවා. මම බොරුවට බඩු වැලලුවා කියා පැවසූ කෙසෙල් ගහ ලග රාළහාමි කෙනෙක් හෑරුවා. කිසිත් නොලැබුනු නිසා ගෙදර පිටිපස්සේ දොරට දාන 2¨×1¨ අඩි 3 1/2  පමණ දිග කොස් පොල්ල අරගෙන මට ගැහුවා. ශරීරයේ හැම තැනටම ගැහුවා. ඒක කැ‍ඩෙන කම්ම ගැහුවා.

එයින් පස්සේ, වත්තේ තිබූ අඩි 4 ක් විතර දිග අඩි  1 ½ පමණ වට රවුම් ඇති ඇල්බීසියා පොල්ලකින් මගේ උරහිස් දෙකට ගහගෙන ගහගෙන ගියා. බිරිද ළමයි කෑගහනකොට ඔවුන්ව තල්ලු කරගෙන ගොස් කාමරයකට දැම්මා. තර්ජණය කලා බලන්න එන්න එපා, එවන්නෙත් නැහැ කියා.

ගෙදරදි බැද තිබූ ඇස් ගලවන විට මම දැක්කා වෑන් එකේ ඉස්සරහා ඉන්නවා නිළ ඇදුම් ඇදගත්, තරු දෙකක් තියෙන නිළධාරී මහත්තයෙක්. ඔහු තමයි මගේ බිරිදට කිව්වේ එන්නත් එපා එවන්නෙත් නැහැ කියා. තව 8 දෙනෙක් හිටියා. ඒ අය හිටියේ සිවිල් ඇදුමින්.

මාව දෙන්නෙක් අල්ලාගෙන ඇවිත්, නැවත වෑන් එකට දමා ඇස් බැන්දා. නැවත ගෙන ආවා. මා මේවනවිට තේරුම් අරගෙන හිටියේ මම ඉන්නේ මිරිහාන පොලිසියේ කියා.

16 දින චන්දනව මුදාහැර තිබෙනවා.

නැවත 17 දිනද මට විවිධ සිද්ධි කියමින්, විවිධ  පුද්ගලයින්ගේ නම් කියමින් මගෙන් පහරදී ප්‍රශ්ණ කලා.

එහිදී නිවස අසල පදිංචි නිමල් ජයසේන හා චමින්ද යන අයවද පොලසියට ගෙන ආවා. නිමල් හා චමින්ද යන දෙන්නා මීට පෙර සොරකම්වලට චෝදනා හා නඩු තියෙන අය.  ජයසේන කියන්නේ නිමල් යන අයගේ මල්ලී. මේ අයත් මමත්, සොරකම්වලට සම්බන්ධ බවට ප්‍රකාශ ලියා ගත්තා.

එයින් පස්සේ මා හා නිමල්ව එකට තියා මාංචු දැම්මා. චමින්ද හා ජයසේන එකට තියා මාංචු දැම්මා. හතරදෙනාවම උඩ තට්ටුවෙන් පහළට ගෙනත් පාර අයිනට වෙන්න තිබුන පරණ ගොඩනැගිල්ලකට ගෙන ආවා. එය වධකාගාරය ලෙසට හැදින්වූවා.

එම ගොඩනැගිල්ලේද, එක් එක් කෙනාට අත් පිටුපසට තබා මාංචු දමා වෙන වෙනම කාමරවලට දැම්මා. එම කාමරවලදී නැවත රබර් පටි වලින් පහර දුන්නා.

පැය 02ක් විතර එහිදී හතර දෙනාටම පහර දුන්නා. නැවත උඩ තට්ටුවට ගෙනිච්චා. එහිදී එක් අතකට හා කකුලකට මාංචු දැම්මා. කෑම වතුර දුන්නේ නැහැ.

ඊට පසුවදා (18 දින), නැවත වධකාගාරයට ගෙන ගියා. එහිදී මට නිමල් කෑගසනවා ඇසුනා. ටික වේලාවකින් මාව නිමල්ව එල්ලා තිබුන තැනට ගෙනිච්චා. නිමල් ඇයි බොරු කියන්නේ කියා මගෙන් ඇහුවා. නිමල්ව බෑවා. මාව එල්ලුවා. එල්ලුවේ පිටිපස්සේ අත්දෙක ගැටගහලා. බාල්කයක එල්ලුවා. එල්ලපු දෙන්නා යන්න ගියා.

පැය ½ විතර යනතොට, නිළ ඇදුම් ඇදගත්ත තරු 02 තියෙන නිළධාරීවරයා ඇවිත් ඇත්ත කියපන් කිව්වා.මම කිව්වා මම හොරකම් කරලා නැහැ කියා. ඔහු යන්න ගියා.

නැවත ටික වේලවකින් ඇවිත් ඇත්ත කියන්න කිව්වා. මම හොරකම් කරලා නැහැ කිව්වා. නැවත ගියා.

නැවත පොතක් අරගෙන ඇවිත් එහි ලියා තිබූ කේස් වලින් පිළිගන්නේ මොනවද කියා ඇහුවා. කේස් 21ක් තිබුනා. මම කිසිවක් කලේ නැති බව කිව්වා.

පසුව මාව බාන්න කිව්වා. නාවලා  කන්න දෙන්න කිව්වා.

සිවිල් ඇදලා සිටි අයෙක් මාව නාන්න ගෙනිච්චා. මට නාන්න බැරිවුනා. නිමල් මාව නෑව්වා.

නැවත වධකාගාරයට ගෙන ගියා. එහිදී හතරදෙනාටම ශාරීරික ව්‍යායාම් කරන්න කිව්වා.

නැවත උඩුමහලට ගෙන ගියා. පිටුපසට තබා මාංචු දමා බිම වාඩිකෙරෙව්වා.

රාත්‍රී 7.30 ට පමණ, හතරදෙනාවම එක තැනකට ගෙනවිත් රබර් පටියකින් පහර දුන්නා. ඒ පහර දුන්නේ නිල ඇදමින් හිටි තරු 2ක් සහිත නිළධාරියා. පහරවල් විස්සක් තිහක් වෙන්න ඇති. එම පාරවලට මගේ ශරීරය තුවාල වුනා.

පසුවදා (19) උදේ පොලිස් ස්තානයේ (පහළ මාලය) කූඩුවලට ගෙනවිත් දැම්මා.

එදින සවස 5ට විතර අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධීකරණයට ගිහින් රැදවුම් නියෝග ගත්තා.

එහිදී 21 උදේ 9.00ට මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරපත් කරන්න නියම කලා.

නමුත් 21 උදේ අධීකරණයට ගෙන ගියේ නැහැ. එදා මා හා අනෙක් තිදෙනාව උඩුමහලට ගෙනගිහිල්ලා කාමර වෙන්කර තිබූ පාටිෂන්වල රබර් පේන්ට් ගෑවෙව්වා.

රාත්‍රියේ නැවත පොලිසියේ කූඩුවලටදැම්මා.

පසුදින (22 දින) කූඩුවේම හිටියා. එදින ආහාර ලබාදුන්නා. එදින අධිකරණයට ගෙනිච්චේ නැහැ. ඊට පසුදින (23) සවස 3.30ටවිතර අධීකරණයට ගෙන ගියා.

එහිදී මාව හා අන් අයව රුපියල් 50.000/= බැගින් ශරීර ඇප මත මුදාහැරියා. මට විරුද්ධව සොරකම් නඩු හතරක් දාලා තිබුනා.

මේ සදහා, විනිසුරුතුමා විශේෂයෙන් අධීකරණයට ඇවිල්ලා තිබුනා.

ඒ වන විට කාර්යාලය වසා තිබුනු නිසා, ඇප තියන්න බැරිවුනා. මාව හා අනෙක් තිදෙනාව කුරුවිට බන්ධනාගාරයට ගෙන ගියා.

මට පොලිසියෙන් පහරදුන්න බව බන්ධනාගාරයේදී ප්‍රකාශ කලා. පසුදන (23) බන්ධනාගාරයෙන්ද මාව පරීක්ෂා කලා. පැනඩොල් පෙති 2ක් දුන්නා.

23 සවස 4.00 ට පමණ නැවත අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධීකරණයට, ත්‍රී රෝද රථයකින් ගෙන ආවා.

අධිකරණයේදී අපි නිදහස් වුනා.

24දා දේ මා මාගේ මව්පියන් ගේ නිවසට ගියා. මට එහිදී අසනීප වුනා.

25 දින මාතලේ දිසා මහා රෝහලට ප්‍රතිකාර ගන්න ගියා. මාව 13 වාට්ටුවේ නවත්වා ගත්තා. රෝහල් පොලිසියට සිද්ධීය ප්‍රකාශ කලා.

අධිකරණ නිලධාරීවරයා පරීකෂා කලා. තවත් පරීක්ෂණවලට නියම කලා.

දැනටද මට සුවයක් නැහැ. ස්නායු වලට හානිවී ඇති බව වෛද්‍යවරු පවසනවා. වම් අතින් කිසිම වැඩක් කිරීමට බැහැ. අත පණ නැහැ. මට මාගේ රැකියාව කරගැනීමටද නොහැකිව අසරණව සිටිනවා.


 රංජිත් සුමංගල
සටහන-
මිරිහාන ෙපාලිසිය ෙහාරණ ම. අධිකරණෙය් ෙසාරකම් ෙචාදනා යටෙත් ෙගානු කල B- වාර්තාවට මෙහ්ස්ත්‍රාත් සිතාසි නිකුත් කෙළ්ය. ඒම සිතාසියට අනුව ඔහු 2011.01.28 දින උසාවියට අා‍ෙව්ය. උසාවියට පැමිණි රංජිත්ව මෙහ්ස්ත්‍රාත් රිමාන්ඩ් බාරයට පත්කෙළ්ය.

I must express my concern over magistrates issuing orders of remand, mechanically, simply because the police want such orders made. I cannot go better than to quote the words of my brother, Dheeratatne, J., said in connection with magistrates issuing warrants of arrest (in the case of Mahanama Tilakaratme vs. BandulaWickramasinghe, 1999 1 Sri L.R. 372) ; Magistrates should not issue remand orders '' to satisfy the sardonic pleasure of an opinionated investigator or a prosecutor'' (at pg.382). Remanding a person is a judicial act and as such a Magistrate should bring his judicial mind to bear on that matter before depriving a person of his liberty.

  SC (Application)
  No : 488/98

1 comment:

  1. oh....my god.........!!!!!!!disgusting.......

    ReplyDelete