Monday, February 28, 2011

තෝමස් ශිෂ්‍ය නායකයින් වදකයින් වූ වගයි..





ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් 17 දෙනෙකු එහි සිසුන්ට නවකවදය දී ඇත. බරපතල වදයට ලක් වූ ඩි.එන්.ප්‍රනාන්දු සිසුවා සියදිවි නසා ගැනීමට උත්සහ කල බව වාර්තා වේ.

මෙම අපරාදය සිදු කල ශිෂ්‍ය නායකයින් අතර නීතිඥ නලින් ලද්දුවහෙට්ටිගේ පුත් ප්‍රදාන ශිෂ්‍ය නායක විනුර ලද්ද්දුවහෙට්ටිද මෙතොදිස්ට් විද්‍යාලයේ විදුහල්පතිනියගේ පුත් අශ්වින් ඩයස් ද වේ.

මෙම අපරාදයට බදුන් වූ ළමුන්ගේ දෙමාපියන් මේ ගැන නීතිමය පියවර ගැනීමට ඉදිරිපත් නොවීම සහ මේ අපරාදය හෙළි නොකිරීම ඉතා බයානකය . ඒවගේම එය අපරාදයක් වසන් කිරීමක්ද වේ. අපරාදය වසන් කිරීම පාසලේ නම කැත නොකිරීමට කලද එය සමස්ත සිසු පරපුරටම කරන හානියකි.

අපි නැවත නැවතත් මතක් කර දෙන්නේ පාසැල ළමයින්ගේ බවය. පාසල්වල බලදාරින්ගේ ආශීර්වාදය මද ශිෂ්‍ය නායකයින් සිදුකරන මෙම අපරාද තොමස් විද්‍යාලයේ පමණක් නොව බොහෝ පාසල් වල සිදුවේ. දැන් එය ඉතා දරුණු තත්වයකට වර්දනය වී ඇත. මෙය වැලැක්විය හැක්කේ නිසි දඩුවම් පැමිණ වීමෙන් පමණි.



හර්ෂි.සි.පෙරේරා

No comments:

Post a Comment