Friday, February 11, 2011

බත් කොලය (ලන්ච් ෂීට්) බලෙන් ගිල්ලවු නරුම විදුහල් පති.



තම දිවා අහාරය ‍රැගෙන එන කෑම පෙට්ටිය, කැඩී ඇත් බැවින් එම අහාර මත බත් කොලයක් තබා 11 වන ශ්‍රේණියේ මෙම දැරිය පසලට පැමිනියේ වෙනදා මෙන්ය. මෙම නරුම මුල් ගුරුවරයා මෙය දැක එම දැරියට එම බත් කොලය (ලන්ච් ෂීට්) බලෙන් කන්න කීවේය. මෙම දැරිය බැගැපත් විය නමුත් ප්ලක් වූයේ නැත. මෙම විදුහල් පතියා නොදන්නා කාරනයක් ඇත. මේ විදුහල් පතියා දෙහිවල සත්තුවත්ත්ට ද ගොහින් නැත, සත්තුවතේ ලොකු පුවරුවක මෙසේ සටහන්වේ. පොලිතීන් මිනිස් සිරුරට මෙන්ම සත්වයින්ටද, අහිතකරවේ. දැන් සියල්ල සිදු වී හමාරය. විදුහල් පතියා පොලීසියේය. පොලීසියේ හැටිත් අපි හොඳට දනිමු. මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වේද?.......

මූලාශ්‍ර:

http://www.lankadeepa.lk/2011/02/10/front_news/07.htm

http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=7863:2011-02-10-14-26-48&catid=3:news-right

2 comments:

  1. සිද්ධියට මුහුණ දුන් දැරිය ගැන මාගේ බලවත් කණගාටුව!

    අපේ කාලෙත් දඩබ්බර කොල්ලෝ මට්ටු කරන්න ඕනේ තරම් දඩුවම් දීලා තියෙනවා. ඒවා එයාලා (දඩුවම් විදපු අය) බාර ගත්තතා. අම්මලා තාත්තලා ගෙන්නලා මාධ්‍ය ගෙන්නලා උද්ඝෝෂන කලේ නෑ....

    අනික මේක අපි ලංකාදීප හෝ දිවයිනෙන් හා විද්්‍යුත් මාධ්‍ය වලින් දැක්කේ සියලු ලමුන්ට විදුහල්පති දුන් නියෝගයක් විදියට.

    1 මේ අඩවිය පවත්වාගන යන්නා කිසිදු ගුරුවරයෙකුගෙන් කිසිදු දඬුවමක් විද නැති අයෙක්ද?
    2 මේ අඩවිය පවත්වාගන යන්නාට ගුරුවරයා යම් පැවරුමක් දී අනෙක් දවසේ එය නොකර පැමිනිවිට, ගුරුවරයා කලේ නැති අය පාසල් ඇවිත් වැඩක් නෑ ගෙදර ඉදලා අම්මාලා තාත්තලාට උදව් වෙනවා කියා පැවසුවොත්, ඔබ පාසල් නොයා ගෙදර ඉන්නවාද?
    3 ඒ පන්තියේ අනිකුත් දරුවන් බත්කොල අනුභව නොකලේ ඇයි?

    සැරවැර නොවී ඉල්ලන සියල්ල ලබාදී හදන ලමයා හොඳ ලමයෙකු පමණක් වීමේ ප්‍රවණතාව ඔබගේ දැක්මට අනුව පැහැදිලි කරන්න....

    අසාධාරනය වෙනුවෙන් පෙනීසිටීම හොද දෙයකි එනමුත් එය අතිශයොක්තියකින් පෙන්වා ඔබ කරන්නේ ඔබගේ ඕනෑඑපාකම් පිරිමසා ගැනීමයි....

    "පොලිතීන් මිනිස් සිරුරට මෙන්ම සත්වයින්ටද, අහිතකරවේ." ඔව් ඔබ එය දැනගෙන සිටීම විශාල දෙයකි.

    පොලිතීන් පරිසරයට කරන විනාශයත් එමගින් මදුරුවන් බෝවී අපට වුනු වින්නැහියත් පාඩමක් කොට ගෙන මේ අණ දුන්නා යැයිද අපට සිතිය හැක.

    එබැවින් එය මුලු මහත් පාසලත් අවට පරිසරයත් ගමිවාසීනුත් මරණයේන් ගලවා ගැනීමට ගත් පියවරක් ලෙසද දැකිය හැක.

    විදුහල්පති දැරියත් සමග වූ පෞද්ගලික අමනාපයකට ඔහු එසේ කලා යැයි කීමට ඔබට සාක්ෂි තිබේද?

    මේ අනුව විදුහල්පති වරදක් කලා නම්  ඔහුට විරුද්ධව කටයුතු සිදුවනු ඇත.

    නමුත් ඔබට අනුව දැනටමත් වගක් විභායක් වත් නැතුව ඔබ විසින් විදුහල්පති වරදකරු කර හමාරය!!!

    ReplyDelete
  2. මේ ඉහත කොමෙන්ටුව පල කර ඇත්තේ ඉහත සිද්ධියට සම්බන්ධ විදුහල්පතිවරයාද?
    මේ ඇනොනිමසයා කවරෙකු වුවත් සිදු වී ඇති ක්‍රියාව සාධාරණීකරනය කරන්නට තැත් කරන අයුරු පිලිකුල් සහගතය.
    ඉහත ලිපියේ කිසිම අතිශයෝක්තියක් මට නම් නොපෙනේ. සිදුවී ඇති දෙය රටම දැන් දනියි.

    පොලිතීන් භාවිතය නරකය.
    පාසලට පොලිතීන් ගෙන ඒම තහනම් කොට ඇත.
    එක් දරුවකු සාධාරණ හේතුවක් මත දිනක් පොලිතීන් කොලයේ ආහාර රැගෙන එයි.

    වරදකට දඬුවම් දීම කැපය.
    නමුත් මෙහෙව් දඬුවම්????

    පොලිතීන් කැබලි ශරීරගත වීමෙන් දරුවාගේ ජීවිතයට හානියක් වුණි නම්, ඔබගේ 'සිද්ධියට මුහුණ දුන් දැරිය ගැන මාගේ බලවත් කණගාටුව!' මක් කරන්නද?

    ReplyDelete